(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)

කතානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාට එරෙහිව සමගි ජන බලවේගය විසින් ඉදිරිපත් කෙරැණු විශ්වාසභංග යෝජනාව පිළිබඳ විවාදය දින නියමයක් නොමැතිව කල් දමා ඇත.

විශ්වාසබංග යෝජනාවේ ඇතුළත් අැතැම්  කරුණුවල තාක්ෂණික ගැටලු කිහිපයක් පවතින බැවින් ඒ පිළිබඳව නීතිපතිවරයාගේ  මතය විමසිය යුතු බවට ආණ්ඩු පක්ෂයේ  නියෝජිතයන් පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේදී  පෙන්වාදී  ඇත.  

ඒ අනුව ඒ සඳහා යම් කාලයක් ගතවන බැවින්  විශ්වාසභංග  යෝජනාව පිළිබඳ විවාදය ඉදිරි පාර්ලිමේන්තු සතියේදී   පැවැත්වීමට නොහැකිවන බව පාර්ලිමේන්තු ආරංචි මාර්ග සඳහන් කළේය.

නීතිපති උපදෙස් ලැබීමෙන්  පසු කතානායකවරයාට එරෙහි විශ්වාසභංග යෝජනාව විවාදයට ගැනෙන දින වකවානු  තීරණය කෙරෙන  බව විපක්ෂයේ ප්‍රධාන සංවිධායක  ගයන්ත කරුණාතිලක  මහතා සඳහන් කළේය.