සංචාරකයන්ට හිරිහැරකරන නරුමයන් දඬුකඳේ ගහන්න රුසියානු ජාතික තරුණියකට ලිංගිකව හිරිහැර කොට ඇය සමඟ සිටි රුසියානු ජාතික පෙම්වතාට පහරදීමේ සිද්ධිය රටේ අභිමානය පිළිබඳ හැඟීමක් ඇති සියලු වැසියන්ගේ සිත් කම්පාවට හේතුවකි. ඒ සම්බන්ධ තරුණයන් පස්දෙනා මේ වන විට අධිකරණය හමුවට පමුණුවනු ලැබ සිටිති. සිද්ධිය සම්බන්ධයෙන් හැකි ඉක්මනින් නීතිය ක්‍රියාත්මක කොට ඔවුන් අත්අඩංගුවට ගැනීමට කටයුතු කළ පොලිසියේ මහත්වරුන්ට ද ඒ ගැන ප්‍රශංසා කළ යුතු වෙයි. 09 July 2020
ඒකක 90ට අඩු විදුලි බිල්පත්වල ගාස්තුවෙන් සියයට 25ක් අඩුකරයි ඒකක බින්දුවේ සිට 90 දක්වා භාවිත කළ විදුලි පාරිභෝගිකයින්ට මාර්තු ,අප්‍රේල් සහ මැයි මාසවල බිල්පත් සඳහා 25% ක ගාස්තු සහනයක් ලබා දීමට කැබිනට් මණ්ඩලය තීරණය කර තිබේ. 09 July 2020
ගුවන් හමුදාවට හෙලිකොප්ටර් යානා 4 ක් මිලට ගන්න අනුමැතිය ශ්‍රී ලංකා ගුවන් හමුදාවට හෙලිකොප්ටර් යානා 4ක් මිලදී ගැනීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිවී තිබේ. 09 July 2020
ඉරානයෙන් ගාලු වරායට ආ මුහුදු ආරක්ෂකයකුට කොරෝනා ඉරානයේ සිට නෞකාවකින් ගාලුවරායට පැමිණි, නෞකාවලට ආරක්ෂාව සපයන මුහුදු ආරක්ෂකයකුට කොරෝනා වයිරසය ආසාදනය වී ඇති බවට පී. සී. ආර්. පරීක්ෂණයේ දී තහවුරු වී ඇති බැව් ගාල්ල වරාය පොලිසිය පවසයි. 09 July 2020
පැය 24 ක් තුළ ඇමරිකාවෙන් කොරෝනා ආසාදිතයින් 60,209 ක් ඇමෙරිකා එක්සත් ජනපදයෙන් අඟහරුවාදා (7) දිනයෙන් අවසන් වූ පැය 24 ක කාලයේදී නව කොරෝනා වයිරස ආසාදිතයන් 60,209කු වාර්තා වී ඇත. 09 July 2020
පී.සී.ආර් පරීක්ෂණයට ලක්කළ වැලිකඩ රැඳවියන් 315 ට කොරෝනා නෑ වැලිකඩ බන්ධනාගාරයේ කොරෝනා ආසාදිත රැඳවියකු හමුවීමත් සමඟම එම බන්ධනාගාරයේ 315 දෙනෙකු පී. සී.ආර් පරීක්ෂණ වලට ලක්කළ අතර ඉන් කිසිවකුටත් කොරෝනා වයිරසය ආසාදනය වී නොමැති බව තහවුරු වී ඇතැයි සෞඛ්‍ය අංශ කියයි. 08 July 2020
මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ ඇති මත්ද්‍රව්‍ය පරීක්ෂා කරන්න රස පරීක්ෂකට නියෝගයක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් මුද්‍රා තබනු ලැබ ඇති මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ නඩු භාන්ඩ කාමරයේ ඇති හෙරොයින් මත්ද්‍රව්‍ය පරීක්ෂා කර බලා අධිකරණය වෙත වාර්තාවක් ඉදිරිපත් කරන ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනෙවිය රජයේ රස පරීක්ෂකවරයා වෙත අද (08) නියෝග කළාය. 08 July 2020
කැලණිය සරසවියේ සිව්වන වසර අධ්‍යයන කටයුතු 13 ඇරඹේ කැලණිය විශ්ව විද්‍යාලයේ සිව්වන වසරේ අධ්‍යයන කටයුතු ලබන 13 වැනිදා සිට ආරම්භ කිරීමට විශ්ව විද්‍යාල පාලනාධිකාරිය තීරණය කර තිබේ. 08 July 2020
‘‘මම ජනාධිපති වුණොත් ලෝක සෞඛ්‍ය සංවිධානයට එක් වෙනවා‘‘ ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්, ඇමෙරිකා එක්සත් ජනපදය ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් ඉවත් කරගැනීමට ගත් තීරණය වෙනස් කරන බව ඩිමොක්රටික් පක්ෂයේ ජනාධිපති අපේක්ෂක ජෝ බයිඩන් ඊයේ (7) පැවැසීය. 08 July 2020
වැලිකඩ බන්ධනාගාරයෙන් තවත් දුරකථන 12 සොයාගනී වැලිකඩ බන්ධනාගාරයේ බුද්ධි අංශ නිලධාරීන් විසින් සිදුකළ සෝදිසි මෙහෙයුමකදී කාන්තා අංශයේ ‘වයි‘ වාට්ටුවේ සඟවා තිබූ දුරකථන 12 ක් , බැටරි 113 ක් හා සිම් කාඩ්පත් 5 ක් අද (08) සොයාගත් බව බන්ධනාගාරයේ උසස් නිලධාරියෙකු පැවසීය. 08 July 2020
පාස්කු ප්‍රහාරය වලක්වා ගන්න තිබුණා බුද්ධි සේවා අතර සම්බන්ධීකරණයක් පැවතියේ නම් පාස්කු ඉරුදින බෝම්බ ප්‍රහාර මාලාව වළක්වා ගැනීමේ හැකියාවක් තිබුණේ යැයි හිටපු ජාතික බුද්ධි ප්‍රධානී විශ්‍රාමික මේජර් ජනරාල් කපිල හෙන්දාවිතාරණ මහතා පාස්කු ඉරුදින මරාගෙන මැරෙන බෝම්බ ප්රහාරයන් සම්බන්ධයෙන් විමර්ශනය කරන ජනාධිපති කොමිසම හමුවේ සාක්ෂි ලබාදෙමින් අද (8) ප්‍රකාශ කළේය. 08 July 2020
බූස්ස බන්ධනාගාරයෙන් අදත් දුරකථනයක් - සිම් දෙකක් සොයාගනී බූස්ස බන්ධනාගාරයේ ආරක්ෂක රාජකාරිවල යෙදි සිටින විශේෂ කාර්ය බලකායේ නිලධාරින් විසින් විශේෂ අංශයේ සිර කරුවන් රඳවා සිටින සිර මැදිරි සහ ඒ අවට කරන ලද සෝදිසි මෙහෙයුමකදී එම සිර මැදිරිවල අපද්‍රව්‍ය වැසිකිළි වලට ගලායන කාණු වල සඟවා තිබූ දුරකථනයක් බැටරි දෙකක් හා සිම් කාඩ්පත් දෙකක් අද (08) සොයාගත් බව බන්ධනාගාර අධිකාරි කාර්යාලය පවසයි. 08 July 2020
