(නිමන්ති රණසිංහ)
සයිටම් ආයතනයේ ප‍්‍රධාන විධායක අධ්‍යක්ෂ වෛද්‍ය සමීර සේනාරත්න මහතාට වෙඩි තබා ඝාතනය කිරීමට තැත් කළැයි කියන සිද්ධියට අදාළව කඩුවෙල මහ නගර සභාවේ නාගරික මන්තී‍්‍ර ලක්මාල් විලත්ගමුව මහතා ඇතුළු සැකකරුවන් තිදෙනා ලබන 8 වැනි දා තෙක් යළි රිමාන්ඩ් කරන ලෙස කඩුවෙල මහෙස්ත‍්‍රාත් ප‍්‍රසන්න අල්විස් මහතා අද (24) නියෝග කළේය.
මෙලෙස රක්ෂිත බන්ධනාගාර ගත කරනු ලැබුවේ සුමිත් නිරෝෂණ හෙවත් ‘ටීනා’, කොටිකාවත්ත මුල්ලේරියාව ප‍්‍රාදේශීය සභාවේ හිටපු රියැදුරෙකු වූ සිසිර උදයකුමාර සහ කඩුවෙල මහ නගර සභාවේ නාගරික මන්තී‍්‍ර විලත්ගමුවගේ දොන් අරුණ ලක්මාල් කුෂාන්ත විලත්ගමුව නැමැත්තන්ය.
ලංකා දණ්ඩ නිති සංග‍්‍රහයේ 100 වගන්තිය ප‍්‍රකාරව සහ තුවක්කු ආඥාපනත මෙන්ම පුපුරණ ද්‍රව්‍ය ආඥා පනත ප‍්‍රකාරව මෙම සැකකරු වරදක් සිදුකර ඇතැයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් මෙම සැකකරුවන් සම්බන්ධයෙන් අධිකරණයට කරුණු ඉදිරිපත් කර ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd