SLS නැති හෙල්මට් පාරිභෝගික අධිකාරිය භාරයට එස්.එල්. එස් ලාංඡනය නොමැති හෙල්මට්වලට එරෙහිව ජූලි සහ ඔක්තෝබර් මාසවලදී දිවයින පුරා සිදුකළ විශේෂ වැටලීම් 182කදී හෙල්මට් 758කට අධික ප්‍රමාණයක් සිය භාරයට ගෙන නීතිය ක්‍රියාත්මක කළ බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පවසයි. 12 October 2026
ඥානසාර හිමිට නිදහස පතා පා ගමන අද වරකාපොළට සිරගතව සිටින ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් නිදහස් පතා මහනුවර දළදා මාලිගාව ඉදිරිපිට වාරියපොළ සුමංගල හිමි පිළිරුව අසලින් ආමරභ කළ පාද යාත්‍රාවේ තෙවන දිනය වූ අද පාද යාත්‍රාව කෑගල්ල නගරයෙන් ආරම්භ වී වරකාපොල නගරය දක්වා පැමිණියහ. 12 October 2026
ලබන අයවැයෙන් නිවාස ආධාර ඉහලට ලබන අයවැයෙන් නිවාස ආධාර මුදල් ඉහළ නැංවීමට සාකච්ඡා කරමින් සිටින බව පළාත් සභා සහ පළාත් පාලන නියෝජ්‍ය අමාත්‍ය රුවන් සෙනරත් මහතා පැවැසීය. 12 October 2026
යතුරුපැදිකරුවකුට පහර දුන් නාවලපිටිය නගර සභා සභාපති අත්අඩංගුවට යතුරුපැදි අනතුරකින් පසුව යතුරුපැදිකරුට පහරදීමේ සිද්ධිය සම්බන්ධයෙන් නාවලපිටිය නගර සභාවේ සභාපති, ඔහුගේ පුත්‍රයා, බෑනා සහ යතුරුපැදි අනතුර සිදු කල නාවලපිටිය ඉඹුල්පිටිය වතුයායේ සහකාර වතු අධිකාරිවරයාව නාවලපිටිය පොලිසිය මගින් අද (12) අත්අඩංගුවට ගෙන අධිකරණය වෙත ඉදිරිපත් කරනු ලැබූහ. 12 October 2026
ශිරන්ති ජාතික රෝහලට ‘සිරිලිය සවිය’ ආයතනයේ මුදල් අවභාවිතා කළේ යැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් රිමාන්ඩ් බන්ධනාගාරගතව සිටින හිටපු ජනාධිපති බිරිඳ ශිරන්ති රාජපක්ෂ මහත්මිය කොළඹ ජාතික රෝහලට අද (12) පෙරවරුවේ ඇතුළත් කළ බව බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක, බන්ධනාගාර කොමසාරිස් සේනක පල්ලෙතැන්න මහතා පැවසීය. 12 October 2026
ඉන්දියාවේ ප්‍රධාන විපක්ෂයත් වීදි බසී ඡන්දදායකයන් මිලියන 130 ක් ඡන්ද හිමි නාමලේඛනවලින් ඉවත් කිරීමට කටයුතු කිරීමේ සිද්ධිය මුල්කොට ගනිමින්, ඉන්දීය ප්‍රධාන මැතිවරණ කොමසාරිස් ගයානේෂ් කුමාර්ට සිය ධුරයෙන් ඉල්ලා අස්වෙන්නැයි බල කරන, ‘කැරපොතු ජනතා පක්ෂ’ ක්‍රියාකාරීන් ආරම්භ කළ විරෝධතාවට ඉන්දියාවේ ප්‍රධාන විපක්ෂය වන ‘කොංග්රස්’ පක්ෂය ප්රමුඛ ‘ඉන්දියා’ විපක්ෂ සන්ධානය ද එක් වී සිටී. 12 October 2026
