කොටි මිසයිල බලගණයේ පාපොච්චාරණ නීත්යනුකුලයි පලාලි සිට රත්මලාන දක්වා පියාසර කරමින් තිබු ඇන්ටෙනෝ 32 වර්ගයේ ගුවන් යානයකට විල්පත්තුවේ සිට මිසයිල ප්‍රහාරයක් එල්ල කළේ තමන් බවට කොටි සංවිධානයේ මිසයිල බලගණයේ හිටපු ප්‍රබල සාමාජිකයෙකු ත්‍රස්ත විමර්ශන කොට්ඨාශයට ලබාදී ඇති පාපොච්චාරණ නීත්‍යානුකුල බව ගම්පහ පළාත් බද මහාධිකරණ විනිසුරු ඛේමා ස්වර්ණාධිපති මහත්මිය ප්‍රකාශ කළාය. 06 March 2017
මින්නේරිය - ගිරිතලේ කළුවර ගස් කැපීමේ ජාවාරමක් මින්නේරිය ගිරිතලේ, සුදුකන්ද, මාඔය, නිකවැව කලාපයන්හි කළුවර ගස් කපා ප්‍රවාහනය කිරීමේ ජාවාරමක් ක්‍රියාත්මක බව ප්‍රදේශවාසීහු කියති. 06 March 2017
විමල් වෙනුවෙන් නීතිඥවරු පෙනී නොසිටිති රජයේ වාහන 40ක් අවභාවිත කළැයි විමල් වීරවංශව මහතාට එරෙහි නඩුව අද (06) කැඳවු අවස්ථාවේ දී වීරවංශ මහතා වෙනුවෙන් කිසිම නීතීඥයකු පෙනී නොසිටියේය. 06 March 2017
පිල්ලයාන් 33 වැනි වරටත් යළි රිමාන්ඩ් නැගෙනහිර පළාත් හිටපු මහ ඇමැති පිල්ලයාන් හෙවත් සිවනේසදුරෙයි චන්ද්‍රකාන්තන් 33 වැනි වරටත් අද(6) යළි රිමාන්ඩ් කෙරිණි. 06 March 2017
‘බුද්ධිමතුන් බිහිකිරීමට දහම් පාසලත් අවශ්‍යයි‘ - විජයදාස රාජපක්ෂ ජාතියට වටිනා මෙහෙවරක් කළ නොහැකි උගතුන් බිහිවූවාට කිසිදු පලක් නැතැයි අධිකරණ හා බුද්ධ ශාසන අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතා පවසයි. 06 March 2017
පාකිස්තානයෙන් කුළියට ගත් ගුවන් යානය ආපසු බාරදෙයි පාකිස්තානු ජාත්‍යන්තර ගුවන් සමාගම විසින් ශ්‍රී ලංකන් ගුවන් සමාගමෙන් කල් බදු ක්‍රමය යටතේ කුලියට ගනු ලැබූ ඒ 330 ගුවන් යානාව නැවත මෙරටට බාර දී ඇත. 05 March 2017
පොලිස් පරීක්ෂකගේ සිරුර භට නිවාසයෙන් සොයා ගනී මරදාන පොලිසියේ භට නිවාසයේ කාමරයක තිබී පොලිස් නිලධාරියකුගේ මළ සිරුරක් සොයා ගත් බව පොලිසිය කියයි. 05 March 2017
ශ්‍රී ලංකා - ඇමරිකානු ගිවිසුම දීර්ඝ නොකරන්නැයි රජයට බලකරයි ඇමෙරිකාව සමග අස්සන් කර තිබූ ආරක්ෂක ගිවිසුම අලුත් නොකරන්නැයි රජයට බල කරන බව ජනතා විමුක්ති පෙරමුණ පවසයි. 05 March 2017
මහාධිකරණ විනිසුරු කන්නන්ගේ පත්කිරීම ගැන ජනපතිට කියයි පුද්ගලික නීතිඥවරයකු ලෙස සේවය කළ ආර්.කන්නන් මහතා මහාධිකරණ විනිසුරුවරයකු ලෙස පත් කිරීමට තම සංගමයේ ලිපි ශීර්ෂයක නිර්දේශයක් යවා ඇත්තේ සංගමයේ විධායක සභාවේ අනුදැනුමකින් තොරව බව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාට දැනුම්දීමට නීතිඥ සංගමය අධිකරණ සේවා සංගමයට පොරොන්දුවී ඇතැයි වාර්තාවේ. 05 March 2017
විශ්ව විද්‍යාලවල ආචාර්යවරු සංකේත වැඩ වර්ජනයක සියලූ විශ්ව විද්‍යාලවල ආචාර්යවරු මෙම මස 8 සහ 9 දිනවල දීපව්‍යාප්ත සංකේත වැඩ වර්ජනයක නිරත වන බව විශ්ව විද්‍යාල ආචාර්ය සමිති සම්මේලනය පවසයි. 05 March 2017
