වැල්ලවත්තේ නිවෙසක වියට්නාම් පිරිසක් හිර කර පහරදුන් වියට්නාම් යුවළක් මාට්ටු වැල්ලවත්ත ප්‍ර දේශයේ නාවතැන්පොළක කාමරයක් තුළ වියට්නාම ජාතිකයන් සිවු දෙනකු බලහත්කාරයෙන් සිරකර පහර දුන් බව කියන වියට්නාම ජාතික යුවළක් අත්අඩංගුවට ගත් බව වැල්ලවත්ත පොලිසිය පවසයි. 08 October 2026
කුඩු ජාවාරමාගෙන් රඳවා ප්‍රශ්න කරද්දී ඝාතනයක තොරතුරු එලියට අයිස් මත්ද්‍රව්‍ය මිලි ග්‍රෑම් දහදාස් පන්සීයක් සමඟ අත්අඩංගුවට ගත් පුද්ගලයකු රඳවා ප්‍රශ්න කිරීමේදී එම සැකකරු ඉකුත් සැප්තැම්බර් 04 දා බොරලැස්ගමුව මාලනී බුලත්සිංහල මාවතේ නිවසකට යතුරු පැදියකින් පැමිණ එහි සිටි පුද්ගලයකුට වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියේ වෙඩික්කරු බවට හඳුනා ගෙන ඇතැයි කොට්ටාව පොලිසියය පවසයි. 08 October 2026
දූෂණ විරෝධී කෙටුම්පත සම්මතයි දූෂණ විරෝධී (සංශෝධන) පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවේදී සංශෝධන සහිතව අද (08) සම්මත කෙරිණ. පනත් කෙටුම්පත පිළිබද දෙවන වර කියවීමේ විවාදය අද පැවැත්විණ. 08 October 2026
බන්ධනාගාර නීති රෙගුලාසි යාවත්කාලීන කරන කමිටුව පත් කරයි බන්ධනාගාර ආඥා පනත යටතේ සාදන ලද නීති රෙගුලාසි සහ නිත්‍ය නියෝග යාවත්කාලීන කිරීමට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ උපදෙස් පරිදි විශේෂ කමිටුවක් අද (08) පත් කෙරිණි. 08 October 2026
තනි තනි පුද්ගලයන් වෙනුවෙන් නියෝග දෙන්න සූදානම් නෑ රටේ නීති තිබියදී, තනි තනි පුද්ගලයන් වෙනුවෙන් නියෝග ලබා දීමට තමන් සූදානම් නොමැති බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ත්රෙයිකායික මහා සංඝරත්නය සමඟ ජනාධිපති කාර්යාලයේ අද (8)පැවති සාකච්ඡාවේදී පැවසීය. 08 October 2026
ආසියා පදනමේ නියෝජිතයෝ අගමැතිනිය හමුවෙති අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය සහ ආසියා පදනමේ නියෝජිත පිරිසක් අතර හමුවක් පාර්ලිමේන්තුවේදී සිදුවිය. 08 October 2026
ගුරුමව්වරු දෙදෙනෙක් මරා දමලා හබරාදුව පිටිදුව ප්‍රදේශයේ නිවසක සිටි අවිවාහක විශ්‍රාමික ගුරු සහෝදරියන් දෙදෙනකු ඝාතනය කර ඇතැයි හබරාදුව පොලිසිය පවසයි. 08 October 2026
මාලදිවයිනේ වීසා නීති දැඩි වෙයි මාලදිවයින රජය විසින් එරට රැකියා සඳහා පැමිණෙන ශ්‍රමිකයින් වෙනුවෙන් ක්‍රියාත්මක කරනු ලබන වීසා නීති යාවත්කාලීන කිරිමට පියවර ගෙන තිබේ. 08 October 2026
කුසල් මෙන්ඩිස් ටෙස්ට් නායකත්වයට ශ්‍රී ලංකා ජාතික ටෙස්ට් ක්‍රිකට් කණ්ඩායමේ නායකයා ලෙස කුසල් මෙන්ඩිස් පත්කළ බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය අද (8) නිවේදනය කළේය. 08 October 2026
දූෂණ විරෝධී පනතේ අලුත් සංශෝධන වල ’’හිල්’’ දූෂණ විරෝධී පනතේ අලුත් සංශෝධන වල දූෂණයට අත වනන රුකුලක් දෙන සංශෝධන අඩංගු වෙන බව කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී මුජිබුර් රහුමාන් මහතා:-(ස.ජ.බ) පාර්ලිමේන්තුවේදී අද පැවසීය. 08 October 2026
නීතිය නිසා චන්ඩි නොන්ඩි වෙලා නීතිය නිසා චන්ඩි නොන්ඩි වෙලා (අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ) නීතියේ විධානයේ ආධිපත්‍ය තහවුරු කිරීම නිසා දෙවුන්දර තුඩුවේ සිට ඩෙල්ෆ් දක්වා චන්ඩි ඔක්කොම නොන්ඩි වී තිබෙන බව ප්‍රවාහන සහ මහා මාර්ග අමාත්‍ය සභානායක බිමල් රත්නායක මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය. 08 October 2026
