අනතුරට පත් ධීවර යාත්‍රාවක 6දෙනා ඉන්දීය වෙළඳ නෞකාවකින් බේරාගනී කුඩාවැල්ල ධීවර වරායෙන් මුහුදු ගිය ධීවරයන් 6දෙනෙකු රැගත් චම්පා-7 බහුදින යාත්‍රාව අනතුරට ලක් වී ඇතැයිද, ඉන්දීය වෙළඳ නෞකාවක් විසින් ධීවරයින් බේරාගෙන ඉන්දියාවට රැගෙන යමින් සිටින බවද, හම්බන්තොට ධීවර පරීක්ෂක ප්‍රාදේශීය කාර්යාලය පවසයි. 07 July 2020
සැඟවී සිටි පොලිස් පරීක්ෂකවරයා බාර වෙයි රුපියල් කෝටි ගණනාවක හොරෙයින් මත්කුඩු මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයෙන් හොර රහසේ පිට කර ජාවාරම් කරුවන්ට අලෙවි කිරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගැනීමට සොයමින් සිටි පොලිස් මත්ද්‍රව්‍ය කාර්යංශයේ පොලිස් පරීක්ෂක වසන්ත කුමාර නැමැත්තා භාර වීමෙන් පසු අත්අඩංගුවට ගත් බව කඩවත පොලිසිය කියයි . 07 July 2020
ජ්‍යෙෂ්ඨ පුරවැසි ස්ථාවර ගිණුම් පොලී අනුපාතය වෙනස් කර නැහැ ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ගේ ස්ථාවර තැන්පතු සඳහා ගෙවනු ලබන පොලී අනුපාතයන්හි කිසිඳු සංශෝධනයක් කර නොමැති බව මුදල් අමාත්‍යාංශ ලේකම්වරයා දන්වා ඇතැයි උසස් අධ්‍යාපන, තාක්ෂණ හා නවෝත්පාදන, තොරතුරු හා ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පැවසීය. 07 July 2020
කිලිනොච්චියෙන් බෝම්බ හමුවීමත් සමඟ උතුරේ ආරක්ෂාව තර කෙරේ කිලිනොච්චිය ප්‍රදේශයෙන් දේශීය නිෂ්පාදනය කරන ලද බෝම්බ හමු වීමත් සමග උතුරේ ආරක්ෂාව තර කිරීමට ආරක්ෂක අංශ විසින් පියවර ගෙන ඇත. 07 July 2020
නායයාමකින් මස්කෙළිය-නල්ලතන්නිය ප්‍රධාන මාර්ගය අවහිර වෙයි මස්කෙළිය-නල්ලතන්නිය ප්‍රධාන මාර්ගයේ නල්ලතන්නිය මෝහිනි ඇල්ල අසළ මාර්ග සංවර්ධන අධිකාරිය මගින් සංවර්ධන කටයුතු කරන ස්ථානයේ අද(07) නායයාමක් සිදුව ඇතැයි නල්ලතන්නිය පොලිසිය පවසයි. මෝහිනි ඇල්ලට ඉහළින් පිහිටි විශාල පස් කන්දක් හා ගල් ප්‍රධාන මාර්ගයට කඩා වැටීම හේතුවෙන් මාර්ගය අවහිර වී ඇත. 07 July 2020
රැඳවියා ආසාදිතයකු වීමෙන් කන්දකාඩුවේ 605 ක් නිරෝධායනයට වැලිකන්ද,කන්දකාඩුව පිහිටි මත්ද්‍රව්‍යවලට ඇබ්බැහිවූවන් පුනරුත්ථාපනය කිරීමේ මධ්‍යස්ථානයේ සිට වැලිකඩ බන්ධනාගාරය වෙත යවා සිටි පුනරුත්ථාපන ලාභියෙකුට කොරෝනා වයිරසය ආසාදනය වී ඇති බව තහවුරුවීමෙන් පසුව කන්දකාඩුව පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ දැනට සිටින පුනරුත්ථාපනලාභීන් 474ක් සහ එහි කාර්ය මණ්ඩලය 131ක් නිරෝධායනයට ලක්කිරීම සඳහා අද(07) පියවර ගත් බව පොලොන්නරුව ප්‍රාදේශීය සෞඛ්‍යය සේවා අධ්යක්ෂ,වෛද්‍ය සරත් ජයසිංහ මහතා පැවැසීය. 07 July 2020