ටයරයක් හිසෙහි වැදී තුවාල ලැබූ ජපුර සිසුවා යළි සරසවියට ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ දී ට්‍රැක්ටර් රථයක ටයරයක් හිසෙහි වැදී සිදුවූ අනතුරකින් බරපතල තුවාල ලබා මේ වන විට තරමක් සුවය ලබා සිටින පසිඳු හිරුෂාන් සිසුවා මාස හතරකට පමණ පසු අද (08) යළිත් විශ්ව විද්‍යාලයට පැමිණියේය. 08 July 2020
පාසල් සිසුන් ප්‍රවාහනය කරන වාහන කහ පැහැයෙන් වර්ණ ගැන්වීමට යයි පාසැල් සිසුන් ප්‍රවාහනය කෙරෙන වාහන සඳහා කහ වර්ණය ආලේප කිරීම අනිවාර්ය කරන බව ප්‍රවාහන සේවා කළමනාකරණ සහ විදුලිබල හා බලශක්ති අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවසීය. 08 July 2020
කැස්බෑව හෝටල් ව්‍යාපාරකයාගේ ඝාතන ගැන සොයන්න පොලිස් කණ්ඩායම් 4 ක් කැස්බෑව කෝටිපති ව්‍යාපාරිකයාගේ ඝාතනයට සම්බන්ධ සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා පොලිස් කණ්ඩායම් හතරක් යොදවා ඇතැයි බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා පැවසීය . 08 July 2020
ඇමෙරිකාවේ වයිරස ආසාදිතයන්ගේ ගණන ලක්ෂ 30 ඉක්මවයි ඇමෙරිකා එක්සත් ජනපදයෙන් වාර්තා වන කොරෝනා වයිරස ආසාදිතයන්ගේ ගණන ලක්ෂ 30 ඉක්මවා ගොස් ඇත. 08 July 2020
ඇවන්ට්ගාඩ් සභාපතිට චෝදනා කර ඇත්තේ දේශපාලන අරමුණකින් බව උසාවියේ කියයි ඇවන්ට් ගාඩ් සමාගමේ සභාපති නිශ්ශංක සේනාධිපති හා රක්නා ලංකා ආරක්ෂක සමාගමේ හිටපු සභාපති විශ්‍රාමික මේජර් ජනරාල් පාලිත ප්‍රනාන්දු යන අයට එරෙහිව කොළඹ මහාධිකරණය හමුවේ අධි චෝදනා ගොනු කර ඇත්තේ දේශපාලනික අරමුණකින් යැයි ඔවුන් වෙනුවෙන් පෙනී සිටි නීතීඥ එරාජ් ද සිල්වා මහතා අද (8) අභියාචනාධිකරණය හමුවේ කියා සිටියේය. 08 July 2020
ඉහළ ගිය විදුලිබිලෙන් කොටසක් දැරීමට රජය තීරණය කරයි මාර්තු සහ අප්‍රේල් විදුලි බිල ඉහළ යාමෙන් පීඩාවට පත් පාරිභෝගිකයින්ට උපරිම සහනයක් දෙමින් එම ගාස්තුවෙන් කොටසක් රජය විසින් දැරීමට අද (8) රැස්වූ අමාත්‍ය මණ්ඩලය තීරණය කළ බව ප්‍රවාහන සේවා කළමනාකරණ සහ විදුලිබල හා බලශක්ති අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවසීය. 08 July 2020
රෝහිත බෝගල්ලාගම එජාප සාමාජිකත්වයෙන්- ජාතික ලැයිස්තුවෙන් ඉවත් වෙයි එක්සත් ජාතික පක්ෂ සාමාජිකත්වයෙන් සහ එම පක්ෂයේ ජාතික ලැයිස්තු අපේක්ෂක ධුරයෙන් ඉවත් වන බව හිටපු විදේශ අමාත්‍යවරයකු වන රෝහිත බෝගල්ලාගම මහතා එම පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ මහතාට ලිපියක් යවමින් දැනුම් දී ඇත. 08 July 2020
