
(තිළිණි ද සිල්වා )
දෙදින නිල සංචාරයක් සදහා මෙරටට චීන ආරක්ෂක අමාත්‍ය ජෙනරාල් වී ෆෙන්ගේ අද (29) සිය දෙදින නිල සංචාරය අවසන් කරමින් දිවයිනෙන් පිටත්ව ගියේය.
කටුනායක ගුවන්තොටුපලින් පෙරවරු 8.55 පමණ චීන රජයට අයත් විශේෂ ගුවන් යානයක් චීන ආරක්ෂක අමාත්‍යවරයා ඇතුළු චීන දූත පිරිස බීජීං නුවර බලා පිටත්ව ගියහ.මෙම දූත පිරිස රාජ්‍යතාන්ත්‍රික ලෙස සමු දීම ආරක්ෂක ලේකම් කමල් ගුණරත්න මහතා සහ යුද හමුදාපති ශවේන්ද්‍ර සිල්වා මහත්වරුන් විසින් සිදු කෙරිණි.
චීන ආරක්ෂක ඇමතිවරයා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති ලේකම් කාර්යාලයේ හමුවී ද්විපාර්ශික සාකච්ඡා සාර්ථක වූ බව විදේශ අමාත්‍යාංශය කියා සිටී.
දෙරට අතර පවතින තානාපති සබදතා සහ ලංකාවේ වත්මන් තත්ත්වය සම්බන්ධයෙන් මෙහිදී දෙදෙනා අතර කරුණු සාකච්ඡ කෙරිණි .
ජනාධිපතිවරයා හමුවීමෙන් පසු චීන ආරක්ෂක අමාත්‍යවරයා එදිනම අරලියගම මන්දිරයේදී අගමැති මහින්ද රාජපක්ෂ මහතා සමගද ද්වි පාර්ශවික සාකච්ඡා පැවැත්වීය.
මෙරට දෙදින නිල සංචාරය අරඹමින් ඉකුත් 27 වැනිදා චීන ආරක්ෂක ඇමති පැමිණි අතර වත්මන් රජය බලයට පත්වීමෙන් පසු චීන රජයේ ඉහළම නියෝජිතයකු මෙරට සිදු කරන දෙවැනි ඉහළම මට්ටමේ නිල සංචාරය මෙය වේ.
පසුගිය වසරේ ඔක්තෝබර් මාසයේ චීන රජයේ ඉහළම විදේශ ප්‍රතිපත්ති තීරකයකු වන යැන්ග් ජිචි මෙරට සංචාරය කළේය.
(ඡායාරූප: ළහිරු හර්ෂණ)









COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ආවා, රාජපක්ෂලා හම්බවුණා.., ගියා.
මොනවද ඉතිං , රට තවත් චීනට ණය කරල අපිව තවත් අනාථ කරල තමයි යන්න ඇත්තේ. පුදුම කරුම රටක් තමයි ඕක.
හාමුගේ ලියන මහත්තයා ඇවිත් ඉඩම් කඩම් බලලා, මුරකාරයින්ට පඩි නඩි ගෙවලා අාපහු වලව්වට යනවා.
තව මාස හයක් රාජපක්ෂලා හිටියොත් අපේ රට චයි ලංකා දැන් සැපද?
දැන් නවතින්න එන්නේ කවද්ද?
මොනවා නැතත් අපේ එක්කෙනා එයාට වැඩිය ටිකක් උසයි. ඒ මදෑ අපිට සතුටු වෙන්න."ඉන්දියානු කොම්පැනි විසි ගානක් ලංකාවේ වැඩ. ඒ නුනාට මේක ඉන්දියානු කොලනියක් වෙලා නැනේ. ඉතින් චීන කොම්පැනි දෙකතුනක් ආවහම මක්ක වෙනවද ?" කියලනේ අර පින් ඇමැති කියල තියෙන්නේ