මෙරට මනෝ වෛද්‍යවරුන්ගේ දැඩි හිඟයක් රට තුළ මනෝ වෛද්‍යවරුන්ගේ හිගයක් පවතින බව කොළඹ ජාතික රෝහලේ විශේෂඥ මනෝ වෛද්‍ය මහාචාර්ය චතුරි සුරවීර මහත්මිය පවසයි. 08 October 2026
ගමට හොඳ සෞඛ්‍ය සේවයක් ගෙන යාම රජයේ ප්‍රධාන අරමුණයි සෞඛ්‍ය සේවාවේ ගුණාත්මකභාවය සහ කාර්යක්ෂමතාව ඉහළ නංවමින් රෝගී ජනතාවට ප්‍රාදේශීය මට්ටමින්ම උපරිම සේවාවක් සැලසීම රජයේ ප්‍රධාන අරමුණ බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසීය. 08 October 2026
චීවරය ඉවත් කරන්න පෙර මහනාහිමිවරුන්ගෙන් අහන්න තිබුණා බන්ධනාගාර ගත වූ ගලගොඩ අත්තේ ඥානසාර හිමියන්ගේ සිවුර ඉවත් කිරීමට පෙර ඒ සම්බන්ධයෙන් මහා නා හිමිවරුන්ගෙන් අදහස් ලබා ගැනීමට අධිකරණ අමාත්‍යාංශයට යුතුකමක් තිබූ බව එක්සත් ජාතික පක්ෂ සභාපති වජිර අබේවර්ධන මහතා මාධ්‍ය හමුවකදී අද(8) පැවසීය. 08 October 2026
ත්‍රස්ත පනතෙන් අත්අඩංගුවට ගන්නා අය රඳවන්න වෙනම තැනක් මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශය (CCIB) ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ රඳවා තබා ගැනීමේ ස්ථානයක් ලෙස ප්‍රකාශයට පත් කරමින් ගැසට් නිවේදනයක් නිකුත් කරනු ලැබ ඇත. 08 October 2026
කතානායක විශ්වාසභංගයට අත්සන් ගැනීම අරඹයි කතානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාට එරෙහි විශ්වාසභංග යෝජනාවට අත්සන් ගැනීම අද ආරම්භ කරන බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ දයාසිරි ජයසේකර මහතා පැවසීය. 08 October 2026
නොබෙල් සාහිත්‍ය ත්‍යාගය අද මෙවර සාහිත්‍ය සම්මානය හිමිවනු ඇතැයි අනුමාන කෙරෙන්නේ කැඩේනියානු කිවිදියකට හෝ චීන ලේඛිකාවකට යැයි සාහිත්‍ය විචාරකයන්ගේ අදහසය. 08 October 2026
රසායන විද්‍යා නොබෙල් ත්‍යාගය විද්‍යාඥයන් දෙදෙනකුට ජීවයේ පැවැත්මට බලපාන රසායනික අසමමිතිය පිළිබඳ අභිරහසට සාර්ථක විසඳුම් ලබා දීම වෙනුවෙන් ප්‍රංශ ජාතික විද්‍යාඥ හෙන්රි බී. කේගන් සහ ජපානයේ කෙන්සෝ සොආයි, මෙම 2026 වසරේ රසායන විද්‍යා නොබෙල් ත්‍යාගයෙන් පිදුම් ලැබූහ. 08 October 2026
සාම ත්‍යාගයට සුදුසුස්සා මම - ට්‍රම්ප් 2026 නොබෙල් සාම ත්‍යාගය හිමිවන්නේ කාටදැයි හෙට (9) ප්‍රකාශ කිරීමට නියමිතය. නොබෙල් සාම ත්‍යාගයට සුදුස්සා තමන් නමුත්, තමන්ට එය හිමිවේවිදැයි සැක සහිත බව ඇමෙරිකන් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසයි. 08 October 2026
රාහුල් ගාන්ධි අත්අඩංගුවට ඉන්දියාවේ ප්‍රධාන මැතිවරණ කොමසාරිස්වරයාට වහා ධුරයෙන් ඉවත් වන්නැයි බල කරමින්, විරෝධතාවකට එක් වුණු, ඉන්දියාවේ ප්‍රධාන විපක්ෂය වන කොංග්රස් පක්ෂයේ නායක රාහුල් ගාන්ධි පොලිස් අත්අඩංගුවට පත්විය. 08 October 2026
නානා පාටේකාර් සමුගනී ප්‍රවීණ බොලිවුඩ් නළු නානා පාටේකර් දිවි ගමන අවසන් කළේය. ඉන්දියාවේ ගෝවා හි සිය නිවසේදී හදිසි හෘදයාබාධයක් හේතුවෙන් නානා පටේකාර් අභාවප්‍රාප්ත වුණු බව ඉන්දීය මාධ්‍ය පවසයි. මියයන විට ඔහුගේ වයස අවුරුදු 75 කි. 08 October 2026