පාර්ලිමේන්තුවේ අලුත් භාෂා පරිවර්තන ඒකකය විවෘත කරයි පාර්ලිමේන්තුවේ අභිනව භාෂා පරිවර්තන ඒකකය පාර්ලිමේන්තු මහ ලේකම් කුෂානි රෝහණදීර මහත්මිය අතින් විවෘත කෙරිණි. 12 October 2026
චාමර සම්පත් අත්අඩංගුවට හිටපු අමාත්‍ය හා පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසමේ නිලධාරින් විසින් අත්අඩංගුවට ගෙන ඇත. 12 October 2026
මහින්ද රෝහල් ගත කලත් මානසිකව වැටිලා නෑ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා රෝහල් ගත කර තිබෙන නමුත් එතුමා මානසිකව වැටී නැතැයි රාජපක්ෂ මහතාගේ මාධ්‍ය ප්‍රකාශක නීතිඥ මනෝජ් ගමගේ මහතා පැවසීය. 12 October 2026
අවුරුදු දෙකට කුඩු කිලෝ 3511ක් අත්අඩංගුවට ගතවූ වසර දෙකට හෙරොයින් කිලෝ 3511 අත්අඩංගුවට ගෙන තිබෙන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පැවැසීය. 12 October 2026
චාමර සම්පත් අල්ලස් කොමිසමට පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායක මහතා ප්‍රකාශයක් ලබාදීම සඳහා අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවට පැමිණ ඇත. 12 October 2026
ශිරන්තිගේ පෙත්සම නිෂ්ප්රභා කරයි පිළිකාරෝගයෙන් පෙළෙන ළමයින් ස්කෑන් කිරීම සඳහා රිජ්වේ ආර්යා ළමා රෝහලට සී.ටී. ස්කෑන් යන්ත්‍රයක් මිලදී ගැනීමට යැයි පවසමින් ජාතික ඉතිරි කිරීමේ බැංකුවෙන් රුපියල් ලක්ෂ 100ක මුදලක් ලබාගෙන වංචා කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් තමන් අත්අඩංගුවට නොගන්නැයි ඉල්ලමින් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ බිරිය වූ ශිරන්ති රාජපක්ෂ ගොනු කළ අපේක්ෂිත ඇප අයැදුම්පත්‍රය මාලිගාකන්ද මහේස්ත්‍රාත් ජනිතා පෙරේරා මහත්මිය නිෂ්ප්‍රභ කළාය. 12 October 2026
චන්දිම වීරක්කොඩි අල්ලස් කොමිසමට අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව කරනු ලබන විමර්ශනයකට අදාළව සාක්ෂි කරුවකු ලෙස ප්‍රකාශයක් ලබාදීම සඳහා හිටපු අමාත්‍ය චන්දිම වීරක්කොඩි මහතා අල්ලස් කොමිසමට පැමිණ ඇත. 12 October 2026
රුසියා-යුක්රේන බලශක්ති සටන් විරාමයක් - ට්‍රම්ප් රුසියාව සහ යුක්රේනය අතර පවතින යුද ගැටුම් හමුවේ, බලශක්ති යටිතල පහසුකම් වෙත ප්‍රහාර එල්ල කිරීම වහාම ක්‍රියාත්මක වන පරිදි අත්හිටුවීමේ ‘බලශක්ති විරාමයකට’ දෙපාර්ශ්වයම එකඟ වූ බව ඇමෙරිකා එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසයි. 12 October 2026
