මහවැලිය පිටාර මට්ටමට දිවයිනේ ඉහළ ප්‍රදේශවලට ඇද හැලෙන ධාරානිපාත වර්ෂාව සමග පොළොන්නරුව මනම්පිටිය මහවැලි ගගේ ජලය පිටාර මට්ටමේ පවතින බව පොලොන්නරුව දිස්ත්‍රික් කළමනාකරන සහකාර අධ්යක්ෂ කාර්යාලය සඳහන් කරයි. 22 February 2026
නීතිඥයා සහ බිරියගේ වෙඩික්කරු අල්ලයි තලංගම අකුරේගොඩ සුපිරි වෙළඳ සලක් අසළදි නිතිඥවරයකුට සහ ඔහුගේ බිරිඳට වෙඩි තබා ඝාතනය කරන ලද වෙඩික්කරු ඊයේ රාත්‍රීයේ අත්අඩංගුවට ගත් බව හෝමාගම කොට්ඨාශ අපරධ විමර්ශණ අංශය කියයි. 22 February 2026
බදුල්ල-පස්සර පාරට පස්කඳු කඩා වැටෙයි පවතින අධික වර්ෂාව සමඟ අද( 22) බදුල්ල පස්සර මාර්ගයේ එකසිය තිස් දෙක වැනි කිලෝමීටර් කණුව ආසන්න ප්‍රදේශයේ දී මාර්ගයට විශාල පස් කන්දක් කඩා වැටීම හේතුවෙන් වාහන ගමනාගමනයට බාධා ඇති වුවද ඒවා කඩිනමින් ඉවත් කිරීමට පියවර ගත් බව මාර්ග සංවර්ධන අධිකාරියේ බදුල්ල විධායක ඉංජිනේරු කාර්යාලය පැවසීය. 22 February 2026
ඉඩම් ආරවුලක් දුරදිග ගොස් අයෙක් මරුට ඉඩම් ආරවුලක් මත නෙළුව මිල්ලව ප්‍රදේශයේදි අද දහවල් පුද්ගලයෙකුට පහරදි ඝාතනය කර ඇතැයි ගාලු දිසාබාර නියෝජ්‍ය පොලිස්පති කාර්යාලය පවසයි. 21 February 2026
ලොරි රථයක් අඩි 20ක ප්‍රපාතයකට පෙරළෙයි හැටන් සිට දංකොටුව දක්වා අදික වෙගයෙන් ධාවනය වූ ලොරි රථයක් මාර්ගයෙන් ඉවතට පැන අඩි 20ක් පමණ ප්‍රපාතයෙන් වූ බෝක්කුවක් මතට පෙරලිමෙන් ඒම ලොරි රථයේ ගමන් ගත් රියදුරා සහ රිය සහයකයා බරපතල ලෙස තුවාල ලබා වටවල ප්‍රාදේශීය රෝහල වෙත ඇතුලත් කිරිමෙන් පසු තුවාලකරුවන්ගේ තත්වය බරපතල නිසා තුවාලකරුවන් වැඩි දුර ප්‍රතිකාර සදහා නාවලපිටිය දිස්ත්‍රික් මහ රෝහල වෙත මාරු කර යැවු බව වටවල පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පෙලිසි පරික්ෂක චන්දන ගමගේ මහකා පැවසීය. 21 February 2026
ආණ්ඩුව ද්වේශය - පළිගැනීම - කුහකකමින් අන්තයටම ගිහිල්ලා ද්වේශය, පළිගැනීම සහ කුහකකමින් වර්තමාන ජනාධිපතිවරයාගේ ආණ්ඩුව අන්තයටම ගොස් ඇති බව ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ ශ්‍රී කල්‍යාණී සාමග්‍රී ධර්ම මහා සංඝ සභාවේ අනුනායක සහ ප්‍රධාන ලේඛකාධිකාරී අග්ගමහා පණ්ඩිත මහාචාර්ය කොටපිටියේ රාහුල හිමියෝ අද (20) පැවසූහ. 20 February 2026
ජොන්ස්ටන් පුතුන්ගේ ඇපෑල යළිත් විසිවෙයි සතොස ලොරි රථ සහ රියදුරන් යොදවමින් රජයේ මුදල් හා දේපළ සාපරාදී සාවද්‍ය පරිහරණය කළේ යැයි බන්ධනාගාරගත සමූපකාර හා අභ්‍යන්තර වෙළෙඳ කටයුතු පිළිබඳ හිටපු ඇමති ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතාගේ පුතුන් දෙදෙනාගේ ඇප ඉල්ලීම යළි ප්‍රතික්ෂේප කළ වත්තල මහේස්ත්‍රාත් කාංචනා එන් සිල්වා මහත්මිය සැකකරුවන් පස්දෙනා ලබන 06 දින දක්වා යළි රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට (20) නියෝග කළාය. 20 February 2026
