
(සුජිත් හේවාජුලිගේ)
විශ්ව විද්‍යාලවලට ආචාර්යවරුන් 2000 ක් බඳවාගැනීමට අනුමැතිය ලබාගෙන ඇතැයි අගමැතිනී, අධ්‍යාපන උසස් අධ්‍යාපන ඇමැතිනී
ආචාර්ය හරිනි අමරසූරිය පැවසුවාය.
පේරාදෙණිය ඇතුළු සමහර විශ්ව විද්‍යාලවල පසුගිය වසර දෙකේදී සියයට පනහක හෝ බඳවා ගැනීම් කර නැතැයි පැවසූ අගමැතිවරිය මේ සම්බන්ධයෙන් තමා උප කුලපතිවරුන් සමග සාකච්ඡා කළ බවද සඳහන් කළාය.
සියයට 75 කට වැඩියෙන් බඳවා ගත් විශ්ව විද්‍යාලවලට නව බඳවා ගැනීම් සඳහා අනුමැතිය දෙන බව ඇය කීවාය.
මේ අතර විශ්ව විද්‍යාල සඳහා නේවාසිකාගාර පනස් පහක් ඉදිකිරීමට අනුමැතිය ලබාගෙන ඇතැයි ඇය වැඩිදුරටත් කීවාය.
ඒවා වැඩි ප්‍රමාණයක් ඈත දුෂ්කර ප්‍රදේශවල ඉදිකෙරෙන බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd