ඇමැති-රාජ්‍ය ඇමැති 12 කට වාහන ගන්න කෝටි 50ක්
අමාත්‍යවරුන් හත්දෙනකුට, රාජ්‍ය ඇමැතිවරුන් තිදෙනකුට සහ නියෝජ්‍ය ඇමැතිවරු දෙදෙනකුට වාහන මිලදී ගැනීම සඳහා රුපියල් පනස් තුන් කෝටි හැත්තෑ නව ලක්ෂ හැට දෙදහස් හත්සිය අනූවක මුදලක් (රුපියල් 53,79,62,790) ඉල්ලන පරිපූරක ඇස්තමේන්තුවක් රජයෙන් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරිණි.