තිළිණි ද සිල්වා
තම සේවා ස්ථාන වල ගැටලූ හා වෙනත් දුෂ්කරතා සම්බන්ධයෙන් එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ වෙසෙන ශ්‍රී ලාංකික ගෘහසේවිකාවන් ඉදිරිපත් කරන පැමිණිලි සංඛ්‍යාව මේ වසරේදී අඩුවීමක් ඇතැයි එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ශ්‍රී ලංකා තානාපති සුලෙයිමාන් ජේ.මොහිදීන් මහතා කියා සිටී.
අබුඩාබි පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය මඟින් පවත්වා ගෙන යන සුරක්ෂා නිවසේ දෙවසරකට පෙර ලාංකික ගෘහසේවිකාවන් 30 කට අධික පිරිසක් සිටි අතර මේ වන විට එම සංඛ්‍යාව පහක් දක්වා අඩු වී ඇතැයි ශ්‍රී ලංකා තානාපතිවරයා කියා සිටී.
පසුගිය වසර කිහිපයේදී සිය සේවා ස්ථාන වලින් පෙරොන්දු වූ පරදි වැටුප් නොලැබීම් , හාම්පුතුන්ගේ විවිධ හිරහැරයන්ට ලක්වීම ආදී ගැටලූ රැසක් හේතුවෙන් ශ්‍රී ලාංකික ගෘහසේවිකාවන් කිහිපදෙනෙකුම රැකවල් පතා මෙම සුරක්ෂා නිවස වෙත පැමිණි බව පෙන්වා දුන් තානාපතිවරයා කියා සිටියේ මේවසරේදී එලෙස ලැඛෙන පැමිණිලි අඩුවී ඇති බවයි.
මේවන ශ්‍රී ලාංකික ශ්‍රමිකයින් 175,000 ක් පමණ විට එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ විවිධ රැකියාවන්හි නිරතව සිටින අතර ඔවුන් ඉකුත් වසරේදී පමණක් ඇමෙරිකානු ඩොලර් මිලියන 7.2ක විදේශ විනිමයක් මෙරටට එවා ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙන්න බොරු කියනවා.
අපි නොදන්න එමීර් රාජ්‍ය සහ ලංකාවේ තානාපති කාර්යාල
" සුරක්ෂා නිවෙස" ගැන එකේ හිටපු අයගෙන් ඇහෙන කතා අහපුවාම එකේ පැත්ත පලාතක මොලේ තියෙනේ කෙනෙක් යාවිද මන්දා
පැමිණිලි කලාට වැඩක් නැහැ කියන එක ටික ටික මිනිසුන්ට තේරුම් යනවා . ඒක හැමෝම තේරුම් ගත්ත දවසට පැමිණිලි නැත්තටම නැතිවෙලා යයි .