නාමල්ගේ කේම්බ්‍රිජ් දෙසුමට ඩයස්පෝරා විරෝධයක් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතාගේ එක්සත් රාජධානියේ ඔක්ස්ෆර්ඩ් (Oxford Union) සහ කේම්බ්‍රිජ් (Cambridge Union) ශිෂ්‍ය සංගම් ඇමතීමේ දෙසුම එංගලන්තයේ වෙසෙන එල්.ටී.ටී.ඊ හිතවාදී ඩයස්පෝරාවේ විරෝධයක් නිසා අවලංගු කර ඇතැයි රාජපක්ෂ මහතාගේ මාධ්‍ය අංශය පවසයි. 20 February 2026
අනුෂ පැල්පිටට ඇප සිය ආදායමින් උපයා ගතනොහැකි රුපියල් මිලියන 46 කට අධික අයථා වත්කම් රැස්කළේ යැයි රක්ෂිතය බන්ධනාගාර ගතව සිටි විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේ හිටපු අධ්‍යක්ෂක ජනරාල් අනූෂ පැල්පිට සැකකරු අප මත මුදා හැරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස්. බෝදරගම මහතා නියෝග කළේය . 20 February 2026
ට්‍රම්ප්ගෙන් ඉරානයට දින 10 ක් ඉරානයට එරෙහිව හමුදා ක්‍රියාමාර්ගයක් අනුගමනය කරනවාද දින 10 ක් ඇතුළත තීරණය කරන බව ඇමෙරිකන් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසයි. 20 February 2026
ජනප්‍රිය නළු එරික් ඩේන් සමුගනී එරික් ඩේන්, ශ්‍රී ලංකාවේ තරුණ තරුණියන් අතරේ අතිශය ජනප්‍රිය වූයේ, 2014 සිට 2019 දක්වා, ‘ලාස්ට් ෂිප්’ ටෙලි කතා මාලාවේ ඇමෙරිකන් නාවික හමුදා කපිතාන්වරයා ටොම් චැන්ඩ්ලර්ගේ චරිතය හරහාය. 20 February 2026
දරුවන්ට වද දුන් මව - අනියම් සැමියා මාට්ටු අඹේවෙල වර්වික්වත්තේ නිවසකදී අවුරුදු 8ක දැරියකට සහ අවුරුදු 2,1/2ක දරුවකුට පොලුවලින් පහරදී තුවාල සිදුකර කෲරත්වයට පත් කලැයි සැකපිට මවක සමග ඇයගේ අනියම් සැමියා අද (20) අත් අඩංගුවට ගත් බව කැප්පෙටිපොළ පොලිසිය පවසයි . 20 February 2026
බිරියගේ ගෙල කපා මරා පොලීසියට බාර වෙලා පවුල් ආරවුලක් හේතුවෙන් සැමියා සිය බිරිඳගේ ගෙල කපා ඝාතනය කොට ගෙල ඇයගේ අනියම් සැමියාගේ මිදුලට දමා අද අලුයම නෙළුව පොලිසියට පැමිණ බාරවි ඇතැයි ගාලු දිසාබාර නියෝජ්‍ය පෙලිස්පති කාර්යාලය පවසයි. 20 February 2026
දිස්ත්‍රික්ක දෙකකට නාය අනතුරු ඇඟවීමේ නිවේදන පවතින වර්ෂා තත්ත්වය හේතුවෙන් නුවරඑළිය සහ බදුල්ල යන දිස්ත්‍රික්කවල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස හයකට නායයෑමේ පූර්ව අනතුරු ඇඟවීමේ නිවේදන නිකුත් කිරීමට ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය අද (20) පියවර ගෙන තිබේ. 20 February 2026
