ලංකා- මොරොක්කෝ වීසා ගිවිසුමක් රාජ්‍ය තාන්ත්‍රික, රාජකාරි සහ සේවා විදේශ ගමන් බල පත්‍ර හිමි පුද්ගලයන් වීසා ලබා ගැනීමෙන් නිදහස් කිරීම පිණිස ශ්‍රී ලංකාව සහ මොරොක්කෝ රාජධානිය අතර ගිවිසුමකට එළඹීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත. 04 March 2026
සත්ව ආහාර වලට බඩ ඉරිඟු රටින් ගෙනෙයි සත්ත්ව ආහාර සඳහා බඩ ඉරිඟු ආනයනය සම්බන්ධයෙන් විධිමත් ක්‍රමවේදයක් සකස් කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත. 04 March 2026
යුද්ධ මැද්දේ ආර්ථික වැඩ බලන්න ජනපති සාකච්ඡාවක් කැඳවයි ඉදිරියේදී ඇති විය හැකි තත්ත්ව උපකල්පනය කළ නොහැකි වුවත් සෑම ක්ෂේත්රයකම මතු වන නව වර්ධනයන් පිළිබඳ නිරන්තර අවධානයෙන් කටයුතු කරමින් සාමුහිකව මෙම අභියෝගය ජය ගැනීමට කටයුතු කළ යුතු බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පැවසීය. 04 March 2026
අයිරිස් ඩේනා නෞකාවේ තිස් දෙනකු බේරා ගත්තා අෑත මුහුදේදී හදිසි අනතුරකට ලක්වූ ඉරාන නාවික හමුදාවට අයිත් අයිරිස් ඩේනා නෞකාවේ තිස් දෙනකු ශ්‍රී ලංකා නාවික හමුදාවෙන් බේරා ගෙන කරාපිටිය රෝහලට රැගෙන ආ බවත් මෙවැනි අනතුරකදී ජාතිකත්වය නොබලා මානුෂීය වශයෙන් සලකා ඒ අයගේ ජීවිත ආරක්ෂා කිරීමට ඹීනෑම රටක් බැඳි සිටින බවත් බවත් විදේශ අමාත්‍ය විජිත හේරත් මහතා පාර්ලිමේන්තුවේදී අද (04) පැවැසීය 04 March 2026
ලංකාවට හදිසි ප්‍රතිකාර පද්ධතියක් ශ්‍රී ලංකාවේ හදිසි අනතුරු සහ හදිසි ප්‍රතිකාර සෞඛ්‍ය සේවා පද්ධතියේ ගුණාත්මකභාවය වැඩිදියුණු කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත. 04 March 2026
කුරුණෑගල- දඹුල්ල අධිවේගයත් ඉදි වෙයි මධ්‍යම අධිවේගී මාර්ග ව්‍යාපෘතියේ කුරුණෑගල සිට දඹුල්ල දක්වා වන අදියර IV මාර්ග කොටස ඉදිකිරීම සඳහා කැබිනට් අනුමැතිය ලැබී ඇත. 04 March 2026
කුඹුරු ගොවින්ගේ පෝර සහනාධාරයට කැබිනට් අනුමැතිය යල කන්නය සඳහා කුඹුරු ඉඩම්වල වගා කරනු ලබන ගොවීන්ට පොහොර සඳහා මූල්‍ය සහනාධාරය ලබා දීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත. 04 March 2026
ත්‍රස්ත ප්‍රහාරයට හසුවූ ඉරාන නෞකාවේ පිරිස කරාපිටිය රෝහලට ගාලු වරායේ සිටි මුහුදු සැතපුම් 40ක් දුරින් ශ්‍රි ලංකා මුහුදු සිමාවේදි ත්‍රස්ත ප්‍රහාරයකින් විනාශවු Iris Dena නමැති ඉරාන නාවික හමුදාවට අයත් නෞකාවේ සිටි නාවිකයින් 32 අද(04) දහවල් ගාල්ල වරායට ගෙනැවිත් කරාපිටිය රෝහලට ඇතුලත් ඇතුළු කළබව නාවික හමුදා නිලධාරියෙකු පැවසීය. 04 March 2026
ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී තනතුර ඉවතට ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී පනත ඉවත් කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත. 04 March 2026
තහනම් උත්තේජක නියෝග පාර්ලිමේන්තුවට තහනම් උත්තේජක (තහනම් කරන ලද ලැයිස්තුව) නියෝග පාර්ලිමේන්තුව වෙත අනුමැතිය සඳහා ඉදිරිපත් කිරිමට කැබිනට් අනුමැතිය ලැබී ඇත. 04 March 2026
ආනයන සෙස් බදු ටික ටික ඉවතට ආනයන භාණ්ඩ මත ක්‍රියාත්මක වන සෙස් බද්ද අදියර වශයෙන් ඉවත් කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත. 04 March 2026
බණ්ඩාරවෙල ඔයක මළ සිරුරක් බණ්ඩාරවෙල කටුගහ ලෙව්වතැන්න පාලම අසල ඔයේ තිබු පිරිමි මළසිරුරක් අද (4) සොයාගත් බව බණ්ඩාරවෙල පොලිසිය පවසයි . 04 March 2026
ජනපති -අරාබි නායකත්වය අමතයි ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඊයේ රාත්‍රියේ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ නායකත්වය සමඟ දුරකථනයෙන් සාකච්ඡා කළ බව විදේශ අමාත්‍ය විජිත හේරත් මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය. 04 March 2026
සියලු රටවල ජනතාවගේ ආරක්ෂාව තහවුරු කරන්න සියලුම රටවල ජනතාවගේ ආරක්ෂාව තහවුරු කරන ලෙස සියලු පාර්ශව වලින් ඉල්ලා සිටින බව පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පැවැසීය. 04 March 2026
ඉරාන නැවේ ජීවිත බේරා ගත්තා ලංකා මුහුදු සීමාවට ඔබ්බෙන් අනතුරට පත් වූ අනතුරට පත්වූ ඉරාන නැවේ සිටි අයගේ ජීවිත බේරා ගැනීමට ලංකාව මැදිහත් වූ බවවිදේශ අමාත්‍යය විජිත හේරත් මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය. 04 March 2026
ඇඟළුම් සේවිකාවගේ ගෙල කපා මරලා කහතුඩුව ඇඟලූම් කර්මාන්තශාලා භූමියකදී එහි සේවකයෙකු සේවිකාවකගේ ගෙල කපා ඝාතනය කර ඇතැයි කහතුඩුව පොලිසිය සඳහන් කරයි. 04 March 2026
ඊශ්‍රායලය දිගට හරහට ලෙබනනයට පහර දෙයි ඊශ්‍රායල හමුදා මේ වනවිට ලෙබනනයේ හිස්බුල්ලා සටන්කාමීන් ඉලකක කරගනිමින් ගුවන් ප්‍රහාර එල්ල කරයි. ඊශ්‍රායල හමුදාව පවසා ඇත්තේ ඔවුන් ගොඩබිම් ප්‍රහාරයකට ද සූදානම් බවය. 04 March 2026
ඊශ්‍රායල අගමැති නෙදන්යාහු කෝ ? ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙදන්යාහු යහතින් සිටිනවාද නැද්ද යන්න සම්බන්ධයෙන් ප්‍රශ්නාර්ථයක් මතුවී ඇතැයි විදෙස් පුවත් සේවා වාර්තා කරයි. 04 March 2026
ගාලු මුහුදේදී ඉරාන නැවකට ප්‍රහාරයක් එල්ල වෙලා ගාලු මුහුදේදී ඉරාන නැවකට ප්‍රහාරයක් එල්ල වී තිබෙන බව බදුල්ල දිස්ත්‍රික් මන්ත්‍රී චාමර සම්පත් දසනායක මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය. 04 March 2026
අපරාධ සැකකරුවෝ 628ක් කොටු දිවයින පුරා අපරාධවලට සම්බන්ධ සැකකරුවන් අත්අඩංගුවට ගැනීමේ මෙහෙයුම් වලදී සැකකරුවන් 628ක් අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය කියයි. 04 March 2026
කළුතර දිස්ත්‍රික් ලේකම් කාර්යාල ට්‍රාන්ස්පෝමරය ගිනි ගනී කළුතර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ ට්‍රාන්ස් පෝමරයේ මීට සුළු මොහොතකට පෙර ගින්නක් හටගෙන ඇති බව කළුතර දකුණ මූලස්ථාන පොලිසිය සදහන් කරයි . 04 March 2026
අධ්‍යාපන ප්‍රතිසංස්කරණයට ඒ.ඩී.බී සහය රජය ගෙන යන අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ක්‍රියාවලියට සහාය ලබා දීමට කැමති බව ආසියානු සංවර්ධන බැංකුවේ (ADB) නිලධාරීහු අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය හමුවේ පැවැසූහ. 04 March 2026
