ඉන්දුනීසියාවේ බස් අනතුරකින් 16ක් මරුට ඉන්දුනීසියාවේ ජාවා දූපත් ප්‍රදේශයේ සිදුවූ බස් අනතුරකින් පුද්ගලයින් 16 දෙනෙකු මිය ගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. 22 December 2025
ඉහළ කඳුවල ඉදිකිරීම් ඉවත් කරන්නේ බලාගෙන මෙරට කඳුකර ප්‍රදේශවල අඩි 5000 කට ඉහළින් ඇති සියලු ඉදිකිරීම් ඉවත් කිරීමට ගියහොත් එය මෙරට ආර්ථිකයට මෙන්ම සංචාරක ක්ෂේත්රයටද බලපාන කරුණක් වනු ඇතැයි පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ භූගර්භ විද්‍යා අංශයේ හිටපු අංශාධිපති ජ්‍යෙෂ්ඨ මහාචාර්ය අතුල සේනාරත්න මහතා කියයි. 22 December 2025
මොස්කව් හි පිපිරීමකින් හමුදා ජෙනරාල්වරයෙක් මරුට මොස්කව්හි රථවහාන ගාල තිබූ හමුදා ප්‍රධානියකු ටයත් මෝටර් රථය අටවා තිබූ බෝම්බයක් පුපුරුවා හැරීමෙන් රුසියානු ජෙනරාල්වරයකු මිය ගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. 22 December 2025
හිටපු රාජ්‍ය අමාත්‍ය රත්වත්තේගේ මරණ සහතිකය අධිකරණය ඉල්ලයි රාත්‍රි කාලයේ බීමත්ව අනුරාධපුර බන්ධනාගරයට ඇතුළු වී එම බන්ධනාගාරයේ රඳවා සිටි දමිළ ජාතික රැදවියකුගේ නළලට පිස්තෝලයක් තබා වෙඩි තබා මරා දැමීමට හැකි බව පවසමින් තැති ගැන්වීමක් ඇති වන ආකාරයෙන් සාපරාධි බිය වැද්දීමක් සිදු කර තර්ජනය කිරීමේ සිද්ධියට චෝදනා ලැබ සිටියදී මියගිය හිටපු රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ මහතාගේ මරණ සහතිකය ජනවාරි මස 22 දින අධිකණයට ඉදිරිපත් කරන ලෙස අනුරාධපුර ප්‍රධාන මහේස්ත්‍රාත් සියපත් සසිඳු වික්‍රමරත්න මහතා කොළඔ අපරාධ කොට්ඨාසයට න 22 December 2025
මත් සැකකරුවෝ 977 ක් ’’රටම එකට’’ ජාතික මෙහෙයුම යටතේ රට පුරා කළ වැටලීම් වලදී මත්ද්‍රව්‍ය වැරැදි වලට සම්බන්ධ සැකකරුවන් 977 ක් ඊයේ (21) කළ මෙහෙයුම් වලදී අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය කොට්ඨාශය කියයි. 22 December 2025
නීලපොළ පානීය නල පද්ධතිය අනතුරේ මහවැලි ගඟේ ජල මට්ටම යළිත් ඉහළ යාම නිසා පිටාර ගලන ජලකඳින් නීලපොළ සිට දෙහිවත්ත මංසන්ධිය දක්වා වූ ප්‍රධාන මාර්ගයේ කොටසක් අද (22) ගැලවී ගිය බව ගම්වාසීහු පවසති. 22 December 2025
වැල්ලවත්ත වැඩබිමක සහයකයෙක් මරුට වැල්ලවත්ත 47 පටුමගේ වැඩබිමකදි ප්‍රයිම් මුවර් රථයක කිලෝ 500 ක පමණ බරකින් යුත් රෑම්ප් කොටස කඩා වැටී එම රථයේ සහායක මියගිය බව වැල්ලවත්ත පොලිසිය කියයි. 22 December 2025