පළාත් - දිසා රැසකට අද තරමක තද වැසි උතුරු, උතුරු - මැද නැගෙනහිර ඌව සහ මධ්‍යම පළාත්වල විටින් විට වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව දැනුම් දෙයි. 20 February 2026
චාල්ස් රජුගේ මල්ලි අත්අඩංගුවට බ්‍රිතාන්‍යයේ තුන්වන චාල්ස් රජුගේ බාල සොයුරු ඇන්ඩෲ මවුන්ට්බැටන්-වින්ඩ්සර්, රජයේ නිල බලය අනිසි ලෙස භාවිත කිරීමේ සැකය මත පොලිස් අත්අඩංගුවට ගනු ලැබුණි. බ්‍රිතාන්‍ය මාධ්‍ය වාර්තා පෙන්වා දෙන්නේ, ඔහුට දින කීපයක් පොලිස් අත්අඩංගුවේ පසුවීමට සිදුවනු ඇති බවය. 20 February 2026
අමරපුර උපසම්පදා උළෙල රාජ්‍ය අනුග්‍රහයෙන් ශ්‍රී ලංකා අමරපුර මහා නිකායේ වසර නවයකට පසු පැවැත්වෙන උපසම්පදා විනයකර්මයට රාජ්‍ය අනුග්‍රහය ලබාදීමට රජය තීරණය කර තිබේ. 19 February 2026
ගෑස් හිඟයට කඩිනම් විසඳුම් දෙන්න -නාමල් රාජපක්ෂ ගෑස් හිඟයට වහාම විසඳුම් දෙන ලෙස ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක නාමල් රාජපක්ෂ පැවසීය. 19 February 2026
ජනපති- භූතාන අගමැති හමුවේ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ භූතානයේ අගමැති ට්ෂෙරින් ටොබ්ගේ මහතා අතර ද්විපාර්ශ්වික සාකච්ඡාවක් අද (19) පස්වරුවේ නවදිල්ලි නුවරදී පැවැත්විණි. 19 February 2026
රිමාන්ඩ් වෙනුවට නිවාස අඩස්සිය එයි බන්ධනාගාර තදබදය අවම කිරීම සඳහා සැකකරුවන් රක්ෂිත බන්ධනාගාර ගත කිරීම වෙනුවට නිවාස අඩස්සියේ තැබීමට හැකි වන පරිදි නව පනතක් ගෙන එන බව අධිකරණ හා ජාතික ඒකාබද්ධතා අමාත්‍ය නීතිඥ හර්ෂණ නානායක්කාර මහතා පැවසීය. ඉලෙක්ට්‍රොනික අධීක්ෂණය හරහා එම දඬුවම ක්‍රියාත්මක කරන බවද අමාත්‍යවරයා කීය. 19 February 2026
ජනපති -ප්‍රංශ ජනපති හමුවෙයි ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ ප්‍රංශ ජනාධිපති එම්මානුවෙල් මැක්රෝන් මහතා අතර ද්විපාර්ශ්වික සාකච්ඡාවක් අද (19) පස්වරුවේ නවදිල්ලි නුවරදී සිදු විය. 19 February 2026
මහා සඟ සමුළුව හෙට කොළඹදී සම්බුද්ධ ශාසනයට, මහා සංඝරත්නයට සහ බෞද්ධ සංස්කෘතියට එල්ල වන විවිධ තර්ජන පරාජය කිරීමේ අරමුණින් සංවිධානය කරන මහා සඟ සමුළුව කොළඹ 7 පිහිටි, බෞද්ධ මහා සම්මේලන පරිශ්‍රයේදී හෙට (20) පස්වරු 2.00 සිට පැවැත්වේ. 19 February 2026
රටේ බරපතළ ගෑස් හිඟයක් - සජිත් ,හිඟයක් නෑ - වසන්ත රටේ බරපතළ ගෑස් හිඟයක් ඇතැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තුවේදී අද (19) චෝදනා කළේය 19 February 2026
සමුළුව අතරේ මෝදි- අනුර හමුවක් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා අතර හමුවක් නවදිල්ලි නුවර පැවැත්වෙන AI Impact 2026 සමුළුවේ රාජ්‍ය නායක සැසියේදී අද සිදුවිය. 19 February 2026
