(රොමේෂ් මධුෂංඛ)
යුද්දයේදී හා විවිධ හේතූන් මත විනාශ වූ උතුරේ වැව් 600 ක් ප්‍රතිසංස්කරණයට වාරිමාර්ග දෙපාර්පාර්තමේන්තුව පියවර ගෙන තිබේ.
වැව් 600 න් එක් පියවරක් වශයෙන් කිළිනොච්චිය දිස්ත්‍රික්කයේ කුඩා වැව් 44 ක් ප්‍රතිසංස්කරණය කිරීම සඳහා තෝරාගෙන ඇතැයි කිළිනොච්චිය සහකාර වාරිමාර්ග ඉංජිනේරු එස්.ආයාස්කුනම් මහතා සඳහන් කළේය.
මේ තෝරාගෙන ඇති වැවු 44 සම්බන්ධයෙන් වාර්තා සකස් කිරීම මේ දිනවල සිදු කරගෙන යන බවත් එම තොරතුරු හා අවශ්‍ය ඇස්තමේන්තු ඉදිරිපත් කිරීමෙන් පසුව වැව් ප්‍රතිසංස්කරණය කිරීමට අවශ්‍ය ප්‍රතිපාදන ලැබෙන බවත් සහකාර ඉංජිනේරුවරයා සඳහන් කළේය.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙන්න අපේ වීර හමුදාවන්ට සංවර්ධනයට උදව් දියහැකි අනගි අවස්ථාවක්...