කොළඹ මාලිගා කුමන්ත්‍රණ වලට බය වෙන්නෙ නෑ කොළඹ මාලිගා කුමන්ත්රණවලට මාලිමා ආණ්ඩුව බය වන්නේ නැතැයි ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා නිකවැරටිය ජනරැළිය අමතමින් අද (11)පැවැසීය. 11 October 2026
IOC සමාගමට මාස තුනට කෝටි 200ක පාඩුවක් මැද පෙරදිග අර්බුදයත් සමග ගෝලීය ඉන්ධන මිල ඉහළ යාමත් සමග ඉන්ධන සහනාධාරය නොමැතිව ජූලි, අගෝස්තු සහ සැප්තැම්බර් මාස තුනේදී ඉන්ධන අලෙචි කිරීමට සිදුවීම හේතුවෙන් ලංකා අයි.ඕ.සී සමාගමට පමණක් රුපියල් කෝටි 200 ක පාඩුවක් සිදුව ඇතැයි ආරංචි මාර්ග ප්‍රකාශ කළේය. 11 October 2026
නේපාලයේ නාය යාමකින් බුධි ගණ්ඩකි ගංගාව හරස්වෙලා මහා ගංවතුරක් නේපාලයේ ගොර්කා දිස්ත්‍රික්කයේ සිදුවූ නායයෑමක් හේතුවෙන් ගංගාවක් අවහිර වී ඇති වූ හදිසි ගංවතුර තත්ත්වයකින් පුද්ගලයන් පස්දෙනකු අතුරුදන් වී නිවාස සහ පාලම් රැසක් විනාශ වී ඇතැයි රොයිටර් පුවත් සේවය අද වාර්තා කළේය. 11 October 2026
බෑනාගේ පහරින් මාමණ්ඩිය එලොව යයි නිට්ටඹුව දංගොල්ලවත්ත, සුහද මාවත පිහිටි නිවසක් ඉදිරිපිටදී බහින්බස්වීමක් දුරදිග යාමෙන් පසු බෑණනුවන් එල්ල කළ බව කියන පොලු පහරකින් බරපතල තුවාල ලැබූ අසූ හැවිරිදි මාමන්ඩිය වතුපිටිවල මූලික රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මියගොස් ඇතැයි නිට්ටඹුව පොලිසිය කියයි. 11 October 2026
දූෂණයට තවත් මැති ඇමැති 20කට දැල එලයි අල්ලස්, දූෂණ සහ අයථා ලෙස වත්කම් ඉපයීමේ චෝදනා සම්බන්ධයෙන් හිටපු මැති ඇමතිවරුන් හිටපු මැති ඇමති බිරින්දෑවරුන් දරුවන් සහ ඥාතීන් ඇතුළු තවත් විස්සකට වැඩි පිරිසක් සම්බන්ධයෙන් දිගින් දිගටම විමර්ශන පැවැත්වෙන බව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභා ආරංචි මාර්ග පවසයි. 11 October 2026
සරසවිවලට නවක සිසුන් බඳවා ගැනීම එකම දිනයක සියලුම විශ්ව විද්‍යාලවලට ළමයින් එකම දිනයකදී බඳවා ගැනීමට සැලසුම් කර ඇතැයි අධ්‍යාපන සහ උසස් අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය මධුර සෙනෙවිරත්න මහතා පැවසීය. 11 October 2026
නාමල්ගෙන් ජනපතිට තවත් ලිපියක් ලබන අයවැයෙන් පාසල් දරුවන් සඳහා අත්‍යවශ්‍ය භාණ්ඩ වලට බදු සහන ලබාදීමට කටයුතු කරන්නැයි ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාට ලිපියක් යවමින් පවසයි. 11 October 2026
ශ්‍රී ලංකා නිදහස් වෘත්තීය සමිති සම්මේලනයෙන් රජයට යෝජනාවලියක් රාජ්‍ය සේවකයන්ට 2027 අයවැයෙන් රුපියල් 25,000 ක අන්තර් කාලීන දීමනාවක් ගෙවීම සහ අත්‍යවශ්‍ය ද්‍රව්‍ය මත පනවා අැති බදු ඉවත් කිරීම ඇතුළු ඉල්ලීම් ගණනාවක් රජයට ඉදිරිපත් කිරීමට ශ්‍රී ලංකා නිදහස් රජයේ වෘත්තීය සමිති සම්මේලනයේ මධ්‍ය විධායක සභාව පසුගියදා තීරණය කළේය. 11 October 2026
හෝමූස් පසු කරන්න ගිය බොරතෙල් නැවක් පිපිරී මහා ගින්නක් හෝමුස් සමුද්‍ර සන්ධිය හරහා යාත්‍රා කිරීමට උත්සාහ කළ විශාල බොරතෙල් ප්‍රවාහන නෞකාවක් ඉස්ලාමීය විප්ලවවාදී ආරක්ෂක බළකාය මුහුදේ අටවා තිබූ බෝම්බයක ගැටීමෙන් පිපිරීමක් ඇතිවී විශාල ගින්නක් හටගෙන ඇතැයි ඉරාන ප්‍රෙස් ටීවී පුවත් සේවය පසුගියදා වාර්තා කළේය. 11 October 2026
යුක්රේනයට නව ජනපතිවරයකු පත් කිරීමේ කාලය ඇවිත්-ට්‍රම්ප් යුක්රේනයට නව ජනාධිපතිවරයකු පත්කර ගැනීමට කාලය පැමිණ ඇතැයි ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පසුගියදා ප්‍රකාශ කළේය. 11 October 2026
ඥානසාර හිමි නිදහසේ පා ගමන අද කඩුගන්නාවෙන් ආරම්භ වේ බන්ධනාගාර ගතව සිටින ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ගේ නිදහස වෙනුවෙන් ඊයේ මහනුවරින් ආරම්භ කළ අධිෂ්ඨන පූජාව සහ නිදහසේ පාද යාත්‍රාවේ දෙවන දිනය අද කඩුගන්නාවෙන් ආරම්භ වේ. 11 October 2026
අස්වැසුම හොරා කැවැයි නෝර්වුඩ් ප්‍රා.ලේ කාර්යාලේ පිරිසක් පිළිගනීයි අස්වැසුම ප්රතිලාභ වංචනික ලෙස තම නමට සහ තම ඥාතීන්ගේ නමට ලබා ගත් නෝර්වුඩ් ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ සේවකයන් රැසක් විමර්ෂණයක් ආරම්භ කිරිමට ප්‍රථම ස්වේච්ඡාවෙන් ප්‍රාදේශීය ලේකම්වරයා හමුවේ වංචාවක් සිදු කළ බවට පිලිගෙන ඇතැයි ප්‍රාදේශීය ලේකම් කාර්යාලය ආරංචි මාර්ග කියයි. 11 October 2026
සොරගත් ඡංගම දුරකතන සමග තිදෙනෙක් අත්අඩංගුවට කොල්ලකන ලද ලක්ෂ 15 කට වැඩි වටිනාකමින් යුතු, ස්මාට් ජංගම දුරකථ 29 ක්, සීසීටීවී කැමරාවක් සහ විදුලි සංචිතයන් ( පවර් බෑන්ක්) තුනක් සංතකයේ තබාගෙන සිටි සැකකරුවන් තිදෙනකු, අත් අඩංගුවට ගත් බව පුත්තලම කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකය පවසයි. 11 October 2026
බන්ධනාගාර නියාමක ගංජා සමග මාට්ටු අඟුණකොලපැලැස්ස බන්ධනාගාරයේ රාජකාරියේ යෙදි සිටි බන්ධනාගාර උපක්රමික බලකා නියාමකවරයකු ගංජා සන්තකයේ තබාගෙන සිටියදි අත් අඩංගුවට ගෙන ඇතැයි දකුණු පළාත් බාර නියෝජ්‍ය පොලිස්පති කාර්යාලය පවසයි. 11 October 2026