පොල්ගහවෙල රෝහල වහයි දිට්වා සුළි කුණාටුවත් සමඟ ගංවතුර නායයාම් හේතුවෙන් පොල්ගහවෙල රෝහල් කන්ද නාය යාමෙන් පොල්ගහවෙල රෝහලේ එක් වාට්ටුවකට හා දිස්ත්‍රික් වෛද්‍ය නිලධාරී නිල නිවාසට පස් කන්දක් කඩා වැටීම හේතුවෙන් නේවාසික රෝගීන් ඇතුළත් කරගැනීම තාවකාලික නවතා ඇති බව පොල්ගහවල රෝහලේ දිස්ත්‍රික් වෛද්‍ය නිලධාරී දුමින්ද අල්විස් මහතා පැවසීය. 22 December 2025
බෙලිඅත්ත ප්‍රා.සභාපතිට ඇප අයථා වත්කම් ඉපවූයේ යැයි රක්ෂිත බන්ධනාගාරගතව සිටි බෙලිඅත්ත ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපති සිරිල් මුණසිංහ සැකකරු රුපියල් ලක්ෂ 10 බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදා හැරිමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස් බෝදරගම මහතා අද නියෝග කළේය . 22 December 2025
ජපානය ලොව ලොකුම න්‍යෂ්ටික බලාගාරය අරඹන්න සූදානම් ෆුකුෂිමා ව්‍යසනයෙන් වසර 15 කට පමණ පසු ජපානය ලොව විශාලම න්‍යෂ්ටික බලාගාරය නැවත ආරම්භ කිරීමට සුදානම් වන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. 22 December 2025
මාතර බන්ධනාගාර නියාමකවරයෙක් අත්අඩංගුවට මාතර බන්ධනාගාරයට තාප්පයට ඉහළින් තහනම් භාණ්ඩ සහිත පාර්සලයක් විසි කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් බන්ධනාගාර නියාමකවරයකු අත්අඩංගුවට ගත් බව මාතර පොලිසිය පවසයි. 22 December 2025
සෙල්ලම් පිස්තෝලයක් සමඟ අයෙක් අල්ලයි බහරේන් සිට ගුවන් මගින් රිවොල්වර් අවියකට සමාන සෙල්ලම් පිස්තෝලයක් රැගෙන ඒමින් සිටි පුද්ගලයෙකු අත්අඩංගුවට ගත් බව ගුවන්තොටුපළ පොලිසිය පවසයි. 22 December 2025
ක්‍රීඩා ගුරා නිල නිවසේ කුඩු පැකට් කරලා සෙවනගල ප්‍රදේශයේ විදුහලක නිල නිවසක ‘අයිස් මත්ද්‍රව්‍ය‘ පැකට් කරමින් සිටි එම විදුහලේ ක්රීඩාගුරුවරයා ඇතුළු තිදෙනකු අත්අඩංගුවටගත් බව සෙවනගල පොලීසිය කියයි. 22 December 2025
යළි නාය අවදානම් නිවේදන නිකුත් කරයි දිවයිනේ බොහෝ ප්‍රදේශවලට තව දුරටත් අධික වැසි සහිත කාලගුණ තත්වය නිසා මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවල ප්‍රාදේශිය ලේකම් කොට්ඨාස හතකට ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය විසින් නායයෑමේ අනතුරු ඇඟවීමේ තෙවන මට්ටමේ රතු නිවේනය අද 22 වනදා සවස දක්වා යළිත් නිකුත් කර ඇත. 22 December 2025
මැණික් සඟවා පැමිණි දෙන්නෙක් ගුවන්තොටේදී අල්ලයි රුපියල් තුන් කෝටි විසි ලක්ෂයක් වටිනා මැණික් තොගයක් සිය සිරුරෙහි ගුද මාර්ගයෙහි සහ ගමන් මල්ල තුළ සඟවා ගෙන චීනය බලා රැගෙන යාමට තැත් කළ ශ්‍රී ලාංකික ගුවන් මගීන් දෙදෙනෙකු කටුනායක ගුවන් තොටුපොළ පිටත්වීමේ පර්යන්තයේ සේවය කළ රේගු නිලධාරීන් පිරිසක් විසින් අත් අඩංගුවට ගෙන තිබේ . 22 December 2025
අම්බලන්ගොඩ වෙඩි තැබීමකින් අයෙක් මරුට අම්බලන්ගොඩ ගාලු පාරේ භාණ්ඩ අලෙවි ප්‍රදර්ශනාගාරයක අද (22)උදේ සිදුවූ වෙඩි තැබීමකින් එහි කළමණාකරු ජීවිතක්ෂයට පත්වූ නව අම්බලන්ගොඩ පොලීසිය කියයි . 22 December 2025
තැන් කීපයකට අද පොඩි වැස්සක් ඌව පළාතේ සහ අම්පාර, මඩකළපුව,මාතලේ,නුවරඑළිය සහ හම්බන්තොට දිස්ත්‍රික්කවල වැසි ස්වල්යක් ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි. 22 December 2025
මාලිමා මන්ත්‍රි ඇතුළු පිරිස පහරදි පොලිස් නිලධාරියෙක් රෝහලට තම රාජකාරි මෙහෙවර අවසන් කර නිවස බලා පැමිණෙමින් සිටි සූරියකන්ද පොලිස් ස්ථානයේ සේවය කළ පොලිස් සහායක නිලධාරීවරයකුට ජාතික ජනබලවේග රත්නපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු ඇතුළු පිරිසක් පහර දුන් බව පවසමින් එම පොලිස් නිලධාරියා මේ වන විට රෝහල් ගත කර ඇත 21 December 2025
හංවැල්ල පොලිසිය අසල කලබලයක් විශ්‍රාමික නියෝජ්‍ය පොලිස්පතිවරයකු බව කියන අයකු ගිනි අවියක් පෙන්වා තරුණයකුට මරණ තර්ජන කිරීම හේතුවෙන් හංවැල්ල පොලිසිය අසල නොසන්සුන්කාරී තත්ත්වයක් අද සවස ඇති විය 21 December 2025
‘‘සංස්කෘතියට අත නොතැබිය යුතුයි‘‘ මෙරට සංස්කෘතියට කිසිදු දේශපාලනයෙකු අත නොතැබිය යුතු බවත්, සියලු දේශපාලඥයන් ඔවුන්ට අයිති වූ කාර්යයන් කරනවා මිස අයිති නැති කාර්යයන් නොකළ යුතු බවත් මැල්කම් කාදිනල් රංජිත් කොළඹ අගරදගුරුතුමෝ පැවසූහ. 21 December 2025
තලාව සභාවට අතුරු තහනමක් තලාව ප්‍රාද්ශීය සභාව යටතේ පාලනය වන වෙළෙද සල්වල දශක තුනකට අධික කාලයක් නීත්‍යනුකූලව රැදී සිටින වෙළෙදුන් 26 දෙනකු එම වෙළෙදසල්වලින් නෙරපා හැරීමට තලාව ප්‍රාදේශීය සභාව ගෙන ඇති තීරණයක් අභියෝගයට ලක් කරමින් එම තීරණය බල රහිත කරන ලෙස ඉල්ලා ජ්‍යෙෂ්ඨ නීතිඥ අනුරුද්ධ විජයරත්න මහතා අධිකරණයට ඉදිරිපත් කළ පෙත්සමක් සලකා බැලූ අනුරාධපුර මහාධිකරණ විනිසුරු අනුෂ්ක සෙනෙවිරත්න මහතා පෙත්සම්කාර වෙළෙදුන් නෙරපා හැරීමට තලාව ප්‍රදේශීය සභාව ගෙන ඇති තීරණය අත්හිටුවමින් අතුරු තහන 21 December 2025
ඔන්ඩැන්සෙට්‍රෝන් එන්නතේ ගැන මව් සමාගමෙන් ලිපියක් භාවිතයෙන් ඉවත්කළ ඔන්ඩැන්සෙට්‍රෝන් එන්නතේ අදාළ කාණ්ඩ වහාම ජාත්‍යන්තර වශයෙන් පිළිගත් පර්යේෂණාගාරයක් වෙත යොමුකර පරීක්ෂා කරන ලෙස එන්නත නිෂ්පාදනය කළ මාන් ඖෂධ සමාගම ලිපියක් මාර්ගයෙන් දැනුම් දී තිබෙන බව ඖෂධ නියාමන අධිකාරියේ සභාපති විශේෂඥ වෛද්‍ය ආනන්ද විජේවික්‍රම මහතා ප්‍රකාශ කළේය. 21 December 2025
