
අධික ජීවන වියදමට එරෙහිව ප්රංශය පුරා පැවැත්වෙන විරෝධතා දිනෙන් දින ප්රචණ්ඩ වෙමින් පවතී. කලහකාරී විරෝධතාකරුවන් දේපල හනි සිදු කරන අතර, ප්රංශ ජනාධිපති ඉමැනුවෙල් මැක්රොන් අවධාරණය කළේ විරෝධතා අතරතුර සිදුවන ප්රචණ්ඩ ක්රියා කිසිසේත්ම සාධාරණීකරණය කළ නොහැකි බවය.
ප්රංශ ජනාධිපති මැක්රොන් මෙසේ පැවැසුවේ, ජාතිය අමතමිනි. අසාධාරණයදී සාධාරණ ඉල්ලීම් ඉල්ලන ජනතාව අතරේත්, ප්රචණ්ඩකාරී ලෙස හැසිරෙමින්, දේපළ හානි සිදු කරන විරෝධතාකරුවන් අතරේත් පැහැදිලි වෙනසක් දකින්න ලැබෙන බව ප්රංශ ජනාධිපති මැක්රොන් ජනතාව හමුවේ අවධාරණය කළේය.
පසුගිය සති අන්තයේ ප්රංශය පුරා පැවැති රාජ්ය විරෝධී විරෝධතා පාලනය කිරීමට මැක්රොන් ප්රමුඛ රජය කැරැලි මර්දන පොලිසිය යෙදවුණු අතර, එය ‘ගින්නට පිදුරු දැමීමක්’ විය.
විරෝධතාකරුවෝ පොලිසිය සමග ගැටෙමින්, මහජන දේපළ විනාශ කරමින්, කොල්ලකෑම්වල නිරත වූහ. ජාතිය අමතමින් ප්රංශ ජනාධිපතිවරයා කියා සිටියේ, එසේ සාපරාධී ක්රියාවල නියැලුණු පිරිස් තමන් ගැන ලැජ්ජා විය යුතු බවය. විරෝධතා හමුවේ, හානියට පත්වුණු ව්යාපාර යළි ගොඩනැංවීම සඳහා රජයේ පූර්ණ සහය ලබා දෙන බවත් ඔහු තවදුරටත් පැවසීය.
නගර, රාජ්ය ගොඩනැගිලි සහ ව්යාපාරික ස්ථාන ආරක්ෂා කිරීම සඳහා නගරාධිපතිවරුන් සමග එක්ව ඉදිරි තීරණ ගනිමින් සිටින බවත්, විශේෂ ආරක්ෂාවක් යොදවන බවත් ජනාධිපති මැක්රොන් ජාතිය අමතමින් පැහැදිලි කළේය.
ප්රංශ අභ්යන්තර කටයුතු අමාත්යාංශයට අනුව, සති අන්තයේ පැවැති විරෝධතාවලදී කලහකාරීව හැසිරුණු 2,400 කට ආසන්න සංඛ්යාවක් අත්අඩංගුවට ගෙන ඇති අතර, පොලිස් සහ ජාතික ආරක්ෂක බලකායේ නිලධාරීන් 1,000 කට ආසන්න සංඛ්යාවක් තුවාල ලබා තිබේ. ඉන් හත් දෙනකුගේ තත්ත්වය බරපතල බව ද වාර්තා වේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd