හිටපු ජනපතිලාගේ රට සවාරි ලයිස්තුව මැතිසබයට හිටපු ජනාධිපතිවරුන් විදේශ සංචාර සඳහා වැය කළ මුදල් ලැයිස්තුව කම්කරු නියෝජ්‍ය අමාත්‍ය මහින්ද ජයසිංහ මහතා පාර්ලිමේන්තුවට අද (03) ඉදිරිපත් කළේය. 03 March 2026
පාප් වහන්සේ ලංකාවට ශුද්ධ වූ 14 වන ලියෝ පාප් වහන්සේට ශ්‍රී ලංකාවේ සංචාරයක් සඳහා පැමිණෙන ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ආරාධනා කර තිබේ. 03 March 2026
මහව හොර විදෙස් රැකියා ආයතනයක් වටලයි ජපන් භාෂා පුහුණු මධ්‍යස්ථානයක් මුවාවෙන් කුරුණෑගල, මහව ප්‍රදේශයේ පවත්වාගෙන ගිය වංචනික විදේශ රැකියා ආයතනයක් ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ විශේෂ විමර්ශන ඒකකයේ නිලධාරීන් විසින් වැටලීම් කර තිබේ. 03 March 2026
සිකුරාදා පාර්ලිමේන්තු කටයුතු වල වෙනසක් ලබන සිකුරාදා(6) දිනට නියමිත පාර්ලිමේන්තු කටයුතුවල වෙනසක් සිදු කිරීමට කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් අද (03) පැවති පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභා රැස්වීමේදී තීරණය විය. 03 March 2026
කහ ගෑස් නොදුන්නොත් රජයෙන් තද තීරණයක් කහ පාට ගෑස් සිලින්ඩර ගත් පාරිභෝගිකයන්ට තවදුරටත් එම සමාගම ගෑස් නොදුන්නොත් කහ සිලින්ඩර නිල් පාට ගෑස් සිලින්ඩරයට මාරු කිරීම සඳහා රජයට තීරණයක් ගන්නට සිදුවේවි යැයි වෙළෙඳ,වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමූපකාර සංවර්ධන අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය. 03 March 2026
පාර්ලිමේන්තු මහලේකම්ගේ පෙත්සම මාර්තු 18 කැඳවයි පාර්ලිමේන්තු උපදේශක කමිටුව විසින් නීති විරෝධී අන්දමින් තමන්ට එරෙහිව චෝදනා පත්‍රයක් ඉදිරිපත් කර වැඩ තහනම් කිරීමට ගෙන ඇති තීරණය බලරහිත කරන රිට් ආඥාවක් නිකුත් කරන්නැයි ඉල්ලා පාර්ලිමේන්තු නියෝජ්‍ය මහලේකම් සහ කාර්ය මණ්ඩල ප්‍රධානි නීතිඥ චමින්ද කුමාර කුලරත්න මහතා ගොනුකොට ඇති රිට් පෙත්සම පිළිබඳ කරුණු මාර්තු 18 වැනිදා තහවුරු කිරීමට අභියාචනාධිකරණය අද නියෝග කළේය. 03 March 2026
ලාෆ් ගෑස් තවමත් නෑ ලාෆ් ගෑස් තව දුරටත් රටපුරා දැඩි හිඟය පවතින බවත් ලිට්රෝ ගෑස් සැපයුම කොළඹ සහ අවට ප්‍රදේශවලට ලැබුණ ද පිට පළාත්වලට සාමාන්‍ය පරිදි නොලැබෙන බවත් පාරිභෝගියෝ පවසති. ලාෆ් ගෑස් මිලදීගැනීමට තව දුරටත් නොහැකි වී ඇති බව කියන පාරිභෝගිකයෝ ලාෆ් ගෑස් සීමිත ප්‍රමාණයක් පමණක් ලැබීම නිසා දැඩි අපහසුතාවට පත්ව සිටින බව ද සඳහන් කරති. 03 March 2026
