(සුජිත් හේවාජුලිගේ )
ගලෙන්බිදුනුවැව කලුගොල්ලෑගම ගම්මානයේ ජීවත්වන දෑස් නොපෙනෙන 13 හැවිරිදි ජීවන්ත රත්නායක නමැති දරුවාට අගමැති බිරිඳ ශිරන්ති රාජපක්ෂ මහත්මිය මැදිහත් වි කොළඹට ගෙන්වාගෙන ප්‍රතිකාර ලබාදී එක් ඇසක පෙනුම ලබා දී ඇත
මෙසේ පෙනුම ලැබුණු රත්නායක දරුවා රාජපක්ෂ මහත්මිය අරලියගහ මන්දිරයේ දී මුණ ගැසුණේය.
දෑස් නොපෙනෙන මෙම දරුවා ඇසක් ඉල්ලා කරන ලද ඉල්ලීමක් සමාජ මාධ්‍යයෙන් දැක ඇති මහින්ද රාජපක්ෂ මහතාගේ බාල පුත් රෝහිත රාජපක්ෂ එම දරුවා ගැන සිය මවට දැනුම් දී ඇත.දරුවාගේ මෙම ඉල්ලීම ගැන සංවේදී වූ රාජපක්ෂ මහත්මිය දරුවා කොළඹට ගෙන්වා ගත්තාය.
.පසුව දරුවා මෙරට ප්‍රසිද්ධ විශේෂඥ අක්ෂි ශල්‍ය වෛද්‍යවරයකුට යොමු කර ඇත.දරුවා විශේෂ වෛද්‍ය පරීක්ෂණ ගණනාවකටම යොමු කර ඇති එම විශේෂඥ වෛද්‍යවරයා බද්ධ කිරීමකින් තොරව එක ඇසකට පෙනීම ලබාදීමට හැකියාව ඇති බව රාජපක්ෂ මහත්මියට දැනුම් දුන්නේය .ඒ සඳහා දීර්ඝ කාලකාලීනව ප්‍රතිකාර ලබා දිය යුතු බවද ඔහු පැවසුවේය .
මෙහිදී ඊට අවශ්‍ය බරපැන දැරීමට ඉදිරිපත් වූ ශිරන්ති රාජපක්ෂ මහත්මිය දරුවා අගමැති නිල නිවසට ගෙන්වාගෙන පරීක්ෂණ සහ ප්‍රතිකාරවලට කඩිනමින් යොමු කළාය.
එම ප්රතිකාරවලින් පසුව රත්නායක දරුවාගේ එක් ඇසක පෙනුම සියයට 30ක් දක්වා මේ වන විට වර්ධනය වී ඇතැයි අගමැති කාර්යාලය සඳහන් කරයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කිසිදු භේදයකින් තොරව පැසසිය යුතු දෙයක්. ලොකු පිනක්.
හොඳ වැඩක්. ඒත් අතින් වියදම් කරලා මේක කළා කියලා හිතන්න අමාරුයි.
එක් ළමයෙකුගේ ඇස් පාදලා නම් නිවන් යන්න බැරි වෙයි....
ඔබතුමියට ගොඩාක් පින්... මේ කළ උපකාරයට..
එතුමියට අනේක වාරයක් පින්සිදු වෙනවා මේ කුසල කර්මයට...
තාජුඩීන්ගේ පුතා ගැනත් ඔය වගේම කණගාටු වුණා නම් කොච්චර හොඳද .
බොහොම හොඳයි. යහපත් ක්‍රියාවක්... අගේ කරමි ඔබගේ කරුණාවන්ත කම ගැන...
හඑපත් ක්‍රියාවක් කළ ඔබට බුදුසරණයි.
අගය කලයුතුමයි
දේශපාලන කන්නාඩි ගලවල බලන්න මේවා උතුම් වැඩ ! අනිත් ආර්යාවන් වෙන්න හිටිය අයටත් හොඳ ආදර්ශයක්
ඔබතුමියට නිරෝගී බව සහ දීර්ඝායුෂ ලැබේවා...!!!
මේවගේ දෙවල් කිය කිය ප්‍රසිද්ධිය ගන්න කරන්න ඕන දෙවල් නෙමෙයි...
හොඳ වැඩක් අගය කළ යුතුයි.....
අගමැති විශේෂ අරමුදලින්ද දන්නේ නැහැ මේ දරුවන්ට ඇස් පෙනීම ලැබුණේ? එහෙම වුණා නම් මේ පිංකම මුළු රටේම ජනතාව සම්බන්ධ වෙන්න තිබෙනවා සාදු සාදු....
කුහක ප්‍රකාශ නොකර මේ කළ උදාර ක්‍රියාව ගැන සතුටුවන්න. මම ඒ දරුවාගේ ඇසක පෙනීම ලබාදෙන ඉල්ලීම කළ දර්ශන පටය දුටුවා. ප්‍රථමයෙන් අප ඩිලන්ත මාලගමුව මහතා ඉදිරිපත්වී මේ උදාර පුණ්‍යකර්මයට දායක වුණා. පසුව රෝහිත ඉදිරිපත්වී කළ යුතු දේ කලා . දැන් නුඹලා මනුෂ්යයෝනම් පුද්ගලවාදය පැත්තක තියල අටුවා ටීකා සහ ඝෘනාත්මක කුණුහරුප ලියන්නේ නැතුව පැත්තකට වෙලා සිටින ලෙස ඉල්ලමි.
ඇත්තටම ලොකු පිනක්...
සිරිලිය ගිණුමෙන් වෙන්න ඇති කරන්න ඇත්තෙ
මෙයාලාට මේවා කරන්න බැරි නම් කාට කරන්න පුළුවන්ද? අගය කරනවා කියන්න ඔන්න ඔහොම හැමෝම ගැන හිතුවා නම් මේක සුපිරි රටක්...
අරයට පින්, මෙයාට පින් කියලා මොනවා කිව්වත්, මේකෙන් ඔප්පු වෙන්නේ අපේ රටේ ඉතා පහළ තත්වයක තියෙන සෞඛ්‍ය සේවය. ළමයාට රටේ අගමැතිගේ ආර්යාවගේ නියමය අනුව බෙහෙත් කරන්න දොස්තර කෙනෙක් හමු වුණා. එහෙම කර ගන්න බැරි කීදාහක් ඉන්නවද? මේ ළමයා අනිවාර්යයෙන් දොස්තරලා හම්බවෙන්න ඇතිනේ මීට ඉස්සර. ඒකාලේ බෑරි වෙච්ච දේ කොහොමද මැඩම් කිව්වම කරන්න පුලුවන් වුනේ? රටේ හැමදෙනාටම මේ වගේ දේවල් කිසිම උසස් බලපෑම් නැතුව කරගන්න පහසුකම් තියෙන්න ඕනේ.. මේ ළමයා වාසනාවන්තයි ඒ අතින්..
නිකමට වගේ අහන්නේ.. අර සිරිලිය ගිණුමට මොකද දන්නෑ වුනේ නේද? ..
"සිරි ළිය" කෝ සල්ලි කියලා අහන්න එපා ඔන්න....
තවතවත් මෙවැනි දේ කරන්න ශක්තිය වුවමනාව හිත්තුළ ඇතිවේවා..!!! මොකද මුදල් නොමැත්කම නිසා ලෙඩරෝග සනීප කරගන්න බැරුව දහස් ගාණක් රට තුළ ඉන්නවා.
අනේ හම්මෝ කට්ටියගේ පුන්යනානුමෝදනාව... බලාගෙන... දැන් මෙයාගේ ඔක්කොම හොරකම් සාමාන්‍ය වෙලා බලාගෙන ඉන්නකොට ස්වර්ගයට යයි.... ඉස්සර කතාවක් තියනවා කැස්බෑවා බිත්තර සිය ගාණක් දාලා නිශ්ශබ්දවය මුහුදට යනකොට ගම් කිකිලි එක බිත්තරයක් දාලා ගම දෙවනත් කරනවාලු කියලා....
ක්‍රියාව හොදයි . හැබැයි අනවශ්‍ය ප්‍රචාරය අනවශ්‍යයි. පොඩි පුවත ලොකුවට රසකාරක දාල ලියල. පුතා සමාජ මාධ්‍යයෙන් දැකල අම්මට කියලා අම්මගෙ හිත උනුවෙලා. පුතා මේ දවස්වල බබාල ලැබෙන්න ඉන්න අම්මලට තෑගි කට්ටලත් බෙදනවා අපි දැක්ක. හා හා හොරේ දැනුනා දැනුනා. අර රොකට් එක යවපු සල්ලි වලින් මේ වගේ තව කීදෙනෙක්ගෙ ඇස් පාදන්න තිබ්බද. අඩුම ගානෙ ඒක කොහෙද තියෙන්නෙවත් කියල දන්න කෙනෙක් ඉන්නවද. මේව විහිලු
සංවේදී වෙන්න ඇත්තේ කාවහරි මතක්වෙලා වෙන්න ඇති නේද?
මෙයා රත්තරන් වලට මීටත් වඩා සංවේදියි.