අජන්ත කුමාර අගලකඩ
ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ආණ්ඩුවෙන් ඉවත් වෙනවාද නැද්ද යන්න ලබන අට වැනිදායින් පසු පැවැත්වෙන මධ්‍යම කාරක සභා රැස්වීමේදී තීරණය කිරීමට අද පැවැති ශ්‍රීලනිප මධ්‍යම කරක සභාවේදී තීරණය විය.
කොළඹ හත මළලසේකර මාවතේ පිහිටි ජනාධිපති නිල නිවසේදී අද රාත්‍රී ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මධ්‍යම කාරක සභාව පැවැත්විණි.
මැයි හත් වැනිදාත් මැයි 15 වැනිදාත් අතර මීළඟ මධ්‍යම කාරක සභා රැස්වීම පැවත්වා එහිදී අවසන් තින්දුව ගැනීමට නියමිතය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔයින් මෙයින් පෝය දෙක ගෙවිලා ගිහිල්ලා හිටපු කට්ටිය තුනෙන් දෙකටත් වැඩි බලයක් අල්ලා ගනී දන්නෙම නැතුව.
දැන් ශ්‍රී ලංකා එකත් එජාපෙ පිළිවෙත් අනුගමනය කරන බව හොදින් පෙනේ...
ඉන්න බැරිනම් යන්න. රටක් පාලනය කරගන්න බැරි මැටි මොල්ලු.
අනේ අපරාදේ ඇයි මැයි 8 න් පස්සේ කියන්නේ 2050 හේ වෙන්න ඇති. "තක්කඩින්ගේ පාට විතරමයි වෙනස". හොරකමත් එක සමානයි, බලුවදත් කිසි වෙනසක් නැහැ.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ආපහු පාරක් එක්සත් ජාතික පක්ෂයටම ගියාම ඉවරනේ. අම්මයි තාත්තයි මොනවා කරත් චන්ද්‍රිකා මැඩම් දැන් යු එන් පී ස්ටේජ් එකේනේ. දුමින්දලාත් යු එන් පී. මෛත්‍රී ජනපති වුනේ යු එන් පී ස්ටේජ් එකට නැගල. ඔය ශ්‍රී ලංකා එකේ දැන් හරි ශ්‍රී ලංකා කාරයෙක් නැහැ. හිටපු වැඩ කාරයෝ ටික පොහොට්ටුවට ගියා. අලි වලිගෙ එල්ලිලා පිනට ඇමතිකම් ගත්ත එවුන් ටිකත් දැන් පොහොට්ටුවේ එල්ලෙන්න බලනවා. ඉතින් ඔය හිතින් යු එන් පී කටින් ශ්‍රී ලංකා කාරයෝ ටික ඉතුරුවෙලා ඉන්න චන්ද දායකයන්ව රවට්ටන එක නවත්තල කොන්දට පණක් අරන් අලි හෙවනට ගියාම ප්රශ්නය ඉවරයි.
තීන්දුවක් තීරණයක් ගන්න බැරී දුර්වල නායකයෝ, මේ අය කොහොමද රටක් පාලනය කරන්නේ ? පසුගිය පලාත් පාලන ඡන්දයෙන් පස්සේ මේ අය අන්ද මන්දවෙලා තියෙන් තමන්ගේ ඡන්ද පදනම නැතිවෙයි කියලා ආණ්ඩුවේ ඉන්නත් බයයි.තනතුර වරප්‍රසාද හා වරදාන නැතිවෙයි කියලා ආණ්ඩුවෙන් යන්නත් අකමැතියි හරියටම කියනවා නම් ගෙදර ගියොත් අඹු නසි මග හිටියොත් තා නසි කියලා කතාවක් තියෙන්නේ ඒ වගෙයී.
හිටියත් නොහිටියා වගේය.නොහිටියත් හිටියා වගේය.
ජනාධිපති කියන්නේ රටටම නායකයා නම් ඒ නිල නිවසේ පක්ෂ රැස්වීම් තියන්න පුලුවන්ද. අනික, ජනාදිපති මන්දිරය කොටුවේ තිබෙද්දී තව නිල නිවසක් මොකටද? දැන් කොටි නැහැ කියලා කෑගහන්නෙත් මෙතුමාම නම් මොකද කොටුවට යන්න බැරි.
ආපහු යු එන පී එකටම යන්නකෝ. දැන් ඉතුරුවෙලා ඉන්න කට්ටිය වඳින්නේ යු එන පී එකට නිසා මේ කට්ටියගෙන් අපිට ඇති වැඩක් නැහැ.
යනවද නැද්ද කියල තීරණය ගන්නේ ප්‍රතිපත්ති උඩ පිහිටලද? එහෙම දෙයක් වෙන්න බැහැ. ප්‍රතිපත්ති කියල දෙයක් ලංකාවේ දේශපාලකයන්ට ඇත්තෙත් නෑ. ඔය තීරණ ඔක්කොම ගන්නේ ලැබෙන වාසි බලාගෙන පමණයි. ඉන්න එකෙන් ලැබෙන වාසි යාමෙන් ලැබෙන වාසි වලට වැඩිනම් ඉන්නවා, නැත්නම් යනවා. එච්චරයි වෙන්නේ.
ඉක්මනට යන තැනකට ගියොත් නේද හොද, කාලය නාස්ති කරන්නේ නැතුව. මහජනයාගේ කාලය නාස්ති නොකර යනවානම් යන්නකෝ.
ඔය යන නොයන කතාව ඔහොමම කිව්වා පලාත්පාලන මැතිවරණයට කලින් - තීරණය පුංචි ඡන්දෙන් පස්සේ. මේ ගොල්ලන්ට බාලගිරි දෝසෙ. ඒ නිසා රටටත් බාලගිරි දෝසෙ. බොරු කිය කිය ඇමතිකම් ගෙනියමු කියන එක තමයි දැන් මේ අයට ඉතුරුවෙලා තියෙන්නේ.
බාලගිරි දෝෂය අද නොවේ හෙට.
අවුලක් නැහැ... 2019න් පස්සේ කට්ටියට ගෙදරම ඉන්න පුළුවන්.