නාඋලින් පළමු කොරෝනා රෝගියා වාර්තා වෙයි මීට සුළු මොහොතකට පෙර නාඋල පළමු කොරෝනා ආසාදිතයා වාර්තා වු බව සෞඛ්‍ය අංශ තහවුරු කරයි. 24 October 2020
අර්ථසාධක අරමුදල් අයැදුම්පත් ළඟම පිහිටි කම්කරු කාර්යාලයට සේවක අර්ථසාධක අරමුදල් ප්රතිලාභ අයදුම්පත් භාරගැනීම ළගම පිහිටි කම්කරු කාර්යාලය මගින් පමණක් සිදු කිරීමටත් එළැඹෙන 26 වැනිදා සිට ක්‍රියාත්මක වන පරිදි ඒ සඳහා දුරකතන මගින් දිනයක් හා වේලාවක් වෙන් කර දීමට කම්කරු දෙපාර්තමේන්තුව තීරණය කර ඇත. 24 October 2020
තවත් කොරෝනා ආසාදිතයින් 201 ක් මිනුවන්ගොඩ හා පෑලියගොඩ කොරෝනා ආසාදිත පොකුරෙන් අද (24 ) මේ වන විට තවත් 201 දෙනකු වාර්තා වී තිබේ. 24 October 2020
දුම්රිය ගමන්වාර කිහිපයක් අත්හිටුවයි මේ වන විට පවතින ඇදිරිනීතිය හේතුවෙන් දුම්රිය ගමන්වාර කිහිපයක් තාවකාලිකව අත්අහිටුවීමට දුම්රිය දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබේ. 24 October 2020
ගාල්ලේ සතිපොළ වසාදමයි රටේ ඇතිවී තිබෙන තත්වය සැලකිල්ලට ගෙන ගාල්ල දිස්ත්‍රික්කයේ සියලුම සති අන්ත පොළවල් නැවත දැනුම් දෙන තුරු තාවකාලිකව වසා දැමිමට දකුණු පළාත් ආණ්ඩුකාර ආචාර්ය විලි ගමගේ මහතා තීරණය කර තිබේ. 24 October 2020
පීසීආර් පරීක්ෂණයට විරෝධය පළ කළ ධීවරයෙක් අත්අඩංගුවට ගාල්ල කොටුව බාල දක්ෂ මාවතේ රත්ගම වැල්ලේ ධීවරයින්ගේ පී.සී.ආර් පරීක්ෂණ සඳහා ජෛව සාම්පල ලබා ගනිමින් සිටි සෞඛ්‍ය කාර්ය මණ්ඩල නිලධාරින්ට සහ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයාට අසභ්‍ය වචනයෙන් බැණ වැදී පී.සී.ආර්.පරීක්ෂණ සඳහා විරෝධය පෑ ධීවරයෙකු අද(24) දහවල් අත්අඩංගුවට ගත් බව ගාල්ල පොලිසිය පවසයි. 24 October 2020
දංකොටුව මාළු වෙළඳ සංකීර්ණය වසාදමයි දංකොටුව පොදු මාඵ වෙළඳ සංකීර්ණය අද දහවල් (24) වසා දැමීමට දංකොටුව මහජන සෞබ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය සහ වෙන්නප්පුව ප්‍රාදේශීය සභාව එක්ව පියවර ගනු ලැබීය. 24 October 2020
දළදා මාළිගාවට පැමිණෙන සැදැහැවතුන්ට හැඳුනුම්පත අනිවාර්යයි ශ්‍රී ලංකාව තුල මේ වන විට පැතිරී යමින් පවතින කොවිඩ් 19 වයිරසය හේතුවෙන්, ශ්‍රී දළඳා මාළිගාවට පැමිණෙන සියලු සැදැහැවතුන්ගේ හැඳුනුම්පත් අනිවාර්ය කර ඇති බව මහනුවර ශ්‍රී දළඳා මාළිගාවේ දියවඩන නිළමේ ප්‍රදීප් නිලංග දෑල මහතා අද (24) විශේෂ මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් සදහන් කර ඇත. 24 October 2020
ගොතටුවට-මුල්ලේරියාවට ඇදිරි නීතිය ගොතටුවට සහ මුල්ලේරියාව යන පොලිස් බල ප්‍රදේශයන්ට අද ප.ව 7.00 සිට නැවත දැනුම් දෙනතුරු නිරෝධායන ඇදිරිනීතිය පනවා තිබේ. 24 October 2020
පීසීආර් ගන්න ආ අයෙක් හදිසියේම මියයයි කොළඹ පෑලියගොඩ මත්ස්‍ය වෙළඳපොළට මසුන් රැගෙන ගිය ධීවර ව්‍යාපාරිකයින් සහ රියැදුරන් 40 දෙනෙකු අද (24 ) කල්පිටිය රෝහලේ දී පී.සී.ආර්.පරීක්ෂණ සදහා භාජනය කරමින් සිටියදී එක් පුද්ගලයකු හදිසියේ මියගිය බව කල්පිටිය පොලිසිය පවසයි. 24 October 2020
බද්දේගම, වදුරඹ, ගිනිමැල්ලගහ සති පොළ නැවත දන්වන තුරු වහයි වර්තමානයේ ඇතිවි ඇති සෞඛ්‍ය තත්වය සැළකිල්ලට ගෙන බද්දේගම ප්‍රාදේශීය සභාවේ සියලුම සති පොළ නැවත දන්වන තුරු වසා තබන බව ප්‍රාදේශීය සභා සභාපති අනුර නාරංගොඩ මහතා පවසයි. 24 October 2020
