අජන්ත කුමාර අගලකඩ
වෙසක් පොහොය දින තොරණ ප්‍රදර්ශනය නතර කිරීමට සහ එදින දන්සල් නතර කිරීම සම්බන්ධයෙන් ගෙන යා යෝජනාවකට අද කැබිනට් මණ්ඩලයේදී ඇමැතිවරුන්ගේ විරෝධය එල්ල විය.
බුද්ධ ශාසන ඇමැති ගාමිණී ජයවික්‍රම පෙරේරා මහතා එම යෝජනාව ගෙන එමින් කීවේ මෙය නාහිමිවරුන්ගේ ඉල්ලීමක් බවයි. වෙසක් පොහොය දිනයේ පමණක් වෙසක් තොරණ ප්‍රදර්ශනය නොකිරීමට සහ දන්සල් නැවැත්වීමට යෝජනා කළ ඇමැතිවරයා තොරණ ප්‍රදර්ශනය සහ දන්සල් පසු දින සිට පැවැත්විය හැකි බව ද කීවේය.
වෙසක් පොහොය දින දන්සල් පැවැත්වීම සහ තොරණ ප්‍රදර්ශනය කාලයක් තිස්සේ පැවැත ආ නිසා එය නැවැත්විය නොහැකි බව කියමින් ඇමැතිවරු කිහිප දෙනෙක් ඊට විරෝධය දැක්වූහ. කැමැති අයට එය වෙසක් පොහොය දින කළ හැකි බවත්, කැමති අයට එය වෙසක් පොහොයෙන් පසු සිදු කළ හැකි බවත් ඇමැතිවරු කීහ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මහජනතාවගේ චන්දෙන් පාර්ලිමේන්තුවට ගිහින් මෙවැනි නූගත් ගොබ්බ තීරණ ගන්න තරම් නූගත් අදමයෝද මේ රට පාලනය කරන්නේ,වෙසක්,පොසොන් කියන පොහොය බහුද්ධයට පමණක් නොව සියලුම ආගම් ජාතින් මේ වෙනුවෙන් සහබාගි වී රටේ එකමුතු කම විහිදා පාන සියලු ජාතීන් පෙළ ගෙසෙන මෙම අවස්ථාවත් නැති කරන්න උත්සහ දරන අදම පාලකයෝ මේ රටට කුමකටද ? මේ ගෙන ඉදිරි චන්ද වලදී ප්‍රතිපල ලැබේවී,
කාලයක් තිස්සේ මිනිසුන්ට බුද්ධාලම්බන ප්‍රීතියක් ගෙනදෙන දවසට අහිංසක කළා කරුවන් සහ විදුලිය පිළිබඳව අවබෝදය ඇති බැතිමතුන් කරන උත්සාහයක ප්‍රතිපලයක් නිසා තමයි තෝරන් ඉදිවන්නේ. දන්සල කියන්නේ පුණ්‍ය කර්මයක් . මේවා නවත්වන්නට කියන්නේ මෝඩ මිනිස්සු. ආගම් බේදයකින් තොරව මිනිසුන් සතුටුවන උතුම් දිනයක් වෙසක් දිනය.
පොහොය දවසේ දන්සල් දෙන්නේ නැතිව, ඊලග දවසේ ඉදන් දන්සල් දෙන්නේ වැඩට යන මිනිස්සුන්ටද? තොරන්,පහන් කූඩු බලන්න යන්න වෙන්නෙත් මිනිස්සු නිවාඩු ඉන්න දවසේ මිසක්, වැඩට යන දවස්වල නෙවෙයි. මේ මිනිස්සු මැරුණමත් බලන්න යන්න ඕනි තුන්මාසේ දානේ දුන්නට පස්සේ.විෂබීජ බෝවෙන්න පුළුවන්.මිනිස්සුන්ගේ ආකල්ප දියුණු කරලා ආගමදහමට යොමු කරවනවා මිසක්, බලෙන් කරවන්න බෑ. ළමයි දහම්පාසලකට යවන්නේ නෑ පන්ති යන්න ඕනි නිසා.පුලුවන්නම් ඉරිදා උදේ පැය කිහිපයක් කුඩා ළමුන්ගේ පන්ති පැවත්වීමවත් තහනම් කරන්නකෝ.
යහපාලන ආණ්ඩුව මොනවද අනා නොගන්නේ
දැන් මතුවෙලා තියෙන අලුත්ම ප්‍රශ්නේ තමයි ලෝකේ අනිත් බෞද්ධ රටවල් වෙසක් සමරන්නේ මැයි මාසේ 29 වෙනිදාලු. අපි විතරක් මේ කියන දවසේ වෙසක් සමරනවලු. මොකද මේ ගැන දැන් කියන්නේ? එහෙම උනොත් වෙසකුත් අනාගෙන දන්සලුත් අනාගෙන.
මෙතන බොරුවට කෑ ගහන ගොඩ දෙනෙක් මෙහි යතාර්ථයක් දන්නෙ නැහැ. අද බොහෝ තැන්වල ඇති තොරන් සහ දැන්සැල් තුල බොහෝ වැරදි දේ සිදුවෙනවා. අනික මිනිස්සු දන්සැල් වැදීම් සහ තොරන් වැදීම් බුදුන් වැදීමට වඩා උනන්දුවෙන් කරනවා. ඉතින් අඩුම ගානෙ පෝය දවසෙවත් පන්සලට මුල්තැන දෙන්නයි මේක කරන්ඩ ගියේ.
දැන් ටික දවසකට කලින් කීවනේ එහෙම දෙයක් හිතලවත් නැහැ කියලා එහෙනම් දැන් මේ පාර්ලිමේන්තුවට දාලා තියෙන්නේ ?
වෙසක් තොරන් වෙසක් දවසට බලන්න යන්නේ නැතුව පොසොන් එකට බලන්න යන්නද ? නිකන් බොරුවට කැබිනට් මණ්ඩලයේ කාලය සහ මහජන මුදල් නස්ස්ති කරනවා
වෙසක් දවස සුදුසු දවසේ පවත්වන්න බැරි අය ගැන මොන කතාද?
අද කාලේ ගොඩක් අය දන්සල් දෙන්නේ යහපත් ධාර්මික සිතුවිල්ලකින් පමණක් නෙවෙයි... ඒකෙන් වෙනම වින්දනයක් ලබන්න. ඒ වගේම රටේ බොහෝ දෙනෙක්ට වෙසක් දවසටවත් සංවරව, සංසුන්ව හැසිරෙන්නේ නැතිව, කෑගසමින්, නලා ශබ්ද කරමින්, පාරේ අනිත් මිනිස්සුන්ට හිරිහැර වෙන විදිහට දන්සැල් ගානේ යන එක පුරුද්දක් වෙලා. ඒක නිසා මේ තීරණේ හරි. අඩුම ගානේ වෙසක් දවසටවත් ගොඩක් බෞද්ධයෝ තමන්ගේ ශ්‍රේෂ්ඨ ආගම පිළිපදිමින් ධර්මානුකුලව හැසිරේවි... හැසිරෙන්න අවස්ථාවක් ලැබේවි. බුද්ධාගම ආරක්ෂා කරන්න බොහෝ දෙනෙක් හිටියට එයින් ජීවිතයට ලැබෙන මග පෙන්වීම පිළිපදින්නේ බොහොම සුළු පිරිසක්. ඒ වගේම ඕනෙම දේකට දේශපාලනේ ගාවගෙන ඒකෙන් කාලකන්නි සන්තෝසයක් ලබන පිරිසක් තවමත් ඉන්නවා කියලා ඉහළ කිහිප දෙනෙක්ගේ අදහස් කියෙව්වාම තේරෙනවා.
ඔන්න බළලා මල්ලෙන් එළියට පැන්නා...
දැන් කාලේ ගොඩක් හාමුදුරුලාගෙන් වැඩක් නෑ. අපේ කැම්පස් එකේ මගේ බැජ් එකේ හාමුදුරු කෙනෙක් ඉන්නවා හරියට බෞද්ධාගම ගැන දන්නෙත් නෑ. පන්සලට වෙලා ෆ්රීලාන්සින් කරන එකලු කරන්නේ සල්ලි හොයන්න. මේ වගේ තව මම දන්න හාමුදුරුලා කිහිප දෙනෙක් ඉන්නවා. ධර්මය රකින්න, ධර්මයට යමක් කරන්න. ධර්මය ඉගෙන ගන්නේ නෑ ගිහියෝ වගේ ජීවත් වෙනවා සල්ලි හොය හොයා.... ඉතින් බලන්න හාමුදුරුලාගේ හැටි... ඉතින් බුද්ධාගමට හානි වෙන එක අහන්නත් දෙයක්ද? ලංකාවේ දැන් දේශප්‍රේමින් කියලා කොටසකුත් නැති වේගෙන යන්නේ. මේක නිකම් නිකම් කළු සුද්දන්ගේ රටක් විතරයි දැන්...