මහින්ද රෝහල් ගත කරයි හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා හදිසි රෝගී තත්ත්වයක් හේතුවෙන් රෝහල් ගත කර තිබේ. 12 October 2026
සෞදි ගුවන්තොටුපොළවලට භාවිතයෙන් වළකින්න සෞදියේ ගුවන්තොටුපොළ භාවිතා කිරීමෙන් වැළකින්නැයි යේමනයේ ප්රචණ්ඩ ක්‍රියා සිදු කරන ෂියා මුස්ලිම් හූති සටන්කාමීන්, විදේශිකයන් ඇතුළු සියලු ගුවන් මගීන්ගෙන් ඉල්ලීමක් කර ඇත. 12 October 2026
කයිබර් පක්තුන්ක්වා ප්‍රාන්තයට හදිසි තත්ත්වයක් පාකිස්තානයේ වයඹදිග කයිබර් පක්තුන්ක්වා ප්‍රාන්තයට හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත් කිරීමට පාකිස්තාන මධ්‍යම රජයේ බලධාරීන් පියවර ගෙන ඇත. 12 October 2026
සංක්‍රමණික මගී යාත්‍රාවක් පෙරැළී 139 ක් මරුට අප්‍රිකාවට අයත්, ජිබුටි රාජ්‍යයේ ඔබොක් වරාය නගරයට ඔබබෙන් මුහුදේ අනවසර සංක්‍රමණිකයන් රැගත් යාත්‍රාවක් ගිලී යෑමෙන් කුඩා දරුවන් 15 දෙනකු ද ඇතුළු 139 දෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ. යාත්‍රාව මුහුදේ ගිලී යද්දී එහි 305 දෙනෙක් සිට ඇත. 12 October 2026
තුර්කියේ දරුවන්ට සමාජ මාධ්‍ය තහනම් වයස අවුරුදු 15ට අඩු දරුවන්ට සමාජ මාධ්‍ය භාවිතය තහනම් කිරීමට තුර්කි රජය ද පියවර ගෙන ඇත. ඒ අනුව, ලබන නොවැම්බර් 1 වැනිදා සිට මෙම තහනම ක්‍රියාවට නැංවෙයි. 12 October 2026
පොලන්ත අගමැති ඝාතන කුමන්ත්‍රණයක් පෝලන්ත අග්‍රාමාත් ඩොනල්ඩ් ටුස්ක් සහ ආරක්ෂක අමාත්‍ය ව්ලැඩිස්ලාව් කොසිනියැක්-කාමිෂ් ඝාතනය කිරීමේ සූදානමක් පවතින බවට තොරතුරු ලැබී ඇතැයි පෝලන්ත බුද්ධි අංශ පවසයි. 12 October 2026
පෙණහල්ලක ගැටිත්තක්: පාප්තුමා රෝහලේ ශුද්ධෝත්තම ලියෝ පාප්තුමා රෝහල්ගත කළ බවත්, ඔහුට සැත්කමක් සිදු තකිරීමට නියමිත බවත් වතිකානය නිවේදනය කර ඇත. 12 October 2026
ආසියාවේ වේගයෙන් සංවර්ධනය වන රටවල් අතරට ලංකාවත් ආසියානු සංවර්ධන බැංකුවේ 2026 සැප්තැම්බර් ආර්ථික ඉදිරි දැක්ම වාර්තාවේ දත්ත පදනම් කරගෙන සකස් කළ ආසියාවේ වේගයෙන් වර්ධනය වන ආර්ථිකයන් 18ක ලැයිස්තුවට ශ්‍රී ලංකාවද ඇතුළත්ව තිබේ. 12 October 2026
හූති කැරලිකරුවන්ට පහර දෙන්න ඇමෙරිකාවත් සූදානම් යේමනයේ ක්‍රියාත්මක ඉරානයේ සහාය ලබන හූති කැරලිකරුවන්ට එරෙහිව සෞදි අරාබිය එල්ල කරන ප්‍රහාරවලට ඇමෙරිකාව එක්වීමට ඉඩ ඇතැයි ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පසුගියදා ප්‍රකාශ කළේය. 12 October 2026