සරණගේ ලොතරැයි නඩුවේ තීන්දුව 30 ප්‍රකාශයට සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ සභාපතිවරයා ලෙස කටයුතු කරමින් එහි වාහන අවභාවිතා කළ බවට හිටපු නියෝජ්‍ය ඇමතිවරයකු මෙන්ම සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ හිටපු සභාපති සරණ ගුණවර්ධන මහතාට එරෙහිව අල්ලස් කොමිසම පවරා ඇති නඩු හතරක තීන්දු අප්‍රේල් 30 වැනිදා ප්‍රකාශයට පත් කරන බව කොළඹ මහාධිකරණ විනිසුරු මොහොමඩ් මිහාල් මහතා අද දැනුම් දුන්නේය. 03 March 2026
‘‘මැතිසබා නිලධාරිනියට තාඩන පීඩන සිද්ධ වෙලා‘‘ පාර්ලිමේන්තුවේ තොරතුරු පද්ධති සහ කළමනාකරණ දෙපාර්තමේන්තුවේ නිලධාරිනියට විවිධ තාඩන පීඩන හිරිහැර සහ බරපතළ අසාධාරණකම් සිදුව ඇති බව ඒ සම්බන්ධයෙන් පරීක්ෂණ පැවැත්වූ විශ්‍රාමික මහාධිකරණ විනිසුරු සුජාතා අලහප්පෙරුම මහත්මියගේ ප්‍රධානත්වයෙන් යුතු කමිටුවේ අවසන් වාර්තාවේ සඳහන්වේ. 03 March 2026
‘‘ජනාධිපතිතුමාගේ රැඩිකල් කම ජුලී චෑන්ග් අරගෙන ගිහින්’’ එදා ජනාධිපතිතුමාට තිබූ රෙඩිකල් බව ජුලි චෑන්ක් යනකොට අරගෙන ගියාද දන්නේ නැතැයි කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී මුජිබුර් රහුමාන් මහතා (ස.ජ.බ) පාර්ලිමේන්තුවේදී පැවසීය. 03 March 2026
ටිල්වින් - කියුබා තානාපතිනී හමුවක් ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා සහ කියුබා නව තානාපතිනි පැට්‍රීෂියා පෙගෝ ගුවෙරා (Patricia Pego Guerra) මහත්මිය අතර හමුවක් පැලවත්ත ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන කාර්යාලයේදී අද(3) සිදුවිය. 03 March 2026
අහමදිනෙජාද් යහතින් ඉන්නවලු ඉරානයේ හිටපු ජනාධිපතිවරයකු වන මොහොමද් අහමදිනෙජාද් ඉරානයේ තෙහෙරාන් අගනුවරට එල්ල වුණු ඊශ්‍රායල සහ ඇමෙරිකන් ගුවයන් ප්‍රහාරවලින් මියගිය බව වාර්තා වුවත්, අල් ජසීරා ද ඇතුළු ප්රමුඛ පෙළේ මාධ්‍ය කීපයක් වාර්තා කර ඇත්තේ මොහොමද් අහමදිනෙජාද් ජීවතුන් අතර සිටින බවය. 03 March 2026
රිය අනතුරින් හතක් රෝහලේ පොළොන්නරුව හබරණ ප්‍රධාන මාර්ගයේ මින්නේරිය වනජීවී කාර්යාලය අසලදි අද(03 ) ඇඟලුම් කර්මාන්ත ශාලා සේවයකින් ප්‍රවාහනය කරමින් තිබූ බස් රථයක් සහ ගොයම් කපන යන්ත්‍රයක් මූණට මූහුණ ගැටී සිදු වූ අනතුරෙන් ඇඟලුම් කර්මාන්ත සේවිකාවන් සිව් දෙනකු ඇතුළු හත්දෙනකු තුවාල ලබා හබරණ සහ දඹුල්ල රෝහලට ඇතුළත් කර ඇති බව හබරණ පොලිසිය කියයි. 03 March 2026
