(ඩයනා උදයංගනී)
රට තුළ පැවති තත්ත්වය හේතුවෙන් දිගු කාලයක් පාසල් වසා තිබූ බැවින් මෙවර අ.පො.ස උසස් පෙළ විභාගය කල්දැමීමට තීරණය කළ බව අධ්‍යාපන ඇමති ඩලස් අලහප්පෙරුම මහතා පැවසීය.
ඒ අනුව අගෝස්තු මස 5 වැනිදා ආරම්භ කිරීමට තිබූ එම විභාගය සැප්තැම්බර් 7 වැනිදා ආරම්භ කිරීමට තීරණය කර ඇතැයි ඇමතිවරයා කීවේය.
මෙවර උසස් පෙළ විභාගය සැප්තැම්බර් මස 7 වන දින සිට ඔක්තෝබර් 2 වන දින තෙක් පැවැත් වීමට නියමිත බව ද ඇමතිවරයා සඳහන් කළේය.
අගෝස්තු මාසයේ පැවැත්වීමට නියමිතව තිබූ 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය ද සැප්තැමබර් 13 වැනිදා පවත්වන බව හෙතෙම කීවේය.
අගෝස්තු මස පාසල් නිවාඩු කාලය සැප්තැම්බර් මාසයට කල්දමා විභාගවලට පෙනී සිටින දරුවන්ගේ අධ්‍යාපන කටයුතු වෙනුවෙන් අගෝස්තු මාසය වෙන්කරන බව ද ඇමතිවරයා පැවසීය.
ඔහු මේ බව පැවසුවේ අධ්‍යාපන අමාත්‍යාංශ ශ්‍රවණාගාරයේදී පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
උසස් පෙළ - ශිෂ්‍යත්ව විභාග සැප්තැම්බර් දක්වා කල්යයි