වසරකට 3000ක් මඟ මරුවාට බිලි ශ්‍රී ලංකාවේ රිය අනතුරු හේතුවෙන් වාර්ෂිකව 3000 කට අාසන්න සංඛ්‍යාවක් ජීවිතක්ෂයට පත්වන බව ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍යාංශ දත්ත වාර්තා පෙන්වා දෙයි. 12 October 2026
ගිනි අවියක් සමග අයෙක් මාට්ටු විදේශිය රටක නිෂ්පාදිත ගිණි අවියක් සහ එහි උණ්ඩ 06ක් සමග සැකකරුවකු විරකැටිය පොලිසිය අත් අඩංගුවට ගෙන ඇති බව දකුණු පළාත් බාර නියෝජ්‍ය පොලිස්පති කාර්යාලය පවසයි. 12 October 2026
පුත්තලමේ පැත්තකට තද වැසි සමග තද සුළං මහ වැසිත් සමග හමා ආ දැවැන්ත සුළගකින් මුන්දලම ප්‍රදේශීය ලේකම් බල ප්‍රදේශයේ නිවාස 10 කට 11 දින හවස හානි සිදුව ඇති බව පුත්තලම ආපදා කළමණාකරණ ඒකකය පවසයි. 11 October 2026
පෞද්ගලික අංශයේ තෙල් ඒකාධිකාරිය කඩන්න අලුත් පියවරක් පෞද්ගිලික අංහයේ ඉන්ධන ඒකාධිකාරිය පවතින ප්‍රදේශ ආශ්‍රිතව ලංකා ඛණිජ තෙල් නීතිගත සංස්ථාවට අයත් ඉන්ධන පිරවුම්හල් ස්ථාපිත කිරීමට අවශ්‍ය පියවර ගන්නා බව බලශක්ති අමාත්‍ය අනුර කරුණාතිලක මහතා කොළඹදී පැවසිය. 11 October 2026
කලගුණයේ ලොකු වෙනසක් අනිද්දා වන විට නිර්මාණය විය හැකියි ගිනිකොණ දිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශය ආශ්‍රිතව අනිද්දා(13) දිනය වනවිට අඩු පීඩන කලාපයක් නිර්මාණය වීමට ඉඩ ඇති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. 11 October 2026
නියෝග සම්මත වූ සැණින් චීවරය දරා එළියට වඩින්න අවසර බන්ධනාගාර ගත වන භික්ෂූන් වහන්සේලා සම්බන්ධයෙන් බන්ධනාගාර ආඥා පනතේ නීති රෙගුලාසි සහ නිත්‍ය නියෝග යාවත්කාලීන කිරීමෙන් අනතුරුව අදාළ නිකායේ හෝ පාර්ශ්වයේ නිර්දේශය මත භික්ෂුන් වහන්සේලා චීවරය සහිතව බන්ධනාගාරයෙන් බැහැරට ගෙන යාමට කටයුතු කෙරෙනු ඇතැයි ජනාධිපති කාර්යාලය පවසයි. 11 October 2026
අයවැය සහන ගැන ජනපති කියයි 2027 ජනවාරියේ රාජ්‍ය සේවකයන්ගේ වැටුප වැඩිවෙන අතර රුපියල් 38000 ක් ගත් ගුරුවරයකුගේ වැටුප රුපියල් 65000කට ආසන්න ප්‍රමාණයකට වැඩිවෙන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා නිකවැරටිය ජන රැළියේදී පැවසීය. 11 October 2026
සා.පෙ සෞන්දර්ය පරීක්ෂණයට යන්න බැරි වූ දරුවන්ට වෙනත් දිනයක් සාමන්‍ය පෙළ විභාගයේ සෞන්දර්ය ප්‍රයෝගික පරීක්ෂණවලට සභභාගී වීමට නොහැකි වූ සබරගමුව පළාතේ දරුවන්ට වෙනත් දිනයක් ලබා දෙන බව විභාග කොමසාරිස් ජනරාල් ඉන්දිකා කුමාරි ලියනගේ පැවැසුවාය... 27 October 2026