මෙක්සිකෝවේ දුම්රියක් පීලි පනී දකුණු මෙක්සිකෝවේ අන්තර් සාගරික දුම්රියක්, පීලි පැනීමකින් 13 ක් ජීවිතක්ෂයට පත්වූහ. තවත් බොහෝ දෙනෙක් තුවාල ලැබූහ. අනතුර සිදුවෙද්දී දුම්රියේ මගීන් 241 දෙනකු සහ කාර්ය මණ්ඩල සාමාජිකයන් 9 දෙනකු සිටි බව පැවැසෙයි. 29 December 2025
‘කුෂ්‘ සමඟ හතරක් ගුවන්තොටේදී මාට්ටු රුපියල් විසි කෝටි හැට අට ලක්ෂ හතලිස් දහසක් වටිනා ’’ කුෂ්’’ මත්ද්‍රව්‍ය තොගයක් රැගෙන , ඒවා කටුනායක ගුවන් තොටුපොළෙන් පිට කර ගෙන යමින් සිටි ශ්‍රී ලාංකික ගුවන් මගීන් සිව් දෙනෙකු අද(29 ) උදෑසන ගුවන් තොටුපොළ පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ නිලධාරීන් පිරිසක් විසින් අත් අඩංගුවට ගෙන තිබේ . 29 December 2025
පිරිස පොරකද්දී තලපති වැටිලා මැලේසියාවේ සංචාරයෙන් පසු චෙන්නායි ගුවන්තොටුපොළට පැමිණ සිය මෝටර් රථයට ගොඩවීමට උත්සාහ ගනිද්දී සුපිරි නළු තලපති විජේ පය පැටලී ඇද වැටුණි. 29 December 2025
මන්නාරම වෙඩි තැබීමේ සිද්ධියේ ව්‍යාපාරිකයා අල්ලයි මන්නාරම අධිකරණ සංකීර්ණය ඉදිරිපිටදී පුද්ගලයන් දෙදෙනෙකු වෙඩි තබා ඝාතනය කිරීම සහ තවත් දෙදෙනෙකුට වෙඩි තබා බරපතල තුවාල සිදු කිරීමේ සිද්ධියේ ප්‍රධාන සැකකරු වන කෝටිපති ව්‍යාපාරිකයා මන්නාරම කොට්ඨාස අපරාධ විමර්ශන අංශය මගින් අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි. 29 December 2025
උතුරු කොරියාවේ ජාතික පුවත්පත කියවන්න දකුණු කොරියානුවන්ට අවසර උතුරු කොරියාවේ, ‘රොඩොංග් සිංමුන්’ ජාතික පුවත්පත, දකුණු කොරියානුවන්ට කියවීමට දකුණු කොරියානු ජනාධිපති ලී ජෙයි මයුංග් පරිපාලනය තීරණය කර ඇත. 29 December 2025
උඩවලව අනතුරකින් හිමි නමක් අපවත් වෙති ඇඹිලිපිටිය රත්නපුර ප්‍රධාන මාර්ගයේ උඩවලව කොළඹගෙආර ප්‍රදේශයේ දී පෞද්ගලික බස් රථයක් හා ත්‍රීරෝද රථයක් මුහුණට මුහුණ ගැටීමෙන් ත්‍රිරෝද රථයේ ගමන්ගත් දෙදෙනකු මියගොස් එක් අයකු බරපතල තුවාල ලබා ඇතැයි උඩවලව පොලිසිය කියයි. 29 December 2025
තරුණියක් ගිං ඔයේ සැඟවෙයි වෙන්නප්පුව නයිනමඩම පාලම මතින් ගිංඔයට වැටුණු 17 හැවිරිදි තරුණිය අතුරුදන්ව ඇය බේරා ගැනීමට ගඟට පැන්නතරුණයකු බේරාගෙන ඇතැයි වෙන්නප්පුව මුලසථාන පොලිසිය කියයි. 29 December 2025
මුහුදේ පාවෙමින් තිබු විනාශ වු යානයක කොටස් හමුවෙයි සාම්පූර්, මලෙයි මුන්දල් නාවික කදවුරට ආසන්න මුහුදේ පාවෙමින් තිබූ පුපුරා ගිය හෝ විනාශ වී ගිය බවට සැක කරන රොකට්ටුවක හෝ ගුවන් යානයක කොටස් කිහිපයක් ඊයේ (28) ධීවර පිරිසක් විසින් සොයාගෙනතිබේ 29 December 2025