ජි.එල්.ගෙන් ජනපතිට ලිපියක් මැදපෙරදිග කලාපයේ උද්ගතව තිබෙන යුදමය ගැටුම්කාරී තත්වය හමුවේ ශ්‍රී ලංකාවට ඉදිරියේදී මුහුණදීමට සිදුවියහැකි අවධානම සම්බන්ධයෙන් වහාම යොමුකරණ ලෙස හිටපු විදේශ කටයුතු අමාත්‍ය ජි.එල්. පීරිස් මහතා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාට ලිපියක් යොමුකරමින් පවසයි. 03 March 2026
සිමෙන්ති ලොරිය මහපාරේ පෙරැළෙයි කොට්ටාව නගර මධ්‍යයේදී අද (03) සිමෙන්ති තොගයක් පැටවූ ලොරියක් පෙරළී සිදු වූ අනතුරකින් දැඩි රථවාහන තදබදයක් ඇතිි විය. 03 March 2026
වයඹ පළාත් කාර්යාලයට බෝම්බ බියක් වයඹ පළාත් සභා සංකීර්නයට අද අලුයම 3.30 ට පමණ ද්‍රවිඩ බසින් ලියා විද්‍යුත් තැපෑලෙන් එවා තිබූ පණිවිඩයක වයඹ පළාත් සභා සංකීර්ණයේ බෝම්බයක් පුපුරුවා හැරීමට සැලසුමක් ඇති බව සදහන්ව තිබූ බැවින් විශේෂ කාර්ය බළකාය සමග පොලිසිය, පොලිස් සුනඛයන් යොදා පරිශ්‍රය පරීක්ෂා කරනු ලැබීය. 03 March 2026
ඉරානයට ගහන්න කදවුරු දෙන්න බෑ - ස්පාඤ්ඤය ඇමෙරිකාව, ඊශ්‍රායලය ද හවුල් කර ගනිමින්, ඉරානයට එල්ල කරන ප්‍රහාර තමන් තරයේ හෙලා දකින බවත්, ඉරානයට පහර දීමට තම හමුදා කදවුරු භාවිත කිරීමට ඉඩ නාදෙන බව ස්පාඤ්ඤ රජය ඩොනල්ඩ් ට්‍රම්ප්ට දන්වා ඇත. 03 March 2026
සජිත් ඉරාන ප්‍රහාරය හෙලා දකී ඉරානයට එල්ල වූ ප්‍රහාරය තරයේ හෙලා දකින බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය. 03 March 2026
ඉරානයෙන් වැඩිම මිසයිල එල්ල වන්නේ කටාරයට ඉරානයේ සිට එල්ල වුණු දිගු දුර බැලැස්ටික මිසයිල දෙකක් ප්‍රතිප්‍රහාර එල්ල කරමින් උඩු ගුවනේ දී විනාශ කළ බව කටාර් රාජ්‍යය කියයි. 03 March 2026
පාකිස්තානුවන්ට වීසා දෙන්නේ නෑ: ඇමෙරිකාව පාකිස්තානුවන්ට වීසා ලබා නොදීමට ඇමෙරිකාව තීරණය කර ඇත. ඒ, පසුගිය දා පාකිස්තානයේ කරච්චි නුවර ඇමෙරිකන් කොන්සල් කාර්යාලයට කලහකාරීන් කඩා වැදීමටගත් උත්සාහය සැලකිල්ලට ගනිමිනි. 03 March 2026
දිගටම යුද්ධ කරන්න අපට අවශ්‍යතාවක් නෑ ඇමෙරිකාව සමඟ හෝ ඊශ්‍රායලය සමඟ හෝ දිගින් දිගටම යුද්ධ කිරීමේ අවශ්‍යතාවක් තමන්ට නොමැති බව ඉරාන රජය වෙනුවෙන් එක්සත් ජාතීන්ගේ සංවිධානයේ එරට නියෝජිත අමීර් සයීඩ් ඉරවානී පවසයි. 03 March 2026
නරකම දේට සූදානම් වෙනවා සුබදායී දෙයක් අපේක්ෂා කරන අතර නරකම දේට සූදානම් වන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය. 03 March 2026