අගමැතිනිය වැඩබලන අටමස්ථානාධිපති හිමි බැහැ දකී අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය වැඩ බලන අටමස්ථානාධිපති ඊතල වැටුණුවැවේ ඥානතිලක නාහිමි බැහැ දැක ආශිර්වාද ලබා ගත්තාය. 10 October 2026
කළුතර ව්‍යාපාරිකයාට වෙඩි තැබූ වෙඩික්කරු අල්ලයි කළුතර නාගොඩ ප්‍රදේශයේ හෝටලයකදී එහි හෝටල් හිමි කවුරු වෙඩි තබා ඝාතනය ඔහුගේ බිරියට බරපතල තුවාල සිදුකළ ප්‍රධාන වෙඩික්කරු අත්අඩංගුවට ගත් බව පොලිස් විශේෂ කාර්ය බළකාය පවසයි. 10 October 2026
‘‘යහපාලනය කාලේ ඥානසාර හිමිගේ සිවුර ඉවත් කළේ නෑ‘‘ යහපාලන ආණ්ඩුව සමයේ ඥානසාර හිමියන් බන්ධනාගාරයට යවද්දී සිවුර ඉවත් කළේ නැතැයි හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එක්සත් ජාතික පක්ෂ නීතීඥ හමුවකදී පැවසීය. එවකට අධිකරණ ඇමැතිනී තලතා අතුකෝරළ කොටපිටියේ රාහුල හාමුදුරුවන්ට යැවූ ලිපියේ ඒ පිළිබඳව පැහැදිලිව පොරොන්දුවක් දී තිබෙන්නේ යැයිද හිටපු ජනාධිපතිවරයා කීය. 10 October 2026
තවත් බස් රියැදුරකුගෙන් මෙට්‍රෝ බසයකට හානි කැස්බෑව කොළඹ මාර්ගයේ මිරිස්වත්ත ප්‍රදේශයේදී මෙට්‍රෝ බස් රථයක් හිතා මතා අනතුරට ලක් කිරීම සම්බන්ධයෙන් සුඛෝභෝගී බස් රථයක රියදුරකු අත්අඩංගුවට ගත් බව පිළියන්දල පොලිසිය සඳහන් කරයි. 10 October 2026
අනෝජන්ගේ දඬුවම ලිහිල් කරගන්න සෞදි ශ්‍රේෂ්ඨාධිකරණයට අභියාචනයක් සෞදි අරාබියේ මරණ දඬුවම නියම වී සිටින අනෝජන් සිවරාසාගේ මරණ දඬුවම ලිහිල් කරගැනීමට අද (10) සෞදි ශ්‍රේෂ්ඨාධිකරණයට අභියාචනයක් ඉදිරිපත් කිරීමට නියමිතය. 10 October 2026
කතානායක විශ්වාසභංග විවාදයට දින දෙකක්? කතානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාට එරෙහිව සමගි ජන බලවේගය විසින් බාර දෙනු ලැබූ විශ්වාසභංග යෝජනාව පිළිබඳ විවාදයට දින දෙකක් වෙන් කරන ලෙස පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවෙන් ඉල්ලීමත් කිරීමට විපක්ෂය තීරණය කර ඇත 10 October 2026
බන්ධනාගාර රෙගුලාසි යාවත්කාලීන කරන කමිටුව රැස්වෙයි ත්‍රෛනිකායික මහා සංඝරත්නය සහ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අතර පසුගිය 08 වැනිදා පැවති සාකච්ඡාවේදී තීරණය වූ පරිදි, බන්ධනාගාර ආඥාපනත යටතේ සාදන ලද නීති රෙගුලාසි සහ නිත්‍ය නියෝග යාවත්කාලීන කිරීම පිණිස පත් කරන ලද විශේෂ කමිටුවේ මූලික සාකච්ඡාව ජනාධිපති කාර්යාලයේදී පැවැත්විණි. 10 October 2026
