බිමල් ශ්‍යාමන් ජයසිංහ
හොරණ රබර් කර්මාන්ත ශාලාවේ පස් දෙනෙකුට මරු කැඳවීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන රිමාන්ඩ් බාරයට පත් කර සිටි එහි කළමනාකරු සහ ජ්‍යෙෂ්ඨ රසායනාගාර පාලිකාව මෙම මස 27 වැනි දා දක්වා යළි රිමාන්ඩ් කරන ලෙස හොරණ වැඩබලන මහේස්ත්‍රාත් චන්දන විජේසුරිය මහතා නියෝග කළේය.
මෙලෙස රිමාන්ඩ් බාරයට පත් වුයේ බොරලැස්ගමුව වේරහැර පදිංචි ආර්.එදිරිසිංහ සහ හොරණ දික්හේනපුර පදිංචි ඉනෝකා සංජිවනී යන අය වේ.
ඉකුත් 19 වැනි දා සිදු මෙම හදිසි අනතුරින් 34 දෙනෙකු රෝගී වු අතර එක් පුද්ගලයකු හොරණ මුලික රෝහලේ දැඩි සත්කාර ඒකකයේ මේවන විට ප්‍රතිකාර ලබයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඇයි මේකේ අයිතිකාරයෝ අත් අඩංගුවට ගන්නේ නැත්තේ. අයිතිකාරයන්ට මේ සම්බන්ධයෙන් වගකීමක් නැද්ද.? කළමණාකාරවරයා හා රසායන පාලිකාව කියන්නේ අවසානයේ තවත් සේවකයන් දෙදෙනෙක් පමණයී. ඔවුන් පාලකයන්ගේ නියෝග හා උපදෙස් මතයි කටයුතු කරන්නේ.
අපරාදේ අසරණ නිලධාරී දෙන්නා නිකන් කරදරේ වැටුණා. ඔය වගේ සිද්ධියක් මටත් වෙන්න ආවා. එක්තරා රබර් කම්හලක කර්මාන්තශාලා ඉංජිනේරු තනතුරක් මට ලැබුණා. ඒක අවුරුදු ගාණක් ආරක්ෂාව පිළිබඳ කිසිම තැකීමක් නැතුව දුවන කම්හලක්. අබලන් වුණු යන්තර තැන තැන. යන්තර අතර ඉඩ නැහැ. වයර් මරු වැල් වගේ එල්ලලා. බෝයිලේරුවේ බට සියයට හතළියකට වඩා කාන්දු වෙන නිසා වහලා. බෝයිලේරු පරීක්ෂකවරයාට සන්තෝසම් දීලා සහතිකය ගන්නවා. ඉතින් එවැනි තත්වයකදී මට ආරක්ෂාවේ වගකීම ගන්න කිව්වා. මම වගකීම ගන්න නම් මම දෙන සැලැස්මට අනුව නැවත නවීකරණය කළයුතු බව පැවසුවා. පාලනාධිකාරිය එයට විශාල මුදයක් වැයවෙනවා... වගේම නිෂ්පාදන කටයුතු නවතින නිසා පසුවට කල් දැම්ම... නමුත් ආරක්ෂාවේ වගකීම මගේ කර මතයි. මම වෙන රැකියාවක් ලැබුනේ නැතත් වහාම ඉල්ලා අස්වුණා. ඔබත් මෙවැනි වාතාවරණයක වැඩ කරනවා නම් නැවත සිතන්න. නැතිනම් අනුන් නිසා කූඩුවේ ඉන්නයි වෙන්නේ...