රවී ඇතුළු පිරිසගේ වරෙන්තුව ක්‍රියාත්මක වීම අභියාචනාධිකරණයෙන් අත්හිටුවයි ශ්‍රී ලංකා මහ බැංකුවේ බැදුම්කර වෙන්දේසි දෙකක දී රජයට අයත් රුපියල් බිලියන 52 කට අධික රජයේ මුදල් සාවද්‍ය පරිහරණය කළැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් හිටපු අමාත්‍ය රවි කරුණානායක , අර්ජුන් ඇලෝසියස් ඇතුළු හත් දෙනෙකුට එරෙහිව කොටුව මහේස්ත්‍රාත් අධිකරණය විසින් නිකුත් කළ වරෙන්තුව ක්‍රියාත්මක වීම වළක්වාලමින් අභියාචනාධිකරණය අද (07) අතුරු නියෝගයක් නිකුත් කළේය. 07 July 2020
කැස්බෑවේ හෝටල් හිමිකරුවකු ඝාතනය කරයි කැස්බෑව ප්‍රදේශයේ තෙමහල් හෝටලයක හිමිකරුවකු කිසියම් පිරිසක් විසින් හිසට පහරදී ඝාතනය කර ඇතැයි පිලියන්දල පොලිසිය කියයි. 07 July 2020
වැලිකඩ බන්ධනාගාරයේ රැඳවියෙකුට කොරෝනා වැලිකඩ බන්ධනාගාරයේ රැඳවියකු කෝවිඩ්-19 ආසාදිතයකු වශයෙන් අද(07)තහවුරු කරගෙන ඇති බව සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල් වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පවසයි. 07 July 2020
පිලිපීනයේ රැඳී සිටි ලාංකිකයෝ 41ක් එති කොරෝනා වසංගත රෝග තත්වය නිසා ශ්‍රී ලංකාවට පැමිණීමට නොහැකිව පිලිපීනයේ රැදී සිටි ලාංකිකයන් 41 දෙනෙකු මැනිලා නුවර සිට රැගෙන ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ විශේෂ ගුවන් යානයක් කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබේ. 07 July 2020
සෞදි අරාබියේ රැඳී සිටි ලාංකිකයෝ 275ක් කටුනායකට මෙරටට පැමිණීමට නොහැකිව සෞදි අරාබියේ රැදී සිටි ශ්‍රී ලාංකිකයන් 275 දෙනෙකු රියාද් නුවර සිට රැගෙන ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ විශේෂ ගුවන් යානයක් අද(07) උදෑසන කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබේ. 07 July 2020
පර්පෙචුවල් ට්‍රෙෂරීස් ව්‍යාපාර අත්හිටුවීම තවත් මාස හයකින් දීර්ඝ කෙරේ මහ බැංකු බැඳුම්කර සිදුවීමට සම්බන්ධ පර්පෙචුවල් ට්‍රෙෂරීස් සමාගමේ ව්‍යාපාර කටයුතු අත්හිටුවීමට ගත් තීරණය තවත් මාස හයකින් දීර්ඝ කිරීමට ශ්‍රී ලංකා මහ බැංකුව පියවර ගෙන ඇත. 07 July 2020
ඇමෙරිකාවේ වයිරස ආසාදිත මරණ ගණන 133,000 ඉක්මවයි නව කොරෝනා වයිරසය හේතුවෙන් ඇමෙරිකා එක්සත් ජනපදයෙන් වාර්තා වන මරණ සංඛ්‍යාව අද (6) 130,000 ඉක්මවා ගියේ ය. 07 July 2020
හජ් වන්දනා සමයේදී මුඛ ආවරණ පැළැඳීම අනිවාර්යයි හජ් වන්දනා සමයේදී මුස්ලිම් බැතිමතුන්ට මුඛ ආවරණ පැළැඳීම අනිවාර්ය කිරීමට සෞදි බලධාරීන් පියවර ගෙන ඇත. 06 July 2020
මධ්‍යම සංස්කෘතික අරමුදලේ සේවක වැටුප් ගෙවන්න භාණ්ඩාගාරයෙන් මුදල් වෙන්කරයි කොවිඩ් 19 වයිරසයත් සමඟ සංචාරක ව්‍යාපාරය අඩාලවීම හේතුවෙන් ආදායම් අහිමි වී ඇති මධ්‍යම සංස්කෘතික අරමුදලේ සේවක වැටුප් සහ නඩත්තු කටයුතු සඳහා මහාභාණ්ඩාගාරයෙන් මුදල් වෙන් කිරීමට අගමැති මහින්ද රාජපක්ෂ මහතා තීරණය කර ඇත. 06 July 2020
ඉඩාහෝහි ගුවන් යානා දෙකක් එකිනෙක ගැටීමෙන් 8 ක් මරුට ඉඩාහෝහි ගුවන් යානා දෙකක් එකිනෙක ගැටීමෙන් අට දෙනෙක් මිය ගොස් ඇස් බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. 06 July 2020
කන්තලේ සීනි සමාගමේ සේවකයින් 34 කගේ වැටුප් ගෙවන්න මුදල් ඉල්ලයි දැනට වසා දමා ඇති කන්තලේ සීනි සමාගමේ සේවකයින් 34 දෙනෙකුට මාස 6 ක වැටුප් ගෙවීම සඳහා රුපියල් මිලියන 10.2 ක මුදලක් ලබාදෙන්නැයි මහා භාණ්ඩාගාරයෙන් ඉල්ලීමක් කර ඇත. 06 July 2020
නිරෝධායන නීතියට අභියෝග කළ ඔසුසල් හිමියාට දඩ නිරෝධායන ඇඳිරි නීතියට අභියෝග කළ ගම්පහ ඔසුසල් හිමියා නිරෝධායන රෙගුලාසි ප්‍රකාර වන නියමයන් උල්ලංඝනය කිරීම සහ නිරෝධායන නීතියට අකීකරුවීම යන චෝදනාවන් දෙකට අද (06)අධිකරණය හමුවේ වරද පිළිගැනීම හේතුවෙන් ඔසුසල් හිමියාට ගම්පහ ප්‍රධාන මහේස්ත්‍රාත් මංජුල කරුණාරත්න මහතා රුපියල් 11,500ක දඩයක් නියම කළේය. 06 July 2020
කංජිපානි ඉම්රාන්ගේ සිර මැදිරියෙන් තවත් සිම්පතක් සොයාගනී බූස්ස බන්ධනාගාරයේ රඳවා සිටින මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු මෙන්ම අපරාධකරුවෙකුද වන කංජිපානි ඉම්රාන්ගේ සිර මැදිරියේ තිබී අද(06) තවත් ජංගම දුරකතන සිම්පතක් සොයා ගත් බව බන්ධනාගාර අධිකාරි කාර්යාලය පවසයි. 06 July 2020