‘සයිටම් සිසුන්ට පුහුණුව දෙන රෝහල රජයට පවරා ගන්නවා‘ - සෞඛ්‍ය ඇමති සයිටම් ආයතයේ සිසුන්ට සායනික පුහුණුව ලබා දෙන රෝහල රජයට පවරා ගන්නා බව සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා අද (05) මහනුවරදි පැවැසිය. 05 March 2017
මානසික රෝගී තරුණිය අපයෝජනය කළාට තිදෙනකු රිමාන්ඩ් මානසික රෝගී තරුණියක අපයෝජනයට ලක් කිරිමේ සිද්ධියක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරුවන් තිදෙනෙකු 23 වැනිදා තෙක් රිමාන්ඩ් කරන ලෙස ත්‍රීකුණාමලය අතිරේක මහේස්ත්‍රාත් සුභාෂිනි චිත්‍රවේල් මෙනෙවිය අද නියෝග කළාය 05 March 2017
ශ්‍රී ලාංකිකයකුට කටාර්හි වසර තුනක සිරදඞුවම් මත්ද්‍රව්‍ය ජාවාරම හා භාවිතා කිරීමේ චෝදනාවට වරදකරුවූ ශ්‍රී ලාංකිකයෙකුට කටාර් රාජ්‍යයේ අපරාධ අධිකරණය විසින් වසර තුනක සිරදඞුවමක් නියම කර ඇතැයි තානාපති ආරංචි කියයි. 05 March 2017
විනිසුරුවරුන්ගේ - නීතීඥවරුන්ගේ සංගම් එකඟතාවකට ශ්‍රී ලංකා නීතීඥ සංගමයේ සභාපතිවරයා තෝරා පත්කර ගැනීම සඳහා පැවැත්වෙන වාර්ෂික නිළවරණයේ තේරීම් බාර නිලධාරීන් ලෙස කටයුතු කිරීමට අධිකරණ සේවා සංගමය (විනිසුරුවරුන්ගේ සංගමය) එකඟතාවයකට පත්ව ඇත. ලබන 15 වැනිදා ශ්‍රී ලංකා නීතීඥ සංගමයේ වාර්ෂික නිළවරණය පැවැත්වෙන බවත් එහි තේරීම් බාර නිලධාරීන් ලෙස දිසා විනිසුරුවරුන් හා මහෙස්ත්‍රාත්වරුන් කටයුතු කරන බවත් ශ්‍රී ලංකා නීතීඥ සංගමයේ ලේකම් අමල් රන්දෙණිය මහතා පැවසීය. 05 March 2017
‘වන්දි දෙනවා කියලා කිව්වා විතරයි‘ මොරගහකන්ද කළුගඟ ව්‍යාපෘතියේ ගල්කොරියක ඉකුත් 26 වැනිදා සිදු වු හදිසි අනතුරින් මියගිය දෙදරු පියාට රුපියල් ලක්ෂ 15 ක වන්දි මුදලක් ලබා දෙන බව එම චින සමාගම මාධ්‍ය හරහා ප්‍රචාරය කර තිබු නමුත් මෙතෙක් කිසිදු මුදලක් නොලැබුණු බව ඔහුගේ බිරිය කියයි. 05 March 2017
ඒකාබද්ධ විපක්ෂයේ ආයුකාලය අගෝස්තුවෙන් අවසන් - රාජිත ලබන අගෝස්තු මාසය වන විට ඒකාබද්ධ විපක්ෂයේ දේශපාලන ආයු කාලය අවසන් වන බව සෞඛ්‍ය ඇමැති දොස්තර රාජිත සේනාරත්න මහතා කියයි. 05 March 2017
දුම්රිය එන්ජිත් 10ක්, බලවේග කට්ටල 6ක් ගෙන්වයි ඉන්දියාවේ නිෂ්පාදිත දුම්රිය එන්ජින් 10ක් හා බලවේග කට්ටල හයක් මෙරටට ගෙන්වීමට දුම්රිය දෙපාර්තමේන්තුව පියවර ගෙන ඇත. දුම්රිය මගී ජනතාවට ගමනාගමන පහසුකම් වැඩි කිරීමේ වැඩපිළිවෙල යටතේ මෙම දුම්රිය එන්ජින් හා බලවේග කට්ටල ආනයනය කෙරෙන අතර ඉන්දියානු සහන ණය ව්‍යාපෘතිය යටතේ දුම්රිය එන්ජින් 10 සඳහා ඇමෙරිකානු ඩොලර් මිලියන 42 ක සහ බලවේග කට්ටල 6 සඳහා ඩොලර් මිලියන 58 ක ණය මුදලක් ශ්‍රී ලංකාවට ප්රදානය කර ඇත. 05 March 2017
