(හර්ෂණ තුෂාර සිල්වා)
රුපියල තවදුරටත් අවප්‍රමාණය වෙමින් ඩොලරයට සාපේක්ෂව රුපියලේ අගය 159.04ක් දක්වා අද (25) ඉහළ ගියේය. රුපියලේ විකුණුම් අගය මෙතරම් දුරට පහත වැටුණු පළමු අවස්ථාව මෙය විය.
පළාත් පාලන මැතිවරණයෙන් පසුව රුපියලේ අගය අඛණ්ඩව පහත වැටුණි.
ශ්‍රී ලංකා මහ බැංකුව අද නිකුත් කළ විනිමය අනුපාතික අනුව ඩොලරයට සාපේක්ෂව රුපියලේ ගැනුම් මිල 155.26ක් ලෙස සටහන් වී තිබිණි.
පසුගිය පෙබරවාරි මස 10 වැනිදා පැවැති පළාත් පාලන මැතිවරණයෙන් පසු රුපියල දිගින් දිගටම අවප්‍රමාණය වූ අතර මේ වසරේ ආරම්භයේ සිට අප්‍රේල් 20 වැනිදා දක්වා කාලයේදී රුපියල සියයට 2.2කින් අවප්‍රමාණය වී ඇතැයි ශ්‍රී ලංකා මහ බැංකුව සඳහන් කරයි.
ඊයේ දිනයේදී රුපියලට සාපේක්ෂව ස්ටාර්ලිං පවුමක විකුණුම් මිල 223.2ක් ලෙසත්, යූරෝවක විකුණුම් මිල 195.50ක් ලෙසත් ජපානයේ යෙන් එකක විකුණුම් මිල 1.47ක් ලෙසත් දැක්විණි.
මේ වසරේ ජනවාරි 1 වැනිදා සිට අප්‍රේල් 20 වැනිදා දක්වා කාලයේදී ස්ටාර්ලිං පවුමකට සාපේක්ෂව රුපියල සියයට 6.6කින් සහ යූරෝවට සාපේක්ෂව රුපියල සියයට 5.4කින් අවප්‍රමාණය වී තිබේ.
පසුගිය වසරේදී රුපියල සියයට 2.5කින් සහ 2016 වසරේදී රුපියල සියයට 3.9කින් අවප්‍රමාණය වුණු බව ශ්‍රී ලංකා මහ බැංකු දත්ත වාර්තා සඳහන් කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රනිල් - සිරිසේන සුසංයෝගයට ජය වේවා !!! මේ දෙන්න යන්නේ ඩොලරය රුපියල් 200.00 කරලයි.
විපක්සෙ කට්ටියගේ භංග වැඩ, පිකටිං වැඩ නිසා වෙළඳපොල කඩාවැටිලා. ආර්ථික මර්මස්ථාන නිසා ගොවීන් අනාථවෙලා. ජනතා ඡන්දයෙන් පත්වන අය රට ගැනහිතල වැඩ කලයුතු වුනත් මේ රටේ එහෙම වෙන්නෙ නැහැ. මින් ඉදිරියටත් රට ගැන නොහිතන පක්ෂය රජ කිරීමට දඟලන පිරිසක් පත්කලොත් රුපියල සොයාගන්නත් බැරිවේවි !!!
බයිලා මිස වැඩනැති නිසා නොදැනුවත්වම සෑම දේම ඉහල යනවා, බොරුව කයිවාරුව මිස ඔවුන්ගේ සේවය කුමක්ද?
මේ ඔක්කොටම මුල අසාර්ථක මහා පරිමාණ ව්‍යාපෘති... අසිමිත අානයනය හා දූෂණය. මේක නිවරදි කරන්න නම් නිවැරැදි පාලනයක් පත්විය යුතු අතර ජනතාව අවුරුදු 10ක් විතර මීටත් වඩා ලොකු දුකක් විඳිය යුතුය. අාර්ථිකය සංවෘත කළ යුතුය. අානයනයන් කළ යුත්තේ ලංකාව තුළ නැති දේ හා අත්‍යාවශ්‍යම දේට පමණි. ඊට අමතරව නිෂ්පාදනය කඩිනමින් ඉහළ දැමිය යුතුය. විශේෂයෙන් ජනතාව අාහාර වලින් ස්වයංපෝෂිත කළ යුතුය. රජයේ සේවකයින්ට ගෙවන වැටුපට සාපේක්ෂව ඔවුන්ගෙන් වැඩගත යුතුය. ණය ගත යුත්තේ අදාල ව්‍යාපෘතිය තුළින් ලබන ලාභයන් ගෙවීමට බලාගෙනය. කොටින්ම කිවහොත් මේක කණපිට හරවා මොළ සේදීමක් හා නීති පද්ධතිය ශක්තිමත් කළ යුතුය. එසේ කිරීමට නම් සමහර විට මිනිසුන්ගෙන් 10% ක් දහයක් පමණ සිවිල් සමාජයෙන් ඉවත් කළ යුතුය (මේ රට කාපු). එහෙම නැතුවා නම් අපි වලපල්ලට මිසක් ගොඩ එ්මක් නෑ.