(සුජිත් හේවාජුලිගේ )
පාර්ලිමේන්තුවෙන් කොවිඩ් ආසාදිතයන් කිසිවකු මෙතෙක් හමු වී නැතැයි වේත්‍රධාරී නරේන්ද්‍ර ප්‍රනාන්දු මහතා අද පැවසීය .
ආසාදිතයන් දෙදෙනකුට ආශ්රිත වූ සේවකයන් දෙදෙනකු හඳුනා ගැනීම නිසා ඒ සේවකයන් දෙදෙනා හා ඔවුන්ගේ ආශ්‍රිතයන් කීපදෙනකු හුදෙකලා කළ බව ද ඔහු කීය .
පාර්ලිමේන්තු සංකීර්ණය සෞඛ්‍ය ආරක්ෂාව පැත්තෙන් ඉතා හොඳ සුරක්ෂිත තත්ත්වයක පවතින බව ද වේත්‍රධාරිවරයා සහතික කළේය .

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අයියෝ....
එහෙම දෙයක්වත් වෙන්නේ නැහැනේ...
සතා සිව්පාවුන්ට මේ වසංගතය බෝවෙනවා කියලා තවම සොයාගෙන නැහැ...
ඇත්ත ඇත්ත... එතන ඉන්න 225ට නැතිවෙයි. ඒ කවුරුත් ෆෝන් එකෙන් බඩු ඕඩර් කරලා ගෙදර ගේට්ටුව ළඟටම ගෙන්න ගන්නවා. ගෙයින් එළියට බහින්නේ නැහැ. දුප්පත් මිනිසුන් එහෙමයි. කඩේ යනවා. කුලියට මලියට යනවා. කෝච්වියේ, බස් එකේ යනවා. එතකොට ආසාධනය වෙන්න පුලුවන්. කොරෝනත් අසරණ මිනිස්සු බිලිගන්න ආපු රෝගයක්. ඒකත් මහ අයට කරන්නේ අවම හානියක්...
ගවයින්ට කොරෝනා හැදෙන්නේ නැහැ. බය නැතිව ගව ගාල අරින්න.
දැනුයි ඇඟට ලේ කඳුලක් ඉනුවේ.. ඒ උත්තමයින්ට මොනවා හරි වුනොත් අපි ඉඳලා මොකටද?
රටට හෙන ගැහුවත් දියවන්නාවේ අය හොඳින් හිටියොත් මදෑ.
අනිත් හැම තැනම අවදානමෙ....
ඒ ගොල්ලෝ එන්නත කළින්ම අරගෙනනේ තියෙන්නේ...
හොදයි එහෙනම් වැඩට එන්න හැමදාම...
කොරෝනා අවදානමක් නම් නැතිව ඇති. ඒ වුණාට පන්සිල් කඩලා විශේෂයෙන් බොරු කියලා පව් ගෙවන්න වෙලා ඇති...
අම්මො ඇති..! බුරුවන් සෙට් එක බේරුණා නම්, මහජනතාවට ඕනෑ දෙයක්...
අපේ ප්‍රාර්ථනා සුන් වෙන එකක් නෑ...
රටට විනකරන අයට නම් කොරෝනා හැදෙන්න ඕනෑ... මහජනතාවට නොවේ..
එහෙනම් ඉතින් රටේ අවාසනාව තමයි..