අනුරාධපුර කොට්ඨාශ පොලිස් අධිකාරි කාර්යාලයේ සියලු කාර්ය මණ්ඩල සාමාජිකයින් අනුරාධපුර නගරයේ පිහිටි ඉහල පෙලේ හෝටලයක අද (24) දහවල් මත්පැන් සාදයක් පවත්වා ඇතැයි වාර්තා වේ. මෙම සාදය හේතුවෙන් අනුරාධපුර පොලිස් අධිකාරි කාර්යාලයේ දෛනික කටයුතු මුලුමණින්ම ඇනහිට තිබූ බවද අප කළ සොයා බැලිමකදි අනාවරණ විය.
අනුරාධපුර නගරයේ ඉහළ පෙළේ හෝටලයක පැවැති මෙම සාදයට අනුරාධපුර පොලිස් කොට්ඨාශයේ සියලුම සහකාර පොලිස් අධිකාරිවරුන් සහ පොලිස් ස්ථානාධිපතිවරුන් මෙන්ම ඇතැම් පොලිස් ස්ථාන වල විවිධ අංශ වල ස්ථානධිපතිවරුන් ඇතුලු තවත් නිළධාරීන් විශාල සංඛ්‍යාවක් කැඳවා තිබිණ.
මේ හේතුවෙන් අනුරාධපුර දිස්ත්‍රික්කයේ පොලිස් ස්ථාන වල දෛනික රාජකාරි කටයුතු වලටද යම් බලපෑමක් එල්ල වී තිබූ බවද පැවසේමෙම සාදය පැවැත්විමට වැය වන මුදල් පියවීම සදහා පොලිස් නිළධාරීයෙකුගෙන් රුපියල් 600 බැගින් එකතු කර ඇති බවත් පොලිස් නිළධාරිහූ පවසති.
සියලුම දෙනා නොවූවත් මත්පැන් භාවිතයට නැඹුරුවක් නොදක්වන පොලිස් නිලධාරීන් කිහිප දෙනකු පවසා සිටියේ අද කාර්යාල දිනයක් බැවින් අද වැනි දිනයක මත්පැන් සාදයක් සදහා දහවල් කාලයේ නිලධාරීන් කැඳවීම නොකට යුත්තක් බවයි.
පොලිස් අධිකාරි කර්යාලයේ සේවය කරන සිවිල් සේවකයින්ද මෙම සාදයට කැඳවා ඇති බව වාර්තා වෙයි

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ආරංචියේ හැටියට නම් සාදය පටන් ගත්තේ මෛත්‍රී භාවනාව වඩලාලු
ඉතින් මොකද? මත්පැන් සාද නොදාන්නේ මොන කට්ටියද? මැති ඇමතිලා, රජයේ සේවකයෝ, පුද්ගලික අංශයේ සේවකයෝ, මහජන සමිති සමාගම්වල අය.. ඔය ඕනෑම කෙනෙක් කරන දෙයක්නේ මේක. අනික, තමන්ගේම සල්ලි. ආණ්ඩුවේ වැඩකරන දවසක කරපු එකයි, පොලිසියේ සාමාන්‍ය කටයුතු පවත්වා ගෙන යන්න පිළිවෙලක් කලේ නැත්නම් අන්න ඒකයි, වැරදියි, එච්චරයි.
රාජකාරි වෙලාවේ රාලහාමිලාට අඩි ගහන්න පුලුවන්ද?