කල්පිටියේ වැලිපර අභය භූමියේ කොරල්පර විනාශයි දෙස් විදෙස් සංචාරකයින්ගේ නෙත් වසඟයට පත් කළ කල්පිටිය වැලි පර අභය භුමියේ දැවැන්තම කොරල් පර දෙකම මේ වන විට මිනිස් ක්‍රියාකාරකම් හා සාගර උෂ්ණත්වය ඉහළ යාම නිසා විනාශ වී ඇති බව වයඹ විශ්ව විද්‍යාලයේ පශු සම්පත් ධිවර හා පෝෂණ පිඨයේ ජේෂ්ඨ කථිකාචාර්ය සෙව්වන්දි ජයකොඩි මහත්මිය කියන්නීය. 05 March 2017
මුදල් වෙනුවෙන් ඕනෑම පාවාදීමකට සූදානම් පිරිසක් සිටින බව හිටපු ජනපතිනිය කියයි “මනුස්සකම යටවී මහා භයානක සමාජ තත්ත්වයක් රටේ ඇති වෙලා. මුදලට මෙන්ම තවත් මුදල් ලබා ගන්නට ඕනෑම දෙයක් පාවාදෙන්න ලෑස්ති පිරිසක් අපේ රටේ ඉන්නවා. විශේෂයෙන්ම දේශපාලනඥයෝ තමන්ගේ අම්මා පවා බන්දේසියක තියලා විකුණන්න ලෑස්ති වෙලා සිටින යුගයක් ඇතිවෙලා“ යැයි හිටපු ජනාධිපතිනි චන්ද්‍රකා බණ්ඩාරනායක කුමාරණතුංග මහත්මිය පැවසුවාය. 05 March 2017
නව ව්‍යවස්ථාව ගැන එජාප - ශ්‍රීලනිප තවමත් මත දෙකක ව්‍යවස්ථා සංශෝධනයකට මිස නව ව්‍යවස්ථාවක් සම්පාදනයට තමා කැප නොවන බව ජනාධිපතිවරයා ශ්‍රීලනිප විධායක සභාවට හා මධ්‍යම කාරක සභාවට සහතික වී යැයි වාරිමාර්ග හා ජල කළමනාකරණ ඇමැති විජිත් විජයමුනි සොයිසා මහතා ප්රවෘත්ති සාකච්ඡාවකදී පැවසීය. 04 March 2017
මහරගම රෙදි කඩයක ගින්නක් මහරගම නගරයේ පිහිටි රෙදිපිළි වෙළෙඳහලක අද (4) සවස ඇති වූ ගින්නක් නිවීමට දෙහිවල ගල්කිස්ස සහ කෝට්ටේ නගර සභාවේ ගිනි නිවන හමුදාව දැඩි ප්රයත්නයක් දැරීමට සිදුවිය. 04 March 2017
හෙරොයින් දියකර ගෙනෙයි හෙරොයින් දියකර රබර් කාපට් එකක ඔබ්බවා ඒවායින් කිලෝ පහක් ශ්‍රී ලංකාවට රැගෙන ආ පාකිස්තාන ජාතික තරුණයකු සැකපිට අත්අඩංගුවට ගත් බව ගුවන්තොටුපොළ මත් ද්‍රව්‍ය නාශක ඒකකය කියයි. 04 March 2017
රණවිරුවන්ට එරෙහිව නඩු අහන්න විදෙස් විනිසුරුවරුන් ගෙන්වන්නේ නෑ - ජනපති අපගේ රණවිරුවන්ට එරෙහිව විදෙස් විනිසුරුවරුන් ගෙන්වා නඩු ඇසිය යුතු බව එක්සත් ජාතින්ගේ මානව හිමිකම් කොමසාරිස්වරයා විසින් පසුගියදා කරන ලද යෝජනාව තමා තරයේ ප්‍රතික්ෂේප කළ ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා කියයි. මාතෘ භූමියේ නිදහස උදෙසා ජීවිත පරිත්‍යාගයෙන් කැපවූ විරෝදාර රණවිරුවන්ගේ ආරක්ෂාවත්, ගෞරවයත් වෙනුවෙන් තම ධූර කාලයේ වගකීමෙන් යුතුව පෙනී සිටින බව ද ජනාධිපතිවරයා පැවසීය 04 March 2017
රාජ්‍ය නොවන සංවිධාන කියන විදිහට නඩු අහන්නවත් ආණ්ඩු කරන්නවත් සූදානම් නැතැයි ජනපති කියයි ඇතැම් රාජ්‍ය නොවන සංවිධාන කියන අන්දමට රට ආණ්ඩු කිරීමටවත්, තිරහතාවිධ හමුදා සාමාජිකයින්ට චෝදනා පතරම් ගෙන ඒමටවත්, නඩු ඇසීමටවත් සූදානම් නැතැයි ජනාධිපති මෛත්රීධපාල සිරිසේන මහතා අවධාරණය කරයි. 04 March 2017
