කුරුවිට බන්ධනාගාරයෙත් කැරැල්ලක් කුරුවිට බන්ධනාගාරය තුලද 07දා අලුයම වනවිට නොසන්සුන්කාරී වාතාවරණයක් ඇති වු බව පොලීසිය පැවසුවේය. 07 August 2026
ගිය වසරේ නවක වද සිද්ධියකට නැගෙනහිර මණ්ඩපයේ සිසුන් හයක් අත්අඩංගුවට නැගෙනහිර විශ්ව විද්‍යාලයට අයත් ත්‍රිකුණාමල මණ්ඩපයේ ආපනශාලාවක් තුළදී සිදුවූ නවක වද සිද්ධියක් සම්බන්ධයෙන් එම මණ්ඩපයට අයත් ජනසන්නිවේදන හා ව්‍යාපාර අධ්‍යන පීඨයේ සිසුන් හය දෙනකු අත්අඩංගුවට ගැනීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පොලිස් නිලධාරීහු පිරිසක් සමත් වූහ . 07 August 2026
වෙඩි වැදුණු ඇතින්ක් වැව් පිට්ටනියේ හාමතේ ගලෙන්බිඳුණුවැව, හුරුලුවැව, කරඩිකගල ආසන්නයේ වැව් පිට්ටනියේදී ඉදිරිපාදයට වෙඩි වැදීමෙන් දැඩි වේදනාවෙන් හා අසීරු තත්වයෙන් පසුවන ඇතින්නක් සහ ඇගේ වසරකටත් අඩු වයසැති පැටවා අතිශය අසරණ තත්වයට පත්ව සිටිති. 07 August 2026
මැගසින් බන්ධනාගාරයේ සන්සුන් කරයි බොරැල්ල මැගසින් බන්ධනාගාරයේ ඊ වාට්ටුවේ රඳවා සිටි රැඳවියන් පිරිසක් අද (6) රාත්‍රී එක්වරම එම වාට්ටුවෙන් පිටතට පැමිණ කලහකාරී ලෙස හැසිරීමත් සමඟ එහි නොසන්සුන්කාරී තත්ත්වයක් ඇතිව තිබේ. 07 August 2026
දේශපාලනඥයන්ගේ සියලු වත්කම් දැනගන්න පුලුවන් මහජන නියෝජිතයන් විසින් ඉදිරිපත් කෙරෙන සියලුම වත්කම් තොරතුරු ජනතාවට ලබා ගැනීමට හැකි වරප්‍රසාදය ඉතිරි කර සෙසු නිලධාරීන්ගේ වත්කම් බැරකම් ප්‍රකාශ පමණක් ඔවුන්ගේ පුද්ගලිකත්වයට හානි නොවන අන්දමින් ගැනීමට හැකිවන පරිදි දූෂණ විරෝධී පනත සංශෝධනය කිරීමට අල්ලස් කොමිසම යෝජනා කර ඇතැයි සභානායක අමාත්‍ය බිමල් රත්නායක මහතා පාර්ලිමේන්තුවේදී අද පැවසීය. 06 August 2026
සාගර පොලිස්පති ගැන කළ ප්‍රකාශයේ සංස්කරණය නොකළ දර්ශන ඉල්ලයි පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහලේකම්, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සාගර කාරියවසම් මහතා විසින් කළැයි කියන ප්‍රකාශය පිළිබඳ විමර්ශන කිරීමට මධ්‍යම අපරාධ විමර්ශන කොට්ඨාශයට අවසර දුන් කඩුවෙල මහෙස්ත්‍රාත් අරුණ ඉන්ද්‍රජිත් බුද්ධදාස මහතා සාගර කාරියවසම් මහතා අදාළ ප්‍රකාශය කළ මාධ්‍ය හමුව වාර්තා කළ සියළුම මාධ්‍ය නාළිකා වලට එම ප්‍රකාශය කරන අවස්ථාවට අදාළ සංස්කරණය නොකල දර්ශන මධ්‍යම අපරාධ විමර්ශන කොට්ඨාශයට ලබා දීමටද අද (06) න 06 August 2026
