( තිළිණි ද සිල්වා )
ශ්‍රී ලංකාව ඇතුළු රටවල් කිහිපයක මෑතක දී සංචාරය කර ඇති පුද්ගලයින් හට සිය රටට ඇතුළු වීම තහනම් කිරීමට බව සිංගප්පූරු රජය තීරණය කර ඇත.
ඒ අනුව මෙලෙස තහනම් කරනු ලැබ ඇත්තේ ශ්‍රී ලංකාව , බංග්ලාදේශය, නේපාලය, පාකිස්තානය යන රටවල සංචරය කර ඇති පිරිස් සදහ බව ශ්‍රී ලංකා මහකොමසාරිස් කාර්යාලය ආරංචි මාර්ග කියා සිටී.
සිංගප්පූරුවේ කොවිඩ් 19 බහු අමාත්‍යාංශ කාර්ය සාධක බලකාය විසින් ඊයේ (30) තහනම පනවා ඇතැයි එම ආරංචි මාර්ග වැඩිදුරටත් කියා සිටී.
පසුගිය දින 14 ආවරණය වන ආකාරයෙන් ලංකාව ඇතුළු ඉහත කී රටවල ගත කර ඇති සියල්ලන් හට මේ අනුව හෙට(02 ) සිට සිංගප්පූරුව වෙත පැමිණීම තහනම් වන අතර මෙම රටවල සංක්‍රාන්ති (transit) සඳහා දිගුකාලීනව හා කෙටිකාලීනව කාලය ගත කළ අයට ද මෙම නියමය වලංගු වනු ඇත.
සිංගප්පූරු බලධාරීන්ගෙන් පූර්ව ප්‍රවේශ අනුමැතිය ලබා ගත් අයට ද එය අදාළ වන බව එරට රජය කියා සිටී.
මේ අතර බංග්ලාදේශය, නේපාලය, පාකිස්තානය සහ ශ්‍රී ලංකාව යන රටවල සංචාරය කර දැනට සිංගප්පූරුවට පැමිණ ඇති අය හට දින 14 ක නිරෝධායන කාලයක් අනිවාර්යය කර තිබූ අතර මෙය තවත් දින 7 කින් දීර්ඝ කරනු ලබන බව සිංගප්පූරු කොවිඩ් 19 බහු අමාත්‍යාංශ කාර්ය සාධක බලකාය වැඩිදුරටත් සඳහන් කර සිටී.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඒක හරි අසාධාරණයිනේ අප්පා... තාම ඉතිං අපේ රටේ සමාජ ව්‍යාප්තියක් නෑනේ...
ඒ මිනිස්සු බුද්ධිමත් අය...
ලංකාවේ රෝගය සමාජගත වෙලා නැතිවත් අපි මෙහෙම කරන්නේ මොකද?
ඉන්දියාවට මේ නීති අදාල නැතිද?
මුඩුක්කුවක හිටපු අය ඒ මුඩුක්කුවෙන් අයින් වෙලා... මුඩුක්කුවෙ දැනටත් ඉන්න අයට දාන සත්තම්... අයියෝ සල්ලි කිව්වලු...!!!
උගත් බුද්ධිමත් කිව්වට අපේ ඉන්නේ ගොඩක් ටියුබ්ලයිට් නේ....
ඇත්ත, බුද්ධිමත් මිනිස්සු කොරෝනා පාලනය කරගන්න උත්සාහ කරන හැටි.
ඒ රටේ එහෙම වුණත් අපේ රටේ එහෙම වෙන්නේ නැහැ. මොලේ උඩ ඉන්න බලලෝභී පාලකයින් මෙහෙ ඉන්නේ...