(කාංචන කුමාර ආරියදාස)
පවතින පොහොර හිගය පාලනය කිරීම සඳහා ලංකා පොහොර සමාගම මගින් දඹුල්ල රජයේ පොහොර ගබඩාවේදී එක ගොවියකුට පෝර මිටි දෙක බැගින් අලෙවි කිරීමේ වැඩපිළිවෙළ අද (8) උදෑසන ආරම්භ කර තිබිණි.
දින ගණනාවක් තිස්සේ තම වගාවන් වලට පොහොර නොමැතිව අළුයම් කාලයේ සිට දිගු පෝලිම් වල ගොවීන් රැඳී සිට පොහොර නොමැතිව නැවත ගමන් කිරීම සහ පොහොර හිගය පිළිබඳව දිගින් දිගටම ජනමාධ්‍ය මඟින් පෙන්වා දීමත් සමඟ රජයේ අවධානය යොමු වී තිබේ.
ඒ අඩුව ලංකා පොහොර සමාගමේ නිලධාරීන් තමන්ට ලැබී ඇති පොහොර සියයට හයක කොටා වෙන් ගොවීන් සඳහා එක හැඳුනුම්පතක ට පොහොර මිටි දෙක බැගින් ලබා දීම මේ දී සිදුකෙරිණි.
එම පොහොර තොග මිලදී ගැනීම සඳහා ද දිගු පෝලිම් වල ජනතාව රැඳී සිටින අයුරු දැක ගැනීමට හැකිවිය.
පෝලිම් වල සිටින ජනතාව රජය දැඩි දෝෂ දර්ශනයට ලක් කරමින් කියා සිටින්නේ තම වගාවන් වලට ප්‍රමාණවත් පොහොර සහ අවශ්‍ය පොහොර මෙම ස්ථානයේ ද නොමැති බවය .
පෝර මිටි දෙකක් ලබාගෙන තම වගාවන් වලට ප්‍රමාණවත් නැති බව ගොවීහු පැවසුහ .
පොහොර සමාගම මගින් මෙදින ලබාදෙනු ලබන්නේ යූරියා පොහොර සහ ලූණු පොහොර එළවලු පොහොර පමණක් බවත් මේ දිනවල වගා ආරම්භ කිරීමට ගොවීන්ට වැඩි වශයෙන් අවශ්‍ය වී ඇත්තේ මඩපොහොර බව ගොවීහු පැවසුහ .
එහිදී ගොවීන් කියා සිටියේ තමන්ට අවශ්‍ය පොහොර තොග නොලැබීම නිසා විශාල කරදරයකට මුහුණ පා සිටින බවය .පෝර මිටි දෙකක් ලබා ගැනීම සඳහා දිගු පෝලිම් වල සිටීමට සිදුව තිබෙන බවත් ගොවීහු චෝදනා කරන්නට වූහ. ඔවුන් දැඩි තෙරපෙමින් මීටරය දුර පරතරයකින් තොරව දැඩි සෞඛ්‍යය අනාරක්ෂිතව පෝලිම් වල සිටින අයුරුද දැක ගැනීමට හැකි විය.
දඹුල්ල පොලිසියේ නිලධාරීන් පැමිණ ගොවීන් පෝලිම් වල තබා ගැනීම සහ මීටරෙත් දුර තබාගන්නා ලෙස අවවාද දීම ද මෙහිදී දැක ගැනීමට හැකි විය
එහෙත් ගොවීන් කෑකෝ ගසමින් කියා සිටියේ වගා කරනවාට වඩා වස බී සිය දිවි හානි කර ගැනීම වඩාත් උචිත බව ය.
මේ පිළිබඳව පොහොර අලෙවි කිරීමේ කටයුත්තේ නිරතව සිටී ලංකා පොහොර සමාගමේ මාතලේ දිස්ත්‍රික් අලෙවි විධායක නිලධාරි කපිල හේරත් මහතාගෙන් විමසීමේදී කියා සිටියේ තම ආයතනයට ලැබී ඇති 6% ක පොහොර කෝටාව ගොවීන් සඳහා අලෙවි කිරීම සිදුකරන බව ය.
ඒ අනුව යූරියා පොහොර මිටියක් රුපියල් 1000කට අමිශ්‍ර පොහොර මිටියක් රුපියල් 1150කට අලෙවි කරන බව ඒ මහතා සඳහන් කළේය.





COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඕවා මොනවද...? ආණ්ඩුවට ඕන කොහොමහරි ඡන්ද තියන්න, පිට්ටනි හදන්න, අධිවේගී මාර්ග හදන්න සහ විශ්වවිද්‍යාලය හදන්න මිසක් ඕවා නෙවේ. මේ දිනවල බඩු මිලද ඉතා වේගයන් වැඩිවෙමින් පවතිනවා. අද සීනි 145 විතර වෙනවා, හම රහිත කුකුල් මස් 650, බොහෝමයක් දේවල් රු 10-100 වගේ ගණන් වලින් වැඩි වෙලා තියෙනවා.. සිරිමාමාද කොහේද රට කරන්නේ !
ඡන්දෙදි නම් දැන් දිනලා ඉන්න කට්ටිය පොරොන්දු උනේ ගොඩ මඩ දෙකටම පොහොර නොමිලයේම දෙනවා කියලා වගේ යාන්තමට මතකයි.
එකෙත් වාසිය ලොකු ලොක්කන්ට.
ආණ්ඩුව දන්නවා අධ්‍යාපනයෙන් අඩු ගොවියෝ , රට රැකියා කරන මිනිස්සු ,දේශප්‍රේමය සහ අධිරාජ්‍යවාදී බිල්ලන්ගේ කතා සහ වාසුගේ , දිනේෂ්ගේ පිඩිත පන්තිය නගා සිටවීමේ සුරඟන කතන්දර අහලා හැමදාම , පොදු පෙරමුණට චන්දෙ දෙන බව , ඉතින් ඔවුන්ට සලකන්න අවශ්‍ය නැහැ , රට විරුවෝ පිට රට ඉඳගෙන ඕන මගුලක් කරපු දෙන් , ගොවියොත් තමන්ට කැමති දෙයක් කරගනීවි , දැන් ආණ්ඩුව සලකන්නේ සහ පිටරට ඉඳන් එනවිට ප්‍රමුඛතාව දෙන්නේ ලොකු ලොක්කන්ට සහ ඔවුන්ගේ දරුවන්ට , සහන පොළියට ණය දෙන්නේ ලොකු ව්‍යාපාරිකයාට හාල් මිලත් වැඩිකරලා පොඩි සපෝර්ට් එකක දුන්න , ගොවියොත් පුරුදු වෙන්න ඕනේ කරදර නොකර තමන්ට දුන්න රුපියල් 5000 න් සැනසිල්ලේ ගෙදරට වෙලා ඉන්න.
සනීපද දැන්? කුම්බලා මාලු කෑවනම් විදවපන් බළලෝ. සර්ට චන්දේ දුන්නනම් දැන් පරිප්පු කන්න.
අන්තිමට කියන්න වෙන්නේ උනුත් එකයි, මුනුත් එකයි කියලා තමයි.
පහුගිය ජනාධිපතිවරණයේදී විමල් කියාගෙන කියාගෙන ගිය අර සහන ලැයිස්තුවේ, නැවත නැවත අහන්න ආසයි...
විමල් අද හොයාගන්න නැහැ.