මාතර-පොතුවිල් මූද ගැන රතු නිවේදනයක් මාතර සිට පොතුවිල් දක්වා මුහුදු තීරය රළු විය හැකි බැවින් ධීවර කටයුතුවලින් වලකින ලෙස ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුව හදිසි දැනුම්දීමක් කරයි. කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් අද (6) නිකුත් කරන ලද තද සුළං පිළිබඳ අවදානම් කාලගුණ නිවේදනයට අනුව ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුව මෙම විශේෂ දැනුම්දීම සිදු කරයි. 06 August 2026
චීන ජාතිකයා ඝාතනයට ඇල්ලු චීන්නු දෙන්නාගේ ඩී.එන්.ඒ. බලයි චීන ජාතිකයන් දෙදෙනකුට කොළඹ වරාය නගරය තුළදී අමානුෂික ලෙස පහරදී එක් අයකු ඝාතනය කළැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගත් චීන ජාතිකයන් දෙදෙනාගේ ඩී.එන්.ඒ.වාර්තා කැදවීමට කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් ඕෂධ මිගාර මහාරච්චි මහතා අද නියම කළේය. 06 August 2026
අන්තර්ජාල හොර සූදු වෙබ් අඩවි 122 ක් තහනම් කරයි අවසර නොලද නීති විරෝධී අන්තර්ජාල සුදු වෙබ් අඩවි 122 ක් වහාම ක්‍රියාත්මක වන පරිදි ශ්‍රී ලංකාව තුළ තහනම් කළ බව ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව පවසයි. 06 August 2026
සත්ව සුබසාධන පනත ආවට ගියාට සම්මත කරන්නේ නෑ ආන්දෝලනයට තුඩු දී තිබෙන සත්ව සුබසාධන පනත් කෙටුම්පත සම්බන්ධයෙන් ඉදිරි පියවර ගන්නේ අදාල පාර්ශ්ව සමග සාකච්ඡාවකින් අනතුරුව බව කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් හා වාරිමාර්ග අමාත්‍ය කේ.ඩී ලාල් කාන්ත මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය. 06 August 2026
සුළඟින් මඩකළපුව ජනජීවිතය අඩාලයි මඩකලපු දිස්ත්‍රික්කයට මේ දිනවල බලපා ඇති තද සුළං සමඟ වැසි හේතුවෙන්, නැගෙනහිර පළාතේ විශාලතම සංචාරක බෝට්ටු සේවාව නැවත දැනුම් දෙන තුරු අත්හිටුවා ඇති බව කාත්තාන්කුඩි නගර සභාව නිවේදනය කර ඇත. 06 August 2026
උඩුනුවර උප සභාපති හැමෝගෙම කැමැත්තෙන් පත්වේ උඩුනුවර ප්‍රාදේශීය සභාවේ උප සභාපති වරයා සිය ධූරයෙන් ඉල්ලා අස්වීම නිසා ඇතිවූ පුරප්පාඩුවට එම සභාවේ මන්ත්‍රිවරුන්ගේ ඒකමතික යෝජනාවෙන් එක්සත් ජාතික සන්ධානය රෆයිඩීන් මොහොමඩ් සිරාජ් මහතා නව උප සභාපති ධූරයට තේරී පත්විය., 06 August 2026
නව පනතින් පෙරහරට බාධා එල්ල වෙයිද? ඉදිරියේදී ගෙන ඒමට නියමිත නව පනතක් මගින් ඓතිහාසික මහනුවර ඇසළ පෙරහර මංගල්‍යය මෙන්ම අනෙකුත් පෙරහර මංගල්‍යයන් සිදු සිදු කිරීමට බාධා ඇති විය හැකි බවත් අලි ඇතුන්ට අවශ්‍ය ආරක්ෂක විධි ක්‍රම භාවිතා නොකර මහ මඟ ගෙනයාමෙන් අනතුරුදායක තත්වයක් උද්ගත විය හැකිකි බවත් තිබ්බොටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගල මල්වතු පාර්ශවයේ මහානායක හිමියෝ අභිනව මධ්‍යම පළාත් ආණ්ඩුකාර විශේෂඥ වෛද්‍ය සුරංග ප්‍රනාන්දු මහතා හමුවේ පැවැසූහ. 06 August 2026
එජාප කෘත්‍යාධිකාරී මණ්ඩලය සජිත්ට ප්‍රශංසාව පළ කරයි එක්සත් ජාතික පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩලය විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාට ප්‍රශංසාව පළ කිරීමේ යෝජනාවක් අද(6) සම්මත කර ගත්තේය. විනිසුරු විශ්‍රාම වයස වැඩි කිරීමේ ගැටලුව සම්බන්ධයෙන් විපක්ෂයේ සියලු පක්ෂ වල එකමුතුවෙන් විපක්ෂ නායකවරයා රැස්වීමක් කැඳවීම සම්බන්ධයෙන් මෙම යෝජනාව සම්මත කර ගැනුණි. 06 August 2026
අධිකරණ ප්‍රතිසංස්කරණ ගැන කාදිනල් තුමන්ට කරුණු කියයි සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා සහ අධිකරණ හා ජාතික ඒකාබද්ධතා අමාත්‍ය හර්ෂණ නානායක්කාර මහතා අද (06) කොළඹ අගරදගුරු මැදුරේදී මැල්කම් කාදිනල් රංජිත් 06 August 2026
කැළණිවැලියේ දුම්රියක් නොදන්වා අවලංගු කරයි කැළණිවැලි මාරගයේ සවස් කාලයේ කාලයේ පස්වරු 04.00 ට කොළඹ කොටුව සිට අවිස්සාවේල්ල බලා ගමන් ආරම්භ කරනු ලබන අර්ධ සීඝ්‍රගාමී දුම්රිය අද දින අවලංගු කිරීමට දුම්රිය දෙපාර්තමේන්තුව විසින් කටයුතු කොට ඇත. මෙම දුම්රිය ඊයේ දිනත් පසුගිය සතියේ දින දෙකකදීත් හේතූ නොදන්වා අවලංගු කිරීමට කටයුතු කල අතර මේ නිසා එම මාර්ගයේ ගමනාගමන කටයුතු සඳහා භාවිතා කරන මගී ජනතාව මහත අපහාසුතාවයන්ට ලක්විය. 06 August 2026
විස මත්ද්‍රව්‍ය පානය කර වැඩ කළ ඕඅයිසීගේ වැඩ තහනම් බදුල්ල කොට්ඨාසයේ පොලිස් ස්ථානයක වැඩ බලන ස්ථානාධිපතිවරයා ලෙස කටයුතු කළ පොලිස් පරික්ෂකවරයෙකු විෂ මත්ද්‍රව්‍ය භාවිතා කළ බව වෛද්‍ය පරික්ෂණයකින් තහවුරු වීමෙන් පසු මූලික පරික්ෂණයකට යටත්ව ඔහුගේ වැඩ තහනම් කිරීමට බදුල්ල කොට්ඨාශ පොලිස් අධිකාරි ජගත් රෝහණ මහතා විසින් කටයුතු කර තිබේ. 06 August 2026
හැටන් කොළඹ ප්‍රධාන මාර්ගය ගිලා බසියි මධ්‍යම කදුකරයේ බටහිර බැවුම් ප්‍රදේශවලට ඇදහැලෙන අධික වර්ෂාවත් සමග හැටන් කොළඹ ප්‍රධාන මාර්ගයේ වටවල රොසැල්ල ප්‍රදේශයේ ප්‍රධාන මාර්ගයේ කොටසක් ගිලා බැසීමේ අවධානමකට ලක් වී ඇති බව නෝර්වුඩ් මහා මාර්ග කාර්යාලයේ විධායක ඉංජිනේරු ඒ.එම්.සාධික් මහතා පැවසීය. 06 August 2026
රුසියාවේ තෙල් පිරිපහදු දෙකකට යුක්රේනයෙන් ප්‍රහාරයක් රුසියාවේ තෙල් පිරිපහදු මධ්‍යස්ථාන දෙකකට පහරදුන් බව යුක්රේන ජනපති වොලොඩිමියර් සෙලෙන්ස්කි පවසයි. 06 August 2026
යල කන්නයේ වී මිලදී ගැනීම් මෙට්‍රික් ටොන් 19,500 ඉක්මවයි යල කන්නයේදි වී මිලදී ගැනීම ආරම්භ කරමින් මේ වනවිට වී මෙට්‍රික් ටොන් 19592ක් මිලදී ගෙන ඇතැයි වී අළෙවි මණ්ඩලය පවසයි. 06 August 2026
පෙම් සුව විදිමින් මත්පෙති විකිණූ යුවළක් අල්ලයි යතුරු පැදියකින් ගොස් අතුරු මාර්ගවල පාලු ස්ථාන වල රැදී සිට පෙම්සුව විදින මුවාවෙන් කලක සිට මහා පරිමාණයෙන් මත් පෙති ජාවාරමේ නිරත අඹු සැමි යුවලක් මත් පෙති අනූවක් සමග අත්අඩංගුවට ගත් බව හෝමාගම කොට්ඨාස විෂ මත්ද්‍රව්‍ය වැටලීම් ඒකකය ඒකකය පවසයි. 06 August 2026
චමින්ද විජේසිරිගේ ඇප ඇයැදුම 24 සලකා බලයි පොලිස් නිලධාරීන් දෙදෙනෙකුට පහරදී තුවාල කර මරණීය තර්ජනය කිරීමේ චෝදනාවන්ට වරදකරු වී වසර 1 1/2ක සිරදඬුවමක් නියම වී සිටින බදුල්ල දිස්ත්‍රික් පාර්ලිමෙන්තු මන්ත්‍රී චමින්ද විජේසිරි මහතාට ඇප නියම කරන්නැයි ඉල්ලමින් ඉදිරිපත් කර ඇති ඇප ඇයැදුම ලබන 24 වැනිදා සළකා බැලීමට බදුල්ල මහාධිකරණ විනිසුරු ජෙයරාම් ට්‍රොට්ස්කි මහතා තීරණය කළේය. 06 August 2026
ශෂීන්ද්රෙග් නඩුවේ පූර්ව නඩු විභාගයට දින දෙයි මහවැලි අධිකාරියට අයත් සෙවණගල ප්‍රදේශයේ ඉඩමක අනවසරයෙන් ඉදිකර තිබියදී අරගල සමයේදී විනාශ කළ ගොඩනැගිල්ලක් ඇතුළු දේපල සඳහා හානි පූර්ණ කාර්යාලයේ නිලධාරීන්ට බලපෑම් කර රුපියල් ලක්ෂ 88 කට අධික වන්දි මුදලක් ලබා ගැනීම සම්බන්ධයෙන් හිටපු රාජ්‍ය අමාත්‍ය ශෂීන්ද්‍ර රාජපක්ෂ මහතා ඇතුළු විත්තිකරුවන් තිදෙනකුට එරෙහිව අල්ලස් කොමිසම පවරා ඇති නඩුවේ පූර්ව නඩු විභාග සම්මන්ත්‍රණය සැප්තැම්බර් 28 පැවැත්වීමට කොළඹ මහාධිකරණ විනිසුරු රවීන්ද්‍ර ප්‍රේමරත්න මහතා තීරණය කළේය. 06 August 2026
උණුසුම දරාගන්න බැරිව කොරියානුවෝ 21 ක් මැරිලා දකුණු කොරියාවට බලපෑ දැඩි උණුසුම් කාලගුණය හේතුවෙන්, උණුසුම දරාගත නොහැකිව එරට වැසියන් 21 දෙනකු මියගොස් ඇතැයි එරට රජය වාර්තා කළේය. 06 August 2026
පාලම කඩාවැටී ඉඟුරුඔය ගම හුදකලා වේ නාවලපිටිය ප්‍රදේශයට පසුගිය දා ඇදහැලුණු ධාරානිපාත වතාවත් සමග නාවලපිටියේ සිට ඉඟුරුඔය නවගම්මානය දක්වා දිවෙන මාර්ගයේ හගරන්ඔය හරහා වැටී තිබූ කොන්ක්‍රීට් පාලම ජල පහරට අසුව ඉවුරු කඩා ඔයට වැටි විනාශ වී ඇතැයි ප්‍රදේශවාසීහු කියති. 06 August 2026
