සිවු දිනක් රෝහල්ගතව සිටි ශුද්ධෝත්තම 16 වැනි ලියෝ පාප්තුමා යළි වතිකානය බලා පැමිණි බවත්, එතුමන් සුපුරුදු පරිදි එතුමන්ගේ රාජකාරිවල නියැලෙන බවත් විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

16 වැනි ලියෝ පාප්තුමාට රෝහල්ගත වීමට සිදුවූයේ සැත්කමක් සඳහාය. සැත්කම සිදු කළේ දකුණු පෙණෙහැල්ලේ පහළින් වූ කුඩා ගැටිත්තක් ඉවත් කිරීමටය. එය පිළිකා ගැටිත්තක් බව පහුව අනාවරණය විය.

සැත්කමින් පසු වෛද්‍ය උපදෙස් මත වතිකානයට පැමිණි 71 හැවිරිදි පාප්තුමා, පිළිකා තත්ත්වය සම්බන්ධයෙන් වෛද්‍ය උපදෙස් මත අදාළ ප්‍රතිකර්මවලට යොමු වනු ඇතැයි ද පැවැසෙයි.