මනෝප්‍රිය ගුණසේකර
පසුගිය ජනපතිවරණ සමයේ ශ්‍රී ලංකා වරාය නීතිගත සංස්ථාවේ රුපියල් එක් කෝටි විසිපන් ලක්ෂයක් අවභාවිතා කළැයි චෝදනා ලැබ සිටින හිටපු වරාය හා ධීවර අමාත්‍ය සරත් කුමාර ගුණරත්න හා ධීවර සංස්ථාවේ හිටපු සභාපති ලියනගේ ඇතුළු 6 දෙනෙකු ඇප මත මුදා හැරීමට කොළඹ මහාධිකරණ විනිසුරු ආර්.ගුරුසිංහ මහතා නියම කළේය.
විත්තිකරුවන්ට එරෙහිව අධි චෝදනා පත්‍ර බාර දීමෙන් පසු ඔවුනට ඇප නියම කළ මහේස්ත්‍රාත්වරයා රුපියල් 25,000 බැගින් මුදල් ඇප ද ලක්ෂ පහ බැගින් වු ශරීර ඇපයක් නියම කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රුපියල් එක්කෝටි විසිපන්දාක් අවභාවිතා කළායැයි චෝදනා ලැබු අයකුට ඇපය රුපියල් විසිපන්දාහයි. එතකොට රුපියල් සීයයේ පොල් ගෙඩියක් හොරකම් කල අයකුට ඇපය සත විසිපහද? ලංකාවේ නීති පද්ධතිය සම්පූර්ණයෙන්ම යාවත්කාලින කරන්න ඕනෑ.. විශේෂයෙන්ම ඇප දීම හා දඬුවම් දීම සම්බන්ධයෙන් ඇප දිමේදී මූල්‍යමය හෝ දේපොල සම්බන්ධයෙන් නම් එහි වටිනාකමේ අනුපාතයක් විදියට හා අනුකුත් අපරාධවලටද කලින් කලට යාවත් කාලීන කළහැකි පරිදි සිදු කරන්න.