දඹුල්ලේ එළවලු මිල පහළ බැහැලා ඉකුත් දින කිහිපයට සාපේක්ෂව අද(29 ) දඹුල්ල විශේෂිත ආර්ථික මධ්‍යස්ථානයේ එළවලු තොග මිල පහත වැටි තිබේ . 29 December 2025
හොරණ ටයර් කර්මාන්ත ශාලාවක ගින්නක් හොරණ, වවුලගල, ප්‍රදේශයේ ටයර් කර්මාන්ත ශාලාවක අද(29) උදෑසන ඇතිවූ ගින්නකින් එම කර්මාන්තශාලාව ගිනිගෙන දැවෙමින් පවතින බව හොරණ පොලිසිය කියයි. 29 December 2025
ප්‍රදේශ කීපයකට තරමක තද වැසි ඌව පළාතෙත් අම්පාර, මඩකළපුව,මාතලේ,නුවරඑළිය සහ පොලොන්නරුව දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව දැනුම් දෙයි. 29 December 2025
සෙලෙන්ස්කී ජනපති ට්‍රම්ප් හමුවෙයි යුක්රේන ජනාධිපති ව්ලොදිමීර් සෙලෙන්ස්කී සහ ඇමෙරිකන් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් අතර හමුවක් ඇමෙරිකාවේ ෆ්ලොරීඩා ජනපදයේ ට්‍රම්ප්ට අයත් මාර් අ ලාගෝ මන්දිරයේ දී පැවැත්විණි. ඒ රුසියන් යුක්රේන යුද්ධය නිමා කිරීමේ අරමුණින්ය. 29 December 2025
ලොව වේගවත්ම දුම්රිය චීනය නිපදවයි තත්පර දෙකක් තුළ පැයට කිලෝ මීටර් 700 ක වේගයක් ලබා ගනිමින් චීන දුම්රියක් නව ලෝක වාර්තාවක් පිහිටුවා ඇත. 28 December 2025
රටේ ණය කන්ද කෝටි විසිනව ලක්ෂයත් පනී මෙම වසරේ සැප්තැම්බර් මාසය අවසන් වනවිට මෙරට රජය ගෙවීමට ඇති සමස්ත රාජ්‍ය ණය ප්‍රමාණය රුපියල් කෝටි 2,967,500 දක්වා ඉහළ ගොස් ඇතැයි ශ්‍රී ලංකා මහ බැංකුව පසුගියදා නිකුත් කළ නවතම දත්ත වාර්තාවේ දැක්වේ. 28 December 2025
කොළඹ කොටුව - හලාවත අතර හෙට සිට දුම්රිය ධාවනයට දිට්වා සුළි කුණාටුවෙන් හලාවත දුම්රිය මාර්ගයට සිදු වූ හානිය යළි යථා තත්වයට පත් කිරීමෙන් අනතුරුව හලාවත දක්වා හෙට සිට දුම්රිය ධාවනය සිදු කෙරෙන බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි. 28 December 2025
හිටපු අමාත්‍ය ඩග්ලස් රිමාන්ඩ් රජය නීත්‍යානුකූලව ලබා දුන් පිස්තෝල වර්ගයේ ගිනි අවියක් පාතාල කල්ලි සාමාජිකයකු අතට පත්වීමේ සිද්ධියක් සම්බන්ධයෙන් හිටපු අමාත්‍යවරයකු වූ ඩග්ලස් දේවානන්දා ජනවාරි 9 වැනි දින දක්වා රිමාන්ඩ් භාරයට පත් කරන ලෙස ගම්පහ වැඩබලන මහේත්‍රාත් පද්මා අමරතුංග මහත්මිය අද නියම කළාය. 28 December 2025