රිය අනතුරක් කළැයි පා.ම චන්දන සූරියආරච්චි අත්අඩංගුවට පනාගොඩ මැදමණ්ඩිය ප්‍රදේශයේදී රිය අනතුරක් සිදු කිරීම සම්බන්ධයෙන් ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී චන්දන සූරියාරච්චි මහතා අත්අඩංගුවට ගත් බව අතුරුගිරිය පොලිසිය සඳහන් කරයි. 08 October 2026
ජනපති අරමුදලෙන් රුහුණේ සරසවි සිසුන්ට ’’ඇස්’’ ජනාධිපති අරමුදලෙන් විශ්ව විද්‍යාල සිසුන් සඳහා නොමිලේ ඇස් කණ්ණාඩි ලබා දීමේ වැඩසටහනේ දෙවන අදියර මාතර දී පැවැත්වීමට තීරණය කර තිබේ. ඒ අනුව සෙනසුරාදා (10) දවස පුරා රුහුණු විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී මෙම වැඩසටහන පැවැත්වේ 08 October 2026
පොඩි පැටී ඝාතනයේ ප්‍රධාන සැකකරුවෙක් මාට්ටු පොඩි පැටී ඝාතනයට සම්බන්ධ ප්‍රධාන සැකකරුවන් දෙදෙනාගෙන් එක් අයකු අත් බෝම්බයක් සමග අහුන්ගල්ල වැලිකන්ද ප්‍රදේශයේ දි සැකපිට ප්‍රශ්න කිරීම සඳහා අත් අඩංගුවට ගත් බව අහුන්ගල්ල පොලීසිය කියයි. 08 October 2026
දූෂණ විරෝධී කෙටුම්පත විවාදය අද දුෂණ විරෝධී (සංශෝධන) පනත් කෙටුම්පත දෙවැනි වර කියවීමේ විවාදය අද (08 ) බ්‍රහස්පතින්දා පැවැත්වේ. 08 October 2026
ඥානසාර හිමිගේ චීවරය ඉවත් කිරීමට මහා නා හිමිවරුගේ අප්‍රසාදය සිර දඬුවම් ලබා සිටින ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ගේ චීවරය ඉවත් කොට සාමාන්‍ය ගිහි ඇඳුමක් ඇන්දවීම සම්බන්ධයෙන් අප්‍රසාදය පළ කරමින් එය එක්සත් ජාතීන්ගේ සම්මත අවම රීති මාලාවේ 14 (3) රීතිය කඩ කිරීමක් බව කරමින් ත්‍රෛනිකායික මහනාහිමි වරුන්ගේ අත්සනින් යුතුව බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයා වෙත ලිපියක් යොමුකොට තිබේ. 08 October 2026
ජනපති-ත්‍රෛනිකායික මහා සංඝරත්නය හමුවක් කැඳවයි ත්‍රෛනිකායික මහානායක ස්වාමීන් වහන්සේලා නියෝජනය කරන මහා සංඝරත්නය හා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අතර සාකච්ඡාවක් ජනාධිපති කාර්යාලයේදී අද (8)පැවැත්වේ. 08 October 2026
කෝටි 15,000ක කනකර බඩු උගස් තියලා එදාවේල හම්බ කරන් කන මිනිස්සු ජීවත් වෙන්න විදියක් නැතුව කෝටි 15,000ක කනකර බඩු උගස් තියලා -නාමල් රාජපක්ෂ 08 October 2026
කොටුව හිටපු මහෙස්ත්‍රාත් යළි සේවයේ පිහිටුවයි කොළඹ කොටුව මහේස්ත්‍රාත්වරයා ලෙස කටයුතු කරමින් සිටියදී සේවය අත්සිටවූ කෝසල සේනාධීර මහතා වහාම ක්‍රියාත්මක වන පරිදි යළි සේවයේ පිහිටුවීමට අධිකරණ සේවා කොමිෂන් සභාව පියවර ගෙන ඇත. 07 October 2026
ලබන වසරේ විසර්ජන කෙටුම්පත මැතිසබයට වියදම කෝටි 499200 ක් ලබන 2027 වසර සඳහා වන අයවැය විසර්ජන පනත් කෙටුම්පත කම්කරු අමාත්‍ය සහ මුදල් සහ ක්‍රම සම්පාදන නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය අනිල් ජයන්ත මහතා විසින් පළමු වර කියවීම සඳහා පාර්ලිමේන්තුවට අද ඉදිරිපත් කෙරිණ. 07 October 2026
සා.පෙ සෞන්දර්ය පරීක්ෂණයට යන්න බැරි වූ දරුවන්ට වෙනත් දිනයක් සාමන්‍ය පෙළ විභාගයේ සෞන්දර්ය ප්‍රයෝගික පරීක්ෂණවලට සභභාගී වීමට නොහැකි වූ සබරගමුව පළාතේ දරුවන්ට වෙනත් දිනයක් ලබා දෙන බව විභාග කොමසාරිස් ජනරාල් ඉන්දිකා කුමාරි ලියනගේ පැවැසුවාය... 27 October 2026