
(සුජිත් හේවාජුලිගේ )
ගාල්ලේ හා කලුතර කොරෝනා ආසාදිතයන් ගෙන් ලබා ගත් ජෛව සාම්පලවලද බ්‍රිතාන්‍යයේ ව්‍යාප්තව ඇති බී117 සැර කොරෝනා වයිරසය තිබී හමුවූ බව ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ ආසාත්මිකතා ,ප්‍රතිශක්තිවේද හා සෛල ජෛව විද්‍යා අධ්‍යයන අංශයේ ප්‍රධානී ආචාර්ය චන්දිම ජීවන්දර මහතා පැවසීය.
කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් තවදුරටත් පරීක්ෂණ සිදුකරන බව ද කීය.
කොළඹ බොරලැස්ගමුව හා කුරුණෑගල යන ප්‍රදේශවල කොරෝනා ආසාදිතයන්ගේ ලබා ගත් සාම්පලවල බ්‍රිතාන්‍යයේ ව්‍යාප්තව ඇති සැර කොරෝනා වයිරසය තිබී ආචාර්ය චන්දිම ජීවන්දර මහතාගේ ප්‍රධානත්වයෙන් යුත් පරීක්ෂණ කණ්ඩායමක් විසින් පෙරේදා (28) මුල්වරට සොයාගනු ලැබීය.
මේ අනුව ලංකාවේ දැනට ව්‍යාප්තව ඇත්තේ බ්‍රිතාන්‍යයේ පැතිර ඇති බ්117 සැර කොරෝනා වයිරසය බව වෛද්‍ය පරීක්ෂකයෝ ස්ථිරයෙන්ම සඳහන් කරති.
මෙම වයිරසය ඉතා භයානක එකක් බවත් ජනතාව මේ අවස්ථාවේදී ඉතා පරිස්සම් කාරී ලෙස කටයුතු කිරීම ඉතා වැදගත් බවත් චන්දිම ජීවන්දර මහතා ප්‍රකාශ කළේය .
මෙම නව වයිරස ප්‍රභේදය ව්‍යාප්තවීම මෙරට සාමාන්‍ය වෛරසයට වඩා සියයට 55 කින් පමණ වැඩිවන අතර මරණ සිදුවීම ද සියයට 50කින් පමණ ඉහළ යයි වෛද්‍ය පරීක්ෂණවලදී තහවුරු වී ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපේ ධම්මික පැණිය දුන්නා නම් වැඩේ අහවරයි නේද?