මියන්මාර මැතිවරණය සංදර්ශණයක් 2021 වසරේදී නොබෙල් ත්‍යාගලාභී අවුන් සාන් සුකීගේ ප්රජාතන්ත්රවාදී රජය හමුදා කුමන්ත්රණයකින් පෙරළා දැමීමෙන් පසු මියන්මාරයේ පැවැත්වෙන පළමු මහ මැතිවරණයේ පළමු අදියරේ ඡන්ද විමසීම මේවනවිට අවසන් වී තිබේ. 28 December 2025
ෆූජි ගිනි කන්දට ඉහළින් අහසේ එළියක් ජපානයේ ෆූජි කන්දට (Mount Fuji) ඉහළින් අහස දීප්තිමත් වන ආකාරයේ වීඩියෝවක් මේ වනවිට සමාජ මාධය ඔස්සේ සංසරණය වෙමින් පවතී. 28 December 2025
කටුනායක යානයකත් බෝම්බ බියක් දෝහා කටාර් සිට පැමිණෙන ගුවන් යානයක ගුවන් මගි වෙස් ගත් පුද්ගලයන් සිව් දෙනකු බෝම්බ පුපුරවාගෙන සිය දිවි හානි කර ගැනිමේ සූදානමක් පවතින බවට ලද ඊ මේල් පණිවිඩයක් අනුව සිදු කළ පරික්ෂාවේදී එවැනි සැක සහිත කිසිවක් හමු නොවු බව ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරියෙක් පැවසිය. 28 December 2025
මියන්මාර මැතිවරණය ආරම්භ වේ 2021 වසරේ කුමන්ත්රණයකින් මියන්මාර හමුදාව විසින් නොබෙල් ත්‍යාගලාභී අවුන් සාන් සූ කීගේ ප්‍රජාතන්ත්‍රවාදීව තේරී පත් වූ රජය පෙරළා දැමීමෙන් පසු මියන්මාරයේ පැවැත්වෙන පළමු මහ මැතිවරණයේ ඡන්ද විමසීම අද (28) දින ආරම්භ කර තිබේ. 28 December 2025
31 සිට මහනුවර පදික වෙළඳාම තහනම් මහනුවර මහ නගර සීමාව තුළ සිටින සියලුම අනවසර පදික වෙළදුන් දෙසැම්බර් මස 31 වැනි දිනයෙන් පසු ඉවත් කිරීමට පියවර ගන්නා බව නගරාධිපති චන්ද්‍රසිරි විජේනායක මහතා කියයි. 28 December 2025
අල්ලස් ගත් සි .අයි . ගේ වැඩ තහනම් රුපියල් 250,000 මුදලක් තුටු පඬුරක් ලෙස ලබාගත් ගම්පහ මූලස්ථාන පොලිසියේ අපරාධ අංශයේ ස්ථානාධිපතිවරයාගේ රාජකාරී වැඩ තහනම් කිරීමට බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති සජීව මැදවත්ත මහතා විසින් පියවර ගෙනඇත. 28 December 2025
’’ලොකුම හානිය සිද්ධ වුණු නුවරට වැඩි අවධානය ඕනෑ’’ කාලගුණ විපතින් වැඩිම අලාභ හානි සිදුවූ මහනුවර දිස්ත්‍රික්කය කෙරෙහි රජය වැඩි අවධානය යොමු කළ යුතු බව සමගි ජන බලවේගයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පැවසීය. 28 December 2025
උතුරු පේරු වෙරළ ආසන්නයේ භූ කම්පනයක් උතුරු පේරු වෙරළ ආසන්නයේ සෙනසුරාදා (27) රික්ටර් මාපකයේ 5.8 ක භූමිකම්පාවක් ඇති වූ බව ජර්මානු භූ විද්‍යා පර්යේෂණ මධ්‍යස්ථානය පැවසු බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. 28 December 2025
