(සුජිත් හේවාජුලිගේ සහ ඡායාරූප - චතුර එස් කොඩිකාර)
‘ආණ්ඩුවෙන් ඉවත් වු අපේ 16 දෙනාට ආපහු ඇමැතිකම් දෙන්න ඕනි. ආණ්ඩුවට නැවත එනවානම් අප ඒ අය වෙනුවෙන් සටන් වදින්න සුදානම් ‘යැයි වරාය හා නාවික කටයුතු අමාත්‍ය මහින්ද සමරසිංහ මහතා පැවසීය.
කොළඹ 10, ඩාලි පාරේ පිහිටි ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මුලස්ථානයේ අද (25) පැවැති රැස්වීමේදී අමාත්‍යවරයා මේ බව පැවසීය.
මධ්‍යම කාරක සභා රැස්වීමේදී විපක්ෂයට යාමක් ගැන සාකච්ඡා කළේ නැහැ. අපේ 39 දෙනාම ඉන්නේ ජනාධිපතිතුමා එක්ක එකට ගමන් කළ යුතුයි කියන මතයයි. අපේ ඇමැතිවරු 16 දෙනෙක් ආණ්ඩුවෙන් ඉවත් වුණා.
නැවත ආණ්ඩුව සම්බන්ධවීමට ඒ අයට අවස්ථාව උදා කර දිය යුතුයි. එනවානම් අපි ඒ අය වෙනුවෙන් සටන් වදිනවා.‘ යනුවෙන් පැවසීය.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හ්ම් හ්ම්... !!! කට ප්‍රවේශම් කරගත්තොත් හොඳයි.
ඇමතිතුමා සටන් වදින්න සුදානම් කියන එකෙන් ඇත්තටම අදහස් කලේ මොකක්ද? ඒ කට්ටියට ඇමතිකම් දෙනවා නම් රනිල් ඉස්සරහ දනින් වැටෙන්න වුණත් සුදානම් කියන එක කියලයි අපට වැටහෙන්නේ. එහෙම නැත්නම් ආඩම්බරකමට එහෙම කීවට අනේ ගැත්තාට කමා කල මැනව කියලා රනිල්ට කියන එකද?
ආණ්ඩුවේ අදහස්වලට විරුද්ධ නිසා එ් අය ගියා. එ් කියන්නේ වීරයෝ. අපහු එනවා කියන්නේ පාවා දීමක් නැතිනම් දුෂ්ටයෝ වීමක්. දුෂ්ටයෝ වෙනුවෙන් සටන් කරන්න එපා කවදාවත් ඇමතිතුමෝ. වීරයෝ වෙනුවෙන් සටන් කලොත් හැමදාම හැම තැනම දිනුම්...!!!
අනේ මෙහෙමත් නිවටයින් ටිකක්... බලය නමැති" බූරුවා " ඉදිරියේ දණ නමස්කාර කරන හැටි....
මොනවද හලෝ ඔය ගොල්ලන් කරන්නේ? රට පාලනය කරන එක ඔය ගොල්ලන් හිතාගෙන ඉන්නේ සංගීත පුටු තරඟයක් කියලද?
මෙන්න මාර අංගම්පොර සටන් පොරක්...
මොනවද හලෝ එජාපෙ එක කියද්දී ශ්‍රීලංකා එක නැතුව ආණ්ඩුවක් හදන්න පුළුවන් කියලා කියන අය තවත් පෙරේතකමට එ්කේ ලැගලා ඉන්නේ?
මේ අයට නම් පිස්සු. දැන් හොඳටම මොලේ අමාරුව...