බස් - බස් ගැටී 14ක් රෝහලට ගල්ගමුව මහගල්කඩවල නගරයේ දී ඇඟළුම්හල් සේවිකාවන් ප්‍රවාහන කළ බසයක් හා ලංගම බසයක් අද (4) පෙරවරුවේ මුහුණට මුහුණ ගැටීමෙන් 18 දෙනකු තුවාල ලබා ඇතැයි පොලිසිය කියයි 04 March 2017
අධිකරණයට පිස්තෝල ගෙනා මයියා අල්ලයි ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණයට ගිනි අවි දෙකක් රැගෙන ආ බව කියන මායියා නම් ප්‍රධාන සැකකරු අද අත්අඩංගුවට ගත් බව උසස් පොලිස් නිලධාරියෙක් ලංකාදීපයට පැවසීය. 03 March 2017
හිටපු පොලිස් ස්ථානාධිපති ඇතුළු 4 දෙනා සඳුදා දක්වා රිමාන්ඩ් පොලිසිය අත්අඩංගුවට ගත් ධීවරයකු ඝාතනය කළැයි සැකපිට රහස් පොලිසියෙන් අත්අඩංගුවට ගත් වාද්දූව පොලිසියේ හිටපු ස්ථානාධිපතිවරයකු ඇතුළු පොලිසියේ හතර දෙනෙක් පානදුර මහේස්ත්‍රාත් අධිකරණය අධිකරණය විසින් ලබන ලබන සඳුදා (06) තෙක් රිමාන්ඩ් කරනු ලැබූහ. 03 March 2017
රවිරාජ් බිරියගේ පෙත්සම 31 වැනිදා සලකා බලයි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නඩරාජා රවිරාජ් මහතා ඝාතන නඩුවේ විත්තිකරුවන් නිදොස් කොට නිදහස් කරමින් දෙන ලද ජූරි සභා තීන්දුව බලරහිත කොට ,ජූරි සභාවක් නොමැතිව එම නඩුව යළි විභාග කරන ලෙසට නියෝග කරන්නැයි ඉල්ලා මන්ත්‍රීවරයාගේ භාර්යාව විසින් ගොනු කළ අභියාචන පෙත්සම ලබන (31) වැනිදා සලකා බැලීමට අභියාචනාධිකරණය ඊයේ (3) තීන්දු කළේය. 03 March 2017
හම්බන්තොට ව්‍යාපෘතියට එරෙහි පෙත්සම 17 වැනිදා විභාගයට හම්බන්තොට ව්‍යාපෘතියට එරෙහිව පාර්ලිමේන්තු මන්ත්‍රී වාසුදේව නානායක්කාර මහතා ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සම සලකා බැලීම ලබන 17 වැනිදා තෙක් කල් දැමීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද (3) තීන්දු කළේය. බුවනෙක අලුවිහාරේ, සිසිර ද ආබෲ සහ අනිල් ගුණරත්න යන මහත්වරුන්ගෙන් සමන්විත ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් හමුවේ මෙම පෙත්සම සලකා බැලිණි. 03 March 2017
ඓතිහාසික අවස්ථාව නාස්ති කරන්න එපා යයි සෙයිද් රාද් අල් හුසේන් කුමරු ඉල්ලයි ශ්‍රී ලංකාව මානව හිමිකම් ප්‍රවර්ධනය සහ ආරක්ෂා කිරීම් සම්බන්ධයෙන් වෙනස් පියවරක් අනුගමනය කිරීමට සූදානම් වන බව පෙනී යන නමුත් පුළුල් සහ ශක්තිමත් උපායමාර්ග අනුගමනය නොකළහොත් විවිධ දුෂ්කරතා සහ අභියෝග මධ්‍යයේ ලබාගත් ජයග්‍රහණ හුදු මායාවක් වනු ඇති බව එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ කොමසාරිස් සෙයිද් රාද් අල් හුසේන් කුමරු පවසයි. 03 March 2017
රාජකාරි කළ පොලිස් නිලධාරියෙක් හප්පා මරලා අම්බලන්තොට නගරයේ රථවාහන පරීක්ෂා කරමින් සිටි පොලිස් නිළධාරින් දෙදෙනකු වැන් රථයකින් ආ පිරිසක් අද අලුයම 2.45ට පමණ යට කර එක් නිලධාරියකු මරා තවත් අයකු තුවාල කර පළාගොස් ඇතැයි පොලිසිය කියයි... 01 January 2026