මත්ද්‍රව්‍ය නාශක කාර්යංශයේ 12ක් රිමාන්ඩ් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශයෙන් අත්අඩංගුවට ගනු ලබන හොරොයින් මත්ද්‍රව්‍ය කූට ලෙස ජාවාරම් කළැයි කියන සිද්ධියට අදාළව අත්අඩංගුවට ගෙන රැඳවුම් බාරයේ සිටින එම කාර්යාංශයේ නිලධාරීන් 12දෙනෙකු ලබන 21 වනදා තෙක් රක්ෂිත බන්ධනාගාර ගතකරන ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනෙවිය අද(08) නියෝග කළාය. 08 July 2020
මොරගහකන්ද ජලාශය ආසන්නයෙන් ජීව අත්අබෝම්බ දෙකක් මොරගහකන්ද ජලාශය ආසන්නයෙන් ඇලහැර දෙසට දිවෙන මාර්ගය ආසන්නයේදී ජීව අත්බෝම්බ දෙකක් අද (08) සොයාගත් බව නාඋල පොලිසිය කියයි. 08 July 2020
අයි.එස්. ත්‍රස්ත අනතුර ගැන හිටපු ඇමැති සාගලට වාර්තාවක් දුන්නා ශ්‍රී ලංකාවේ ස්ථානගත විය හැකි යැයි සිතූ අයි.එස්. ත්‍රස්ත ක්‍රියා වැළැක්වීම සඳහා අටවැදෑරුම් සංකල්ප පත්‍රිකාවක් සකස් කර එවකට නීතිය හා සාමය පිළිබඳ අමාත්‍ය සාගල රත්නායක මහතාට ලබාදුන් බව යුද හමුදා බුද්ධි අධ්යක්ෂ මණ්ඩලයේ විශේෂ සාක්ෂිකරුවෙක් පාස්කු ඉරුදින බෝම්බ ප්‍රහාරය විමර්ශනය කරන ජනාධිපති කොමිසම හමුවේ සාක්ෂි ලබාදෙමින් ඊයේ (7) ප්‍රකාශ කළේය. 08 July 2020
නම ලකුණ කාර්යාලයේ ප්‍රදර්ශනයට කොමිසමෙන් අවසර ඉල්ලයි මැතිවරණ කාර්යාලවල අපේක්ෂකයන්ගේ ලකුණ හා අංකය ප්‍රදර්ශනය කිරීම සඳහා අවසර දෙන්නැයි මැතිවරණ ප්රචණ්ඩ ක්‍රියා නිරීක්ෂණ මධ්‍යස්ථානය මැතිවරණ කොමිසමෙන් ලිඛිතව ඉල්ලීමක් අද (8) කර ඇත. 08 July 2020
කොරෝනා රෝගීන් සංඛ්‍යාව 103ට බසී කොරෝනා වයිරසය ආසාදනය වීමෙන් රෝහල්වල ප්‍රතිකාර ලබමින් සිටි 12දෙනෙකු සුවය ලබා අද(08) පිටව ගොස් තිබේ. ඒ අනුව, මේ වනවිට රෝහල්වල සිටින මුළු කොරෝනා රෝගීන් සංඛ්‍යාව 103ක් දක්වා අඩු වී ඇතැයි වසංගත රෝග විද්‍යා අංශය පවසයි. 08 July 2020
යාපනයේ එළු ගාලකට දිවියෙක් කඩාපනී යාපනය තෙලිප්පලෙයි ප්‍රදේශයේ එලුවන් සිටින ගොවිපළකට ඊයේ (7) රාත්‍රියේ දිවියකු ඇතුළු වී සිදුකරන පහරදීමකින් එළුවන් 13 කට තුවාල සිදු වී6 දෙනෙකු මිය ගොස් ඇති බවට හිමිකරු පවසා සිටියේය. 08 July 2020