රන්ජන් රාමනායකගේ ප්‍රකාශය හිතාමතාම කළ එකක් මහාමාර්ග හා මාර්ග සංවර්ධන හිටපු රාජ්‍ය අමාත්‍ය සහ ගම්පහ දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රංජන් රාමනායක විසින් විනිසුරුවරුන් සම්බන්ධයෙන් කළ ප්‍රකාශය හිතාමතාම කළ ප්‍රකාශයක් බව ඔහු විසින්ම අධිකරණයේ දී පිළිගෙන ඇතැයි රාමනායක මහතාට එරෙහි අධිකරණ අපහාස නඩුව ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ අද (06) කැඳවූ අවස්ථාවේදී ජ්‍යෙෂ්ඨ අතිරේක සොලිසිටර් ජනරාල් සරත් ජයමාන්න මහතා පැවසීය. 06 July 2020
සමගි ජනබලවේගයේ නිල ජංගම දුරකථන යෙදවුම ජනගත කෙරේ සමගි ජන බලවේගයේ මැතිවරණ ප්‍රචාරණ ව්‍යාපාරය ආරම්භය සනිටුහන් කිරීම සහ සමගි ජන බලවේගයේ නිල ජංගම දුරකථන යෙදවුම ජනගත කිරීමේ උත්සවය සමගි ජනබලවේගයේ නායක හිටපු විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් අද(6) පස්වරුවේ පිටකෝට්ටේ සෝලිස් උත්සව ශාලාවේදි පැවැත්විණි. 06 July 2020
’උඩුගම්පොළ අලයා’ දින7ක් රඳවා ප්‍රශ්න කරන්න අවසර සංවිධානාත්මක අපරාධ කණ්ඩායම් නායක ගනේමුල්ලේ සංජීව නැමැති පාතාල නායකයාගේ ප්‍රධාන ගෝලයකු යැයි කියන ගම්පහ උඩුගම්පොළ අලයා යන නමින් අනුවර්තන නාමයෙන් හදුන්වනු ලබන සැකකරුව ලබන 13 වෙනිදා දක්වා (දින07ක්)පෑලියගොඩ කොට්ඨාසයේ විශේෂ මෙහෙයුම් ඒකකයේ රඳවා ප්‍රශ්න කිරීම සඳහා ගම්පහ අතිරේක මහෙස්ත්‍රාත් ආර් .එස්.එම්.මහේන්ද්‍ර රාජා මහතා අද (06)අවසර ලබා දුන්නේය . 06 July 2020
ජ්‍යෙෂ්ඨ පුරවැසි ගිණුම්වල පොලී අනුපාත අඩුකළත් බදු නිදහස වෙනස් කර නැහැ වාණිජ බැංකු මගින් ජ්‍යෙෂ්ඨ පුරවැසි ස්ථාවර ගිණුම් සඳහා ගෙවනු ලබන පොලී අනුපාත අඩු කර ඇතත් ඔවුන්ට ලබාදී ඇති ආදායම් බදු නිදහස වෙනස් කර නැතැයි උසස් අධ්‍යාපන, තාක්ෂණ හා නවෝත්පාදන, තොරතුරු හා ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පැවසීය. 06 July 2020
රියාජ් බදුයුදීන් මුදා හරින්නැයි ඉල්ලූ පෙත්සම ප්‍රතික්ෂේප කරන්නැයි විරෝධතා පාස්කු ඉරු දින එල්ල කෙරුණු ත්‍රස්ත ප්‍රහාර සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන දැනට රැඳවුම් නියෝග යටතේ රහස් පොලීසියේ රඳවා ගෙන සිටින හිටපු අමාත්‍ය රිෂාද් බදුයුදීන් මහතා ගේ සොහොයුරා වන රියාජ් බදුයුදීන් නැමැත්තා වහා මුදා හරින ලෙස ඉල්ලා ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සම ප්‍රතික්ෂේප කරන්නැයි ඉල්ලා නීතිපතිවරයා අද (6) ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ සීමිත විරෝධතා ගොනු කළේය. 06 July 2020
