අජන්ත කුමාර අගලකඩ
නිලධාරී මණ්ඩලය ඇතුළු ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පූර්ණ ප්‍රතිසංවිධානයක් කිරීමට අද පැවැති මධ්‍යම කාරක සභාවේ තීරණය වී තිබේ.
එම ප්‍රතිසංවිධානය සිදු කරන ආකාරය ගැන ලබන මැයි අට වැනිදායින් පසු රැස්වෙන මධ්‍යම කාරක සභාවේදී තීරණයක් ගැනීමට නියමිතය.
මේ අතර ආණ්ඩුවෙන් ඉවත් වූ ශ්‍රීලනිපයේ හිටපු මැති ඇමැතිවරුන් 16 දෙනා හට පාර්ලිමේන්තුවේ විපක්ෂයේ අසුන් ගැනීමට අද ජනාධිපතිවරයා අවසර ලබා දුන්නේය.
ශ්‍රීලනිප මධ්‍යම කාරක සභාව අද රාත්‍රී අටට පමණ ආරම්භ වූ අතර එය රාත්‍රී 10.30 පමණ වන තෙක් පැවැත්විණි. මධ්‍යම කාරක සභා රැස්වීමට පෙර ශ්‍රීලනිප පාර්ලිමේන්තු කණ්ඩායම් රැස්වීමක් ජනපති නිල නිවසේදී පැවැත්විණි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ පක්ෂය අන්තිමට නැත්තටම නැතිවෙලා යන හැඩක් තමයි පේන්න තියෙන්නේ....
පක්ෂයේ තීන්දු තීරණ තුට්ටුවකටවත් සලකන්නේ නැතුව වෙනත් පක්ෂයක් දිනවන්නත් ආණ්ඩුව පරාජය කරන්නත් කටයුතු කරන්න පටන්ගත්තදාම හරියට වැඩ කලානම් දැන් නියපොත්තෙන් කඩල දාන්න තිබුන දෙයක් පොරෝ සීයකින්වත් කපන්න බැරිවෙන තැනට වැඩ සිද්ද වෙන්නේ නෑනේ. එම තත්වයේ කිසිම වෙනසක් තවම ඇතිවෙලා නැති නිසා ඉදිරියටත් ඒකාබද්ධය මවාපාන "නැති ප්‍රශ්න නිරාකරණය කරන හැටි කල්පනා කරකර" බකන් නිලාගෙන ඉන්න ගියොත් 2020 දී පරදින්න වෙන්නේ. ඒකත් තුනෙන් දෙකටත් වැඩිය. හරිය?
තව අවුරුදු එක හමාරයි තියෙන්නේ ඒ නිසා කකුලෙන් අදින්නේ නැතුව ඔහොම ම යං.
මේ අයගේ පූර්ණ ප්‍රතිසංවිධාන, විසේස සාකච්ඡා ,කැබිනට් සංශෝදන අහල ඇතිවෙලා. ජනතාව හාමතේ කරන්න බැරිනම් මහින්දට හරි ගෝඨාභයට දෙන්න.
අනේ ඇත්තද දැන් ශ්රිලනිපයක් තියනවද ??
ඔය සභාපතිකම උරචක්ක මාලාවක් .ඕක දාගත්තට පස්සේ රටට වැඩකරන්න තිබුන සක්තිය නැතුව ගියා.දැන්වත් ඕක විසිකරලා තමන් සමහ එන මන්ත්‍රීවරුටික එකතුකරගෙන රටට වැඩක් කරන්න.
ලංකාවේ දේශපාලකයෝ තමන්ගේ බඩගෝස්තරය සහ පැවැත්ම සදහා ගෙනයන අලුත්ම නියාය ,"ප්‍රතිසංවිධානය" , එතකොට ලංකාව ලෝකයේ ස්වයන්පොෂිතම රට වෙනවා. අනික් පැත්තෙන් දුශිතයෝ මුදල් විසි කරලා බලයට කිට්ටු වෙනවා. මේ කට්ටියත් කල්මරන්නේ ඒකට. හොද්ද හොදයි. ජනතාවට බදු බර . කාලාන්තරයක් පුරුදු දේනේ . අනේ අපොයි .
ඉසේ ඇම්මට කොට්ට මාරු කරන පිලිවෙත ප්රධාන පක්ෂ දෙකෙම ප්රශ්ණ වලට අද විසදුම වෙලා තියෙන්නේ. පක්ෂ දෙකේම නායකයෝ දැක්මක් නැති සෘජු තීරන ගැනීමට අපෝසත් වැනෙන සුළු දුර්වල පුද්ගලයන් වන අතර තමන්ගේ අඩුපාඩු හදාගෙන ඉදිරියට යන්නට උත්සහා කරණා වෙනුවට පක්ෂ අභ්‍යන්තරේ හා ආණ්ඩුවතුල තනතුරු මාරු කරමින් පුද්ගලයන් එහාට මෙහාට තල්ලු කරමින් ප්‍රශ්ණ වලට විසදුම් සෙවීමට අසාර්ථක උත්සාහයන් දරමින් රට හා රටේ ප්‍රධාන දේශපාලන පක්ෂ දෙක අවුලෙන් අවුලට පත්කරමින් තම බලය රැක ගැනීමට නිහින උත්සාහයක යෙදමින් ඇත.
යු.අන්.පී. ය ප්‍රතිසංවිධානය කියන එකෙන් අදහස් කරන්නේ නායකයා එලෝලා දාමු කියන එකයි. ඔය ගොල්ලත් එහෙමද? එහෙමනම්, නරකද නායකයෝ දෙන්න හුවමාරු කර ගත්තොත්? එතකොට පක්ෂ දෙකම නැති බංගස්තාන වෙලා යයි. ඉතින් දැනුත් වෙන්නේ ඒකමනේ.
ලංකාවේ ප්‍රධාන පක්ෂ දෙකේම සාමාජිකයන්ගෙන් බහුතරයක් තම පක්ෂයේ නායකයන්ට කැමති නැත. නායකයෝ හදන්නේ දන්නා සෙල්ලම් ඔක්කොම දමමින් තම කාලය, මුදල්, රාජ්‍යබලය වැනි සියලුදෙයම යොදා ගනිමින්, පක්ෂය තුළ තම බලය රැකගැනීමට සටන් කිරීමයි. මේම වාතාවරණය තුළ රටේ සංවර්ධනය අඩාල වෙමින්, ආර්ථිකය පිරිහෙමින් රට ටිකෙන් ටික ප්‍රපාතයට යන බව පෙනේ...
මේ පක්ෂ කෙහෙල්මලක් නෙමේ... රුපියල තවදුරටත් අවප්‍රමාණය වෙමින් ඩොලරයට සාපේක්ෂව රුපියලේ අගය 158.69ක් දක්වා ඊයේ (24) ඉහළ ගොස් තිබිණි. පළාත් පාලන මැතිවරණයෙන් පසුව රුපියලේ අගය වැඩියෙන්ම පහත වැටුණ ඊයේය. පසුගිය පෙබරවාරි මස 10 වැනිදා කියලා වෙනත් පත්‍ර වල ප්‍රවෘත්තියක් තියෙනවා.
මේ ගොල්ලෝ ඔක්කොටම මේක නියමෙටම දැනෙන්නේ, 2020 න් පස්සේ මේ පක්ෂය නැත්තටම නැතිවෙලා ගෙදර ඉන්න කොට තමයි. මේ පක්ෂය ඉතිහාසයට එකතු වෙමින් ඇත.