ලාෆ් හිඟයට හේතුව සමාගම කියයි ලාෆ් ගෑස් සිලින්ඩර හිඟයට ප්‍රධාන හේතුව හම්බන්තොට වරාය පරිශ්‍රයේ පිහිටි ලාෆ්ස් ගෑස් සමාගමේ එල්.පී. ගෑස් ආනයන අපනයන ගබඩා පර්යන්තයට දේශීය එල්.පී. ගෑස් සැපයුම වෙනුවෙන් බලපා ඇති රෙගුලාසිමය සීමාවන් බව ලාෆ්ස් ගෑස් සමාගම නිවේදනයක් නිකුත් කරමින් පවසයි. 19 February 2026
ගල් අඟුරු පරීක්ෂාව කාර්මික ආයතනයට? ’’කෝප්’’ නිරීක්ෂණ චාරිකාවක පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාවේ( කෝප් කමිටුව )සාමාජිකයෝ පිරිසක් කාර්මික තාක්ෂණ ආයතනයේ(ITI) නිරීක්ෂණ චාරිකාවක ඉකුත් 17 වැනිදා නිරත වෙමින් එහි වත්මන් තත්වය, පහසුකම් සහ අඩුපාඩු නිරීක්ෂණය කළහ. 19 February 2026
“දැන් ඉතින් අල්ලයි තාජුදීන්ගේ වලිගේ” ලසන්ත වික්‍රමතුංග ඝාතනය සහ තාජුදීන් ඝාතනය ඇතුළු ආන්දෝලනාත්මක ඝාතන පහක විමර්ශන දුරකතන වාර්තා නොමැතිකම හේතුවෙන් නතර වී ඇතැයි සමග ජන බලවේගයේ කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී මුජිබර් රහුමන් මහතා පාර්ලිමේන්තුවේදී අද (19) පැවසුවේය 19 February 2026
දකුණු කොරියා හිටපු ජනපති දිවි ඇතිතෙක් හිරේ දකුණු කොරියාවේ හිටපු ජනාධිපති යූන් සූක් යොල්ට ජීවිතාන්තය දක්වා සිර දඬුවම් නියම විය. ඒ, ඔහු 2024 ධුරයේ සිටිද්දී, යුද නීතිය ප්‍රකාශයට පත් කිරීමට උත්සාහ කිරීම මුල්කොට ගනිමිනි. 19 February 2026
කෘත්‍රිම බුද්ධි වටිනාකම් බෙදා ගනිමින් ඉදිරියට යන්න සූදානම් කිසිවකු අත්නොහැරෙන සේ සහ ආචාර ධර්ම මූලික කරගත් කෘත්‍රිම බුද්ධිය පිළිබඳ පොදු වටිනාකම් බෙදා ගනිමින් සාමුහිකව ඉදිරියට යාමට ශ්‍රී ලංකාව සූදානම් බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සඳහන් කළේය. 19 February 2026
මාලදිවයිනේ සමාගමකින් රාජ්‍ය බැංකුවකට පොල්ලක් රාජ්‍ය බැංකුවක් මාලදිවයිනේ ආර්පීඅයි නමැති සමාගමකට ඇමරිකානු ඩොලර් ලක්ෂ අනූවක ණය මුදලක් ලබා දී ඇති බවත් එම ණය මුදල ලබාගෙන ඔවුන් ඒ රට ඇතුළේ ඉදිකරපු නිවාඩු නිකේතනයක්( විලා ) එකක් නැති බවත් පොදු ව්‍යාපාර පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවේ (කෝප් කමිටුව) සභාපති වෛද්‍ය නිශාන්ත සමරවීර මහතා පාර්ලිමේන්තුවේදී අද (19) පැවසීය. 19 February 2026
අයිරිස් ඩේනා නාවිකයන්ගේ දේහයන් ඉරානයට ඇමෙරිකා සබ්මැරීන ප්‍රහාරයෙන් මියගිය, අයිරිස් ඩේනා ඉරාන යුද නෞකාවේ සිටි නාවිකයන්ගේ දේහයන් කඩිනමින් ඉරානයට රැගෙන යාමට පියවර ගන්නා බව ඉරාන හමුදාව පවසා ඇත... 11 March 2026