රට පුරා සන්නද්ධ හමුදා කැඳවයි මහජන ආරක්ෂාව සඳහා රට පුරා සන්නද්ධ හමුදා කැඳවීමට ජනාධිපතිවරයා ආඥාවක් නිකුත් කර ඇතැයි කතානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා පාර්ලිමේන්තුවට අද දැනුම් දුන්නේය. 03 March 2026
ට්‍රම්ප් බිරිඳ මෙලනියා ආරක්ෂක කවුන්සිලය අමතයි ඇමෙරිකා ජනාධිපති ආර්යාව මෙලනියා ට්‍රම්ප්, එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලය ඇමතුවාය. ඒ, ගෝලීය අර්බුදවලට මුහුණ දෙන කුඩා දරුවන් සහ දරුවන්ගේ අධ්‍යාපනය යන මාතෘකාව යටතේය. 03 March 2026
ඉරාන ගැටුම සති 4 කින් අවසන් කරන්න බැරිවේවි ඉරානය සමග ඇතිකරගත් ගැටුම සති 4 කින් නිමා කිරීමට හැකිවනු ඇතැයි තම හමුදා විශ්ලේෂකයන් සහ බුද්ධි අංශ සාමාජිකයන් ඇස්තමේන්තුගත කළත්, යුදමය තත්ත්වය ඊට වඩා කාලයක් දිග්ගැස්සෙනු ඇතැයි ඇමෙරිකා ජනාධිපති ඩොලන්ඩ් ට්‍රම්ප් පැවැසීය. 03 March 2026
ඉරානයට දිගටම පහර දීම ඇමෙරිකාවට ලොකු වියදමක් ඇමෙරිකාව ඉරානයට එරෙහිව ආරම්භ කළ හමුදා මෙහෙයුම නම් කර ඇත්තේ ‘ඔපරේෂන් එපික් ෆියුරි’ යන නමිනි. එම මහෙයුම ආරම්භ කර පළමු පැය 24 දී ඒ සදහා ඇමෙරිකාවට වැය වුණු මුදල ඇමෙරිකන් ඩොලර් මිලියන 779 ක් යැයි එරට මාධ්‍ය අනාවරණය කර ඇත. 03 March 2026
ඉරානයේ 742 ක් මරුට ඊශ්‍රායලය සහ ඇමෙරිකාව එක් වී ඉරානයට එල්ල කරන ගුවන් ප්‍රහාරවලින් මියගිය ගණන මේ වනවිට 742 දක්වා ඉහළ ගොස් ඇතැයි ඉරාන මාධ්‍ය වාර්තා කළේය. 03 March 2026
’’සාමකාමී ලෝකයක් වෙනුවෙන් එකතු වන්න’’ සාමකාමී ලෝකයක් වෙනුවෙන් එකතු වන්නැයි යුද්ධයට මැදිහත් වී සිටින සියලු පාර්ශවවලට තමා ආරාධනා කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පාර්ලිමේන්තුවේදී අද පැවසීය. 03 March 2026
ජනපති මැතිසබයට එයි ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මීට ස්වල්ප මොහොතකට පෙර පාර්ලිමේන්තු සභා ගර්භයට පැමිණියේය. 03 March 2026
අපරාධ සැකකරුවෝ 630ක් කොටු දිවයින පුරා අපරාධවලට සම්බන්ධ සැකකරුවන් අත්අඩංගුවට ගැනීමේ මෙහෙයුම් වලදී සැකකරුවන් 630ක් අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය කියයි. 03 March 2026
අයිරිස් ඩේනා නාවිකයන්ගේ දේහයන් ඉරානයට ඇමෙරිකා සබ්මැරීන ප්‍රහාරයෙන් මියගිය, අයිරිස් ඩේනා ඉරාන යුද නෞකාවේ සිටි නාවිකයන්ගේ දේහයන් කඩිනමින් ඉරානයට රැගෙන යාමට පියවර ගන්නා බව ඉරාන හමුදාව පවසා ඇත... 11 March 2026