(අජන්ත කුමාර අගලකඩ සහ තිළිණි ද සිල්වා)
දිවයිනේ සියලු පාසල් මැයි හත් වැනි දා දක්වා තව දුරටත් වසා තැබීමට තීරණය කළ බව අධ්‍යාපන අමාත්‍ය ජී.එල්.පීරිස් මහතා පවසයි.
කොරෝනා වයිරසය ඉතා සීඝ්‍රයෙන් ව්‍යාප්තවීම සැලකිල්ලට ගනිමින් මෙම තීරණය කර ඇත.
සෞඛ්‍ය බලධාරීන් සමග අද පෙරවරුවේ පැවැති සාකච්ඡාවකින් පසු මෙම තීරණය ගත් බව අමාත්‍යවරයා කියා සිටියේය.
ඒ අනවු රජයේ පාසල්,කතෝලික පාසල්, පෞද්ගලික පන්ති, පිරිවෙන් ඇතුළු අධ්‍යාපන ආයතන මෙසේ වසා තැබෙනු ඇති.
කෝවිඩ් -19 වයිරසය රටපුරා ව්‍යාප්තවීම හේතුවෙන් සියලුම පාසල් අප්‍රේල් 30 දක්වා වසා තැබීමට මීට පෙර තීරණය කර තිබුණි. රටේ පවතින තත්ත්වය තව දුරටත් සැලකිල්ලට ගත් අධ්‍යාපන අමාත්‍යවරයා, අධ්‍යාපන බලධාරින් හා සෞඛ්‍ය අංශ එක්ව සිදු කළ සාකච්ඡාවකින් පසු ලබන සතියත් පාසල් වසා තැබීමට තීරණය කර ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපේ සරුත් ෆේල්... අපේ ළමයිනුත් ෆේල්... කවදා අපේ රටට වාසනාව උදාවෙයිද මන්දා..
බොහෝ දෙනෙක් අද පාසල්, විශ්ව විද්‍යාල වසා තැබීම හෝ විවෘත කිරීම පිලිබඳව රජයට තීරණ ගත නොහැකි යයි දොඩවමින් සිටිනවා. වසංගත තත්වයකදී පාසල් විවෘත කිරීම පිලිබඳව තීරණය කල යුත්තේ වසංගතයේ ව්‍යාප්තිය සැලකිල්ලට ගනිමින් පමණි. රටේ මිනිසුන් සෞඛ්‍ය නීති නිසි පරිදි පිළිපදිනවා නම් වසංගතය පාලනය කර ගත හැකි වන අතර, පාසල්ද විවෘත කල හැක.
වහන්න නැකත එනකන් ඉඳලා තියෙන්නේ අපේ සර්ලා. මගුල් ගෙවල් තහනම් කරන්නේ හතර වෙනිදා ඉඳන්. එතකන් තියෙන ඒවාගෙන් කොරෝනා බෝ වෙන්නේ නෑ කියලා ෂුවර්ලු. සර්ලා නෙමෙයි ෆේල්. රටේ මිනිස්සු. හැබැයි සර් ෆේල් කියලා ඇහෙද්දී කුලප්පු වෙන වහල්ලු නම් ඉන්නවා අන්ලයික් දාන්න පෝලිමට...