ට්‍රම්ප් රැගත් හෙලිකොප්ටරය නූලෙන් බේරිලා ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ගමන් ගත් ‘මැරීන් 1’ නිල හෙලිකොප්ටරය, ඇමෙරිකන් මගී ගුවන් යානයක ගැටීමට ගොස් ‘නූලෙන් බේරුණු’ බව ඇමෙරිකන් මාධ්‍ය පැවැසීය. 06 August 2026
බඹර ප්‍රහාරයෙන් පාසල් සිසුහු 29ක් රෝහලේ මහාදිවුල් වැව ජාතික පාසලේ බඹරු කූඩුවක් ඇවිස්සී යැමෙන් බඹරු ප්‍රහාරයට ලක් වූ සිසු සිසුවියන් 29 දෙනකු හා ගුරුවරයකු අද උදේ මහදිවුල් වැව ග්‍රාමීය රෝහලට ඇතුළත් කළ බව මොරවැව පොලිසිය කියයි. 06 August 2026
ලාංකිකයන්ට ජපන් රැකියා දෙන්න ගිවිසුමක් විදේශ කටයුතු, විදේශ රැකියා හා සංචාරක අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක වන ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ අනුබද්ධ ආයතනයක් වන ශ්‍රී ලංකා විදේශ රැකියා නියෝජිත ආයතනය (SLFEA) සහ ජපානයේ METATECHNO INC. සමාගම අතර ශ්‍රී ලාංකික සුදුසුකම්ලත් වෘත්තිකයන් ජපානයේ රැකියා සඳහා බඳවා ගැනීම හා යොමු කිරීම ශක්තිමත් කිරීමේ අරමුණින් අවබෝධතා ගිවිසුමක් (MoU) අත්සන් කෙරිණි. 06 August 2026
නව විද්‍යා පර්යේෂණ ජාතික ආර්ථිකයට දායක කරගන්න නව විද්‍යාත්මක පර්යේෂණ පොදු ජනතාවගේ ජීවන තත්ත්වය පහසු සහ උසස් කිරීමටත්, ජාතික ආර්ථිකය නංවාලීමටත් සෘජුව දායක කරගත යුතු බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සඳහන් කළේය. 06 August 2026
මැතිසබයෙන් තරුණ වැඩමුළු තුනක් තරුණ නියෝජිතයන්ගේ සහභාගීත්වයෙන් විවෘත පාර්ලිමේන්තු සංකල්පය තවදුරටත් ප්‍රවර්ධනය කිරීමේ අරමුණින් ප්‍රාදේශීය මට්ටමේ වැඩමුළු තුනක් සංවිධානය කිරීම පිළිබඳව දීර්ඝ ලෙස සාකච්ඡා කෙරිණි. ඒ විවෘත පාර්ලිමේන්තු මුලාරම්භය සඳහා වන පාර්ලිමේන්තු සංසදය එහි සම සභාපතිවරුන් වන අමාත්‍ය මහාචාර්ය ක්‍රිෂාන්ත අබේසේන සහ ම්පාර්ලිමේන්තු මන්ත්‍රී ෂානක්කියන් රාජපුත්තිරන් රාසමාණික්කම් යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තුවේදී පසුගියදා රැස් වූ අවස්ථාවේදීය . 06 August 2026
ඉරාන ජනාධිපති උත්තරීතර නායකයා රහසේ හමුවෙලා ඉරාන ජනාධිපති මෙෂූඩ් පෙසෙෂ්කියන් සහ ඉරාන උත්තරීතර නායක මොජ්ටාබා කමේනී අතර රහස් හමුවක් පැවැත්වුණු බව ඉරාන මාධ්‍ය වාර්තා කළේය... 07 August 2026