නොනවත්වා නළාව නාද කළ බස් රථ රියැදුරු අත්අඩංගුවට
ගාල්ල බස් නැවතුම්පොළේදී, වලංගු රියදුරු බලපත්රයක් ද නොමැතිව, මහජනතාවට පීඩාකාරී වන අයුරින් නොනවත්වා අධික ශබ්දයක් නැගෙන සේ නළාව නාද කරමින් සිටි පෞද්ගලික බස් රථ රියදුරෙකු, බස් නැවතුම්පොළ පොලිස් මුරපොළේ ස්ථානාධිපතිවරයා අද (05) අත්අඩංගුවට ගෙන ගාල්ල පොලිසියේ රථ වාහන අංශයට බාර දී ඇත.