යාමට නොහැකිවූ දුම්රිය ගමන් සඳහා යළි ටිකට් පත් කොවිඩ් 19 වසංගතය පැතිර යාම හේතුවෙන් ධාවනය නොවූ දුම්රියන් සඳහා බලපත්‍ර හෝ මුදල් මත ආසන වෙන්කරවා ගත් ප්‍රවේශපත්‍ර සම්බන්ධයෙන් යළි ප්‍රවේශ පත්‍ර ලබා දීමට දුම්රිය දෙපාර්තමේන්තුව පියවර ගෙන ඇත. 06 July 2020
වැඩිහිටි සහන කප්පාදු කර නැතැයි අගමැති කියයි පුවත්පත් වල පළ වී තිබුණු පරිදි ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ගේ දීමනා කිසිවක් කප්පාදු කර නැතැයි අගමැති මහින්ද රාජපක්ෂ මහතා අද (6) මැදමුලනේ පැවති පාක්ෂික හමුවකදී පැවසීය. 06 July 2020
දෙමළ ජනතාවගේ ජාතික නායකයා ප්රභාකරන් පමණක් බව සිවාජලිංගම් කියයි දෙමළ ජනතාවගේ ජාතික නායකයා එල්.ටී.ටී.ඊ නායක වේළුපිල්ලේ ප්රභාකරන් බව තමන් නැවත නැවතත් ප්‍රකාශ කරන බවත් මියගිය කොටි සාමාජිකයින් ඇතුළු සියළු පිරිස් වෙනුවෙන් අඛණ්ඩව පහන් දල්වන බවත් දෙමළ ජාතික සන්ධාන හිටපු පාර්ලිමේන්තු හා උතුරු පළාත් සභා මන්ත්‍රී එම්.කේ.සිවාජිලිංගම් මහතා පැවසීය. 06 July 2020
විශ්වවිද්‍යාල යළි ඇරඹීමට යයි සියලූම විශ්වවිද්‍යාලවල පළමු වසර හැර සෙසු වසරවල අධ්‍යයන කටයුතු ආරම්භ කිරීමට අද (6) සිට හැකියාව ඇතැයි විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපති, ජ්‍යෙෂ්ඨ මහාචාර්ය සම්පත් අමරතුංග මහතා පැවසීය. 06 July 2020
පාසල්වලට විශේෂ නියාමනයක් ඉල්ලයි රජයේ පාසල්වල අධ්‍යයන කටයුතු ආරම්භ කළ ශ්‍රේණි සඳහා ඉදිරි සති දෙකක කාලයේදී විශේෂ නියාමන වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරන්නැයි අධ්‍යාපන ඇමැතිවරයාගෙන් ඉල්ලාසිටි බව ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝෂප් ස්ටාලින් මහතා ‘ලංකාදීප’ යට අද(6) පැවැසීය. 06 July 2020
‘ බස් ගැන දැනගන්න ජංගම දුරකථන යෙදවුමක්‘ මගීන්ට බස් රථයක් පැමිණෙන වේලාව පහසුවෙන් දැනගැනීමේ අවස්ථාව ලබාදීම වෙනුවෙන් නිර්මාණය කළ ‘zMYBUS lkZ’ ජංගම දුරකථන යෙදවුම (Mobile Passenger App) එළිදැක්වීම හෙට (7) සිදුකෙරෙන බව මගී ප්‍රවාහන කළමනාකරණ අමාත්‍යාංශය පවසයි. 06 July 2020
නිලාවේලි මුහුදේ නාද්දී ගසාන ගිය හතක් බේරා ගැනෙති ත්‍රිකුණාමලයේ සංචාරයකට පැමිණි වන්දනා නඩයක පිරිසක් අද පස්වරුවේ නිලාවේලි මුහුදේ දිය නාද්දී දිය වැලකට අසුව ගසා හත් දෙනකුගේ දිවි බේරා ගැනීමට එහි රාජකාරියේ නියුතු පොලිස් ජීවිතාරක්ෂක ඒකකයේ හ.. 04 February 2026