හැටන් නගරසභාවේ කසළ බදුන්වලට ගිනි තියලා හැටන් දික්ඔය නගර සභාව මගින් කසල වෙන් කර තබා ගැනිම සදහා හැටන් ඩන්බාර් මාර්ගයේ කම්කරු කොමසාරිස් කාර්යාලය අසල සවි කර තිබූ කසල බදුන් වලට ඊයේ (27) රාත්‍රියේ කිසියම් පිරිසක් ගිනි තබා කසල වෙන් නොකර එම කසල බදුන් අසල දමා ගොස් ඇති බව හැටන් දික්ඔය නගර සභාවේ සභාපති අසෝක කරුණාරත්න මහතා අද (28) පැවසීය. 28 December 2025
පාතාලයෙක් ගිනි අවි උණ්ඩ සමඟ අල්ලයි ප්‍රබල මත්දුව්‍ය ජාවාරම්කරුවකු සහ සංවිධානාත්මක අපරාධකරුවකු වන දැනට විදේශගතවී සිටින හීනටියන මහේෂ් යන පුද්ගලයාගේ ඥාතියකු බව කියන ’’ජින්ගා’’ යන අන්වර්ථ නාමය ලබන පුද්ගලයකු විදේශ රටක නිෂ්පාධිත පිස්තෝල වර්ගයේ ගිනි අවියක් මැගසිනයක් සහ ටී 56 ගිනි අවි උණ්ඩ 25 සමඟ අත් අඩංගුවට ගත් බව බස්නාහිර පළාත් උතුරු අපරාධ කොට්ඨාසය පවසයි. 28 December 2025
ගිනි අවි උණ්ඩ සමග තුනක් මාට්ටු ටි 56 ගිනි අවියක් සහ උණ්ඩ 27 ක් හා මැගසිනයක් කොළඹ 14 ශාන්ත ජෝසප් වීදිය 60 වත්තේදී තිබී සොයා ගැනීමෙන් පසු සිදුකළ විමර්ශන වලදී පුද්ගලයන් තිදෙනකු අත්අඩංගුවට ගත් බව ග්‍රෑන්ඩ්පාස් පොලිසිය කියයි. 28 December 2025
සම්බාහනය මූවාවෙන් කතුන් අලෙවි කරලා විදේශීය කාන්තාවන් යොදවා ආයුර්වේද සම්බාහන මධ්‍යස්ථානයක් මුවාවෙන් පවත්වාගෙන ගිය කාන්තාවන් මුදලට අලෙවි කරන ස්ථානයක් වටලා රටවල් තුනකට අයත් කාන්තාවන් දස දෙනෙකු අත්අඩංගුවට ගත් බව කොල්ලුපිටිය පොලිසිය කියයි. 28 December 2025
ඝාතන රැසක වෙඩික්කරුවෙක් මාට්ටු 2024 වසරේ මාර්තු මස දිනකදී අම්බලන්ගොඩ වෙළඳ සලක් ඉදිරිපිටදී පුද්ගලයන් දෙදෙනකුට වෙඩි තබා ඝාතනය කිරීම සහ තවත් තිදෙනකුට තුවාල කිරීම, ඉකුත් මැයි මස දිනකදී මීටියාගොඩ අවන්හලක් තුළදී පුද්ගලයන් දෙදෙනකුට වෙඩි තබා ඝාතනය කළ බව කියන වෙඩික්කරු අත්අඩංගුවට ගත් බව මීටියාගොඩ පොලිසිය පවසයි. 28 December 2025
අද කාලගුණය උතුරු, උතුරු-මැද, නැගෙනහිර, ඌව සහ මධ්‍යම පළාත්වලත් හම්බන්තොට දිස්ත්‍රික්කයේත් අද (28) වැසි වාර කිහිපයක් ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි. 28 December 2025
රාජකාරි කළ පොලිස් නිලධාරියෙක් හප්පා මරලා අම්බලන්තොට නගරයේ රථවාහන පරීක්ෂා කරමින් සිටි පොලිස් නිළධාරින් දෙදෙනකු වැන් රථයකින් ආ පිරිසක් අද අලුයම 2.45ට පමණ යට කර එක් නිලධාරියකු මරා තවත් අයකු තුවාල කර පළාගොස් ඇතැයි පොලිසිය කියයි... 01 January 2026