අයි.ටී අංශයේ හිංසන සිද්ධිය: වාර්තාව මැතිසබයට පාර්ලිමේන්තුවේ තොරතුරු පද්ධති සහ කළමනාකරණ දෙපාර්තමේන්තුවේ නිලධාරිනියකට සිදුවූයේ යැයි කියන ලිංගික හිංසන සිද්ධිය පිළිබඳව පරීක්ෂණ පැවැත්වූ හිටපු මහාධිකරණ විනිසුරු සුජාතා අලහප්පෙරුම මහත්මියගේ ප්‍රධානත්වයෙන් යුතු කමිටුවේ අවසන් වාර්තාව කතානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා විසින් පාර්ලිමේන්තුවට අද පෙරවරුවේ ඉදිරිපත් කෙරිණ. 04 March 2026
දඹුල්ලෙත් යතුරු පැදියක් ගිනි ගනී අඹු සැමි යුවළක් ගමන් ගත් යතුරුපැදියක් දඹුල්ල කණ්ඩලම මාර්ගයේ සිසිරවත්ත හන්දියේ ප්‍රදේශයේදී ගිනිගෙන විනාශ වී ඇතැයි දඹුල්ල පොලිසිය කියයි. 04 March 2026
අද දවසම වියලි කාලගුණික තත්වයක් දිවයිනේ බොහෝ ප්‍රදේශවලට වියලි කාලගුණික තත්වයක් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව දැනුම් දෙයි. 04 March 2026
මොරටු ‘‘සුරාගේ‘‘ සිරුර ත්රිරෝදයකින් මතුවේ මොරටුව බස් නැවතුම අසල නවතා තිබූ ත්‍රීරෝද රථයක තිබී කැපුම් තුවාල සහිත මොරටුමුල්ලේ පදිංචි අයකුගේ මළ සිරුර සොයාගත් බව මොරටුව පොලිසිය පවසයි. 03 March 2026
ගුවන් ගමන් වාර 205ක් අද අවලංගු කෙරේ මැදපෙරදිග ඇති වී ඇති යුදමය වාතාවරණය සමග කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණෙන ගුවන් ගමන් 107 ක් සහ කටුනායක ගුවන් තොටුපොළෙන් මැදපෙරදිග බලා පිටත්ව යන ගුවන් ගමන් 98 ක් වශයෙන් , ගුවන් ගමන් වාර 205 ක් අද දින අවලංගු කිරීමට එම කළාපයේ සිවිල් ගුවන් සේවා අධිකාරි සහ ගුවන් සමාගම් පියවර ගෙන ඇති බව වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍ය අනුර කරුණාතිලක මහතා පැවසීය . 03 March 2026
මත් සැකකරුවෝ 1253 ක් ’’රටම එකට’’ ජාතික මෙහෙයුම යටතේ රට පුරා කළ වැටලීම් වලදී මත්ද්‍රව්‍ය වැරැදි වලට සම්බන්ධ සැකකරුවන් 1253 ක් ඊයේ (02) කළ මෙහෙයුම් වලදී අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය කොට්ඨාශය කියයි. 03 March 2026
කටුනායකින් පළමු ගුවන් යානය ඩුබායි බලා පිටත් වෙයි මැදපෙරදිග යුද ගැටුම් ආරම්භ වීමෙන් පසු එම කළාපයට අත්හිටුවා තිබූ ගුවන් ගමන් යළි ආරම්හ කරමින් පළමු ගුවන් යානය අද (03) පස්වරුවේ කටුනායක ගුවන් තොටුපොළෙන් ඩුබායි බලා පිටත්ව ගිය බව කටුනායක ගුවන් තොටුපොළ කාර්යය භාර නිලධාරීවරයා පැවසීය . 03 March 2026
දුමින්ද සිල්වාට තව ලෙඩක් වැටෙයි අයථා මුදල් ඉපයීම සම්බන්ධයෙන් අත් අඩංගුවට පත්ව සිටි මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කාරයකු ලෙස ප්‍රකට දෙමටගොඩ රුවන්ට ඇප ලබාදීම වෙනුවෙන් අල්ලස් ලබා ගත්තේ යැයි කියන පැමිණිල්ලේ සැකකරුවකු ලෙස හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සහ නිවාස සංවර්ධන අධිකාරියේ හිටපු සභාපති ආර් .දුමින්ද සිල්වා නම්කරන බව කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස් බෝදරගම මහතා හමුවේ කරුණු දැක්වූ අල්ලස් කොමිසම අද (03)පැවසීය. 03 March 2026
අයිරිස් ඩේනා නාවිකයන්ගේ දේහයන් ඉරානයට ඇමෙරිකා සබ්මැරීන ප්‍රහාරයෙන් මියගිය, අයිරිස් ඩේනා ඉරාන යුද නෞකාවේ සිටි නාවිකයන්ගේ දේහයන් කඩිනමින් ඉරානයට රැගෙන යාමට පියවර ගන්නා බව ඉරාන හමුදාව පවසා ඇත... 11 March 2026