
(රවින්ද්‍ර ප්‍රභාත් නෙත්තසිංහ)
වාරියපොල ප්‍රාදේශීය සභාවේ සේවිකාවකට කොවිඩ් වයිරසය ආසාදනය වී ඇති බවට හදුනා ගැනීම හේතුවෙන් ප්‍රාදේශීය සභාවේ ප්‍රධාන කාර්‍යාලය අද (29) උදෑසන වසා දැමූ බව එහි සභාපති ඩී.එම්.ටී.බී. දිසානායක මහතා පැවසීය.
මෙම සේවිකාව කුරුණෑගල මහ නගර සභාවේ සේවය කර දින දෙකකට ප්‍රථම ස්ථාන මාරුවක් ලබා වාරියපොල ප්‍රාදේශීය සභාවේ සේවයට පැමිණ ඇත.
කුරුණෑගල මහ නගරසභාවේ දී සේවිකාව අහඹු පී.සී.ආර්. පරීක්ෂණයකට යොමුකර ඇති අතර එහි වාර්තාවෙන් පසුව ඇය ආසාදිත බවට හදුනාගෙන ඇතැයි සභාපතිවරයා කීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd