(නාලක සංජීව දහනායක)
ජනාධිපතිවරයා විසින් ලබන 8 වැනිදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිත ආණ්ඩුවේ ප්‍රතිපත්ති ප්‍රකාශය සම්බන්ධයෙන් දින දෙකක විවාදයක් ඉල්ලා සිටීමට ඒකාබද්ධ විපක්ෂය තීරණය කර තිබේ.
රටට හා ජනතාවට සුභවාදි යෝජනා ප්‍රතිපත්ති ප්‍රකාශයට ඇතුළත් විය යුතු බවත් එසේ නොවුණ හොත් අනිවාර්යයෙන්ම මෙම විවාදය ඉල්ලා සිටින බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම මහතා පැවැසීය.
කෙසේ වෙතත් ලබන සතියේදී පැවැත්වෙන ඒකාබද්ධ විපක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමේදී මේ සම්බන්ධයෙන් තවදුරටත් සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වන බවද මන්ත්‍රීවරයා කීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ආණ්ඩුවේ ප්‍රතිපත්ති ජනතාව අනුමත කළ නිසා ජනපති අගමැති පත්වෙලා සිටින්නේ ජනතාව අනුමත කළ දෙයක් විපක්ෂය වාද කළ යුතු නැහැ...
මේ ආණ්ඩුවට ප්‍රතිපත්තියක් තියනවා කියලා මම නම් මේ ඇහුවාමයි..
ගොනා හැරෙනකොට කාට කාටත් තේරුම් යයි ද දන්නේ නැහැ එන්නේ පොල් පැලේ කන්න තමයි කියලා. මොකක් හරි සෙප්පඩ විජ්ජාවක් දාලා මිනිසුන්ගේ මොලේ කුරුවල් කරලා, කකුලෙන් ඇදලා, උද්ඝෝෂණ කරවලා ආණ්ඩුවේ ඉදිරි අවුරුදු එකහමාරේ වැඩ කටයුතු පස්සට අදින්නමයි සැලසුම් කරන්නේ. මෙතැනදී, අර යෝජිත විශේෂ අධිකරණ පිහිටුවීමට එරෙහිව කොක්කක් දාන්න තමයි මේ එන්නේ කියලා මට නම් සැකයක් ඇතිවුණා. විවාදය සම්බන්ධයෙන් ඡන්දයක් ඉල්ලීමට, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ නැති ඉඩක් සාදා ගැනීමේ උපායක් කියලත් හිතෙනවා.
මේ ආණ්ඩුවට ප්‍රතිපත්තියක් තියනවා. රටේ සම්පත් විකිණීම, මැති ඇමතිවරු සුකොපබෝගී ජිවිත ගතකිරීම. ජනතාවට දෙවියන්ගේම පිහිටයි.