බන්ධනාගාර රැඳවියන් බැලීම අද සිට තහනම් ශ්‍රී ලංකාවේ සියලුම බන්ධනාගාරවල රැඳවියන් බැලීම නැවත දැනුම් දෙනතුරු අද ( 8) සිට අමුත්තන්ට තහනම් කර ඇතැයි බන්ධනාගාර ප්‍රකාශකයෙක් පැවසීය. 08 July 2020
කතකගෙන් ලිංගික අල්ලස් ඉල්ලූ රථවාහන සාජන්ට වැඩ වරදී රථවාහන වරදක් විසඳා දීම සඳහා කාන්තාවකගෙන් ලිංගික අල්ලස් ඉල්ලූ බව කියන බදුල්ල මූලස්ථාන පොලිසියේ රථවාහන අංශයේ සැරයන්වරයකු සම්බන්ධයෙන් බදුල්ල දිසාව බාර නියෝජ්‍ය පොලිස්පති අසංග කරවිට මහතාගේ නියමය මත පරීක්ෂණයක් ආරම්භ කර ඇතැයි පොලිස් ආරංචි මාර්ග පවසයි. 08 July 2020
හිටපු රාජ්‍ය ඇමැතින් නිල රථ බාරදීම අගයමු මැතිවරණ කොමිෂන් සභාවෙන් කෙරුණු දැනුම්දීම මත හිටපු රාජ්‍ය ඇමැතිවරුන් සිවු දෙනකු සිය නිල රථ බාර දී ඇතැයි සඳහන් පුවතක් අප පුවත්පත ඊයේ වාර්තා කළේය. අදාළ අමාත්‍යාංශ ප්‍රධානීන් මේ බව දැනුම් දී ඇතැයි මැතිවරණ කොමිසමේ නිලධාරියකු ප්‍රකාශ කළ බව ද අප ප්‍රවෘත්තියෙහි දැක්වෙයි. ඒ අතර නිල රථ බාර දී ඇතැයි පැවසුණ ද මේ සම්බන්ධයෙන් වැඩිදුරටත් කරුණු සොයා බැලීමක් කරන බව ද එම නිලධාරියා ප්‍රකාශ කළ බව අප ප්‍රවෘත්තියෙහි වැඩිදුරටත් සඳහන්ය. 08 July 2020
බෝම්බ හදන්න ගිහින් තුවාල ලැබූ හිටපු කොටි සාමාජිකයා මියයයි කිලිනොච්චිය පලෙයි ඉයක්කච්චි ප්‍රදේශයේදී බෝම්බයක් නිෂ්පාදනය කිරීමට ගත් උත්සහයක දී එය පුපුරා යාමෙන් ඉකුත්දා බරපතල තුවාල ලබා ප්‍රතිකාර ලබමින් සිටි හිටපු එල්.ටී.ටී.ඊ සාමාජිකයා අද (8) මිය ගොස් ඇති බවට පලෙයි පොලීසිය පවසයි. 08 July 2020
සීගිරියේ සම්බාහන මධ්‍යස්ථානයකින් ගංජා සමඟ දෙදෙනෙක් අත්අඩංගුවට සීගිරිය කලාපුරය ප්‍රදේශයේ සම්බාහන මධ්‍යස්ථානයක තිබී ගංජා කිලෝ හතරක පමණ තොගයක් සමඟ සැකකරුවන් දෙදෙනෙකු සීගිරිය පොලිසිය විසින් ඊයේ (7) රාත්‍රියේ සැකපිට අත්අඩංගුවට ගනු ලැබීය. 08 July 2020
නිලාවේලි මුහුදේ නාද්දී ගසාන ගිය හතක් බේරා ගැනෙති ත්‍රිකුණාමලයේ සංචාරයකට පැමිණි වන්දනා නඩයක පිරිසක් අද පස්වරුවේ නිලාවේලි මුහුදේ දිය නාද්දී දිය වැලකට අසුව ගසා හත් දෙනකුගේ දිවි බේරා ගැනීමට එහි රාජකාරියේ නියුතු පොලිස් ජීවිතාරක්ෂක ඒකකයේ හ.. 04 February 2026