මිරිස්සෙන් මුහුදු ගිය ධීවරයෝ පහක් අතුරුදන් රැකියාව සදහා මුහුදු ගිය “ඉදුරංගී 01” බහුදින යාත්‍රාව ධීවරයන් පස් දෙනකු සමග මහ මුහුද මැද දී අතුරුදන්ව ඇති බවට එම ධීවරයන්ගේ ඥාතීන් වැලිගම මූලස්ථාන පොලීසිය වෙත පැමීණිලි කර ඇත. 21 December 2025
සොහොන් පිට්ටනිය නාය ගිහින් මාසයයි:තවමත් මිනී පාර දිගේ දිට්වා සුළි කුණාටුව සමග ඇති වූ අධික වර්ෂාවත් හේතුවෙන් ගම්පොල දුනුකේඋල්ල ප්‍රධාන මාර්ගයේ ඉහළගම සොහොන් පිටිය ද නාය යාමට ලක්ව එහි වල දමා තිබු මිනී පෙට්ටි සමග මළ මිණි මාර්ගයට පැමිණ දැනට මාසයක් ගතවී ඇතත් එම මීනි ඉවත් කිරීමට බලධාරින් මැදිහත් වී නැතැයි ගම්වාසීහු චෝදනා එල්ල කරති. 21 December 2025
වෙනිසියුලා තවත් තෙල් නැවක් ඇමෙරිකා බාරයට වෙනිසියුලාවෙන් ගමන් ඇරැඹු තවත් ඉන්ධන ප්‍රවාහන නෞකාව ඇමෙරිකානු හමුදා සිය බාරයට ගෙන ඇත. 21 December 2025
ඊලෝන් මස්ක් වාර්තාවකට සැරසෙයි ලොව ධනවත්ම පුද්ගලයා වන ඊලෝන් මස්ක්ගේ පුද්ගලික ධනස්කන්දය ඇමෙරිකානු ඩොලර් බිලියන 750 ට ආසන්න වී ඇතැයි පැවසෙයි. 21 December 2025
ජලාශ 36ක් උතුරයි වාරිමාර්ග දෙපාර්තමේන්තුව සතුව පාලනය වන ප්‍රධාන වැව් 73න් ජලාශ 36ක් තවදුරටත් වාන් දමමින් පවතින බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසයි. 21 December 2025
යාපනය තිස්ස විහාරය ඉදිරිපිට නොසන්සුන් :5ක් අත්අඩංගුවට යාපනය, කන්කසන්තුරය, තිස්ස රාජමහ විහාරය ඉවත්කර එහි ඉඩම් සිවිල් ජනතාවට ලබාදෙන ලෙස විහාරස්ථානය ඉදිරිපිට පැවති විරෝධතාවක් අතරතුර නොසන්සුන්ව හැසිරුණු විරෝධතාකරුවන් පස්දෙනකු අද (21) අත්අඩංගුවටගත් බව පලාලි පොලිසිය කියයි. 21 December 2025
තායිපේ දුම්රිය ස්ථානයේ ප්‍රහාරයක් තායිවානයේ තායිපේ අගනුවර දුම්රිය ස්ථානයක සිදුවූ පිහි ඇනුමකින් සහ දුම් බෝම්බ ප්‍රහාරයකින් පුද්ගලයින් තිදෙනකු ජිවිතක්ෂයට පත්ව ඇතැයි පැවැසෙයි. 21 December 2025
දකුණු අප්‍රිකාවේ වෙඩි තැබීමක් දකුණු අප්‍රිකාවේ ජොහැන්නස්බර්ග් නගරය ආසන්නයේ මත්පැන් අලෙවිසැලක් අසල සිදුවූ වෙඩි තැබීමකින් 9 දෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ. 21 December 2025
රාජකාරි කළ පොලිස් නිලධාරියෙක් හප්පා මරලා අම්බලන්තොට නගරයේ රථවාහන පරීක්ෂා කරමින් සිටි පොලිස් නිළධාරින් දෙදෙනකු වැන් රථයකින් ආ පිරිසක් අද අලුයම 2.45ට පමණ යට කර එක් නිලධාරියකු මරා තවත් අයකු තුවාල කර පළාගොස් ඇතැයි පොලිසිය කියයි... 01 January 2026