සරසවිවලට අලුතින් ඇදුරෝ 2000ක් විශ්ව විද්‍යාලවලට ආචාර්යවරුන් 2000 ක් බඳවාගැනීමට අනුමැතිය ලබාගෙන ඇතැයි අගමැතිනී, අධ්‍යාපන උසස් අධ්‍යාපන ඇමැතිනී 10 October 2026
34,000ක් වත්කම මග හැරලා දූෂණ විරෝධී පනත යටතේ වත්කම් බැරකම් ඉදිරිපත් කළ යුතු නිලධාරීන් අතරින් 34,000කට ආසන්න පිරිසකගෙන් ප්‍රමාද ගාස්තු අයකර ගැනීමට හඳුනාගෙන ඇතැයි අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභා ආරංචි මාර්ග පවසයි. 10 October 2026
රාජ්‍ය බැංකුවේ කෝටි 13ක් වංචා කළ මුදල් අයකැම් වසර 35ක් හිරගෙට මෙරට රාජ්‍ය බැංකුවකට අයත් රුපියල් ලක්ෂ 1300 කට අධික මුදලක් සාවද්‍ය ලෙස පරිහරණය කළ එම බැංකුවේ නිලධාරියකුට වසර 35 ක සිර දඩුවම් නියම කළ හෝමගම මහාධිකරණ විනිසුරු ක්‍රිශාන්ති අමරතුංග මහත්මිය එය වසර 15 කින් ගෙවී යන ලෙස නියම කලාය. 10 October 2026
සෞඛ්‍ය කාර්ය සහායකයින් 436 කට පත්වීම් ප්‍රාථමික සේවා ගණයේ සෞඛ්‍ය කාර්ය සහායකයින් 436 කට පත්වීම් ලිපි ප්රදානය කිරිමට සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශය තීරණය කර තිබේ. 09 October 2026
එල්නිනෝ හේතුවෙන් ඉදිරි සතියේ සිට රටපුරා තද වැසි එල්නිනෝ තත්වයේ බලපෑම හේතුවෙන් ඉදිරි සතියේ සිට දිවයින පුරා තද වැසි බලාපොරොත්තු විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂ ජනරාල් අජිත් විජයමාන්න මහතා පැවසීය. 09 October 2026
පොල්ගහවෙල - පේරාදෙණිය පාසල් දුම්රියක් පොල්ගහවෙල - පේරාදෙණිය අතර ගමන් කරන පාසල් ළමුන් සහ අනෙකුත් මගීන් සඳහා දුම්රියක් ධාවනය ආරම්භ කිරීමට දුම්රිය දෙපාර්තමේන්තුව තීරණය කර තිබේ. 09 October 2026
විනිසුරු තිළිණ ගමගේ අධිකරණ සේවයෙන් ඉවතට මොරටුව හිටපු දිසා විනිසුරු තිලිණ ගමගේ මහතා අධිකරණ සේවයෙන් ඉවත් කිරීමට අධිකරණ සේවා කොමිෂන් සභාව තීරණය කර ඇත. 09 October 2026
මේ වසරේ තැපෑලෙන් මිලියන 15000 ක ආදායමක් මෙම වසරේ තැපෑලෙන් රුපියල් මිලියන 15,000 ක ආදායම් ඉලක්කය සපුරා ගැනීමට හැකි බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසීය. 09 October 2026
සා.පෙ සෞන්දර්ය පරීක්ෂණයට යන්න බැරි වූ දරුවන්ට වෙනත් දිනයක් සාමන්‍ය පෙළ විභාගයේ සෞන්දර්ය ප්‍රයෝගික පරීක්ෂණවලට සභභාගී වීමට නොහැකි වූ සබරගමුව පළාතේ දරුවන්ට වෙනත් දිනයක් ලබා දෙන බව විභාග කොමසාරිස් ජනරාල් ඉන්දිකා කුමාරි ලියනගේ පැවැසුවාය... 27 October 2026