’ගාල්ලේ මියගිය ධීවරයාට කොරෝනා නෑ’ ගාල්ල වරායේ ධීවරයකු කොරෝනා හේතුවෙන් මියගොස් ඇතැයි පැතිරයන කටකතාවල කිසිදු සත්‍යතාවක් නොමැති බව සෞඛ්‍ය අංශ පවසයි 24 October 2020
රිකිල්ලගස්කඩ රෝහලක් වහයි රිකිල්ලගස්කඩ රෝහලේ විශේෂඥ වෛද්‍යවරයකුට කොවිඩ් 19 වයිරසය ආසාදනය වී ඇති බව තහවුරු වීමෙන් මේ වන විට රෝහල වසා දමා තිබේ. 24 October 2020
ත්‍රි’මලේ මාළු වෙළෙද සංකිර්ණය වහයි ත්‍රිකුණාමල මධ්‍යම මාළු වෙළෙද සංකීර්ණයේ සේවය කල 06 දෙනෙකුට කොවිඩ් 19 වයිරසය ආසාණය වී ඇති බව ප්‍රාදේශිය වසංගත රෝග ඒකකය සොයා ගැනිමත් සමග අද (24) මාළු වෙළෙද සංකීර්ණය වසා දැමිමට ව්‍යාපාරිකයෝ කටයුතු කලහ 24 October 2020
කුරුණෑගල ප්‍රසිද්ධ මාළු වෙළෙදසැලක් වහයි මාළු ප්‍රවාහනය කරන ලොරියක රියැදුරෙකුට කොරෝනා වයිරසය ආසාදනය වීම හේතුවෙන් කුරුණෑගල දිස්ත්‍රික්කයේ මාළු බෙදාහරින ප්‍රසිද්ධ ව්‍යාපාරික ආයතනයක කුරුණෑගල නගරයේ ප්‍රධාන මත්ස්‍ය අලෙවිසැල වසා දැමීමට කුරුණෑගල මහ නගර සභාව පියවර ගෙන ඇත. 24 October 2020
මිනුවන්ගොඩ කොරෝනා පොකුරට තවත් 256 ක් එක්වෙති මිනුවන්ගොඩ කොරෝනා පොකුරෙන් අද (23) පස්වරු 10.15 වනවිට තවත් ආසාදිතයන් 259 ක් හඳුනාගෙන තිබේ. 23 October 2020
බණ්ඩාරවෙල ඉරිදා පොළ පැවැත්වීම තාවකාලිකව නතර කෙරේ මහ ජනතාවගේ සෞඛ්‍ය ආරක්ෂාව වෙනුවෙන් බණ්ඩාරවෙල ඉරිදා පොළ පැවැත්වීම යළි දැනුම් දෙන තුරු තාවකාලිකව නතර කිරීමට පියවර ගත් බව බණ්ඩාරවෙල නගරාධිපති ජනක නිශාන්ත රත්නායක මහතා අද (23) පැවසුවේය. 23 October 2020
කළුතර දිස්ත්‍රික්කයේ තවත් ගම්මාන 5 ක් හුදෙකලා කරයි කොරෝනා වසංගත ව්‍යාප්තිය හේතුවෙන් කළුතර දිස්ත්‍රික්කයේ ගම්මාන පහක් වහාම ක්‍රියාත්මක වන පරිදි නැවත දැනුම් දෙන තුරු හුදකලා ගම්මාන ලෙස නම් කර ඇති බව කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය නිවේදනය කරයි. 23 October 2020
මරදාන - දෙමටගොඩ ඇතුළු ප්‍රදේශ 5කට ඇඳිරි නීතිය වහාම ක්‍රියාත්මක වන පරිදි නැවත දැනුම් දෙන තුරු කොළඹ දිස්ත්‍රික්කයේ මරදාන සහ දෙමටගොඩ පොලිස් බල ප්‍රදේශවලට නිරෝධයන ඇඳිරි නීතිය පනවා ඇතැයි කොවිඩ්-19 වයිරස පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය නිවේදනය කරයි. 23 October 2020
දියතලාව මාළු වෙළඳසැල ඇතුළු කඩ පේලියක් වසයි පෑලියගොඩ මත්ස්‍ය වෙළෙඳ මධ්‍යස්ථානයට ගිය දියතලාව නගරයේ මාළු වෙළඳසැලේ පුද්ගලයින් දෙදෙනෙකුට කොරෝනා ආසාදනය වී ඇති බවට තහවුරු වීමෙන් පසු දියතලාව මාළු වෙළඳපොළ වසා තැබීමට පියවර ගත් බව හපුතලේ ප්‍රාදේශීය සභාපති බී. කන්දසාමි කන්නා මහතා අද (23 ) පැවසීය. 23 October 2020
විස්සට පක්ෂවූයේ යයි පාර්ලිමේන්තු කණ්ඩායමෙන් නෙරපයි 20 වැනි සංශෝධනයට පක්ෂව ඡන්දය ප්‍රකාශ කළ සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරුන් පාර්ලිමේන්තු කණ්ඩායමෙන් නෙරපීමට තීරණය කළ බව එහි මහලේකම් රංජිත් මද්දුමබණ්ඩාර මහතා පැවැසීය. විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තු කමිටු ශාලා අංක දෙකෙහි පැවති සමගි ජන බලවේගය පාර්ලිමේන්තු කණ්ඩායම් රැස්වීමේදී මෙම තීන්දුව ගත් බවද ඔහු සඳහන් කළේය. 23 October 2020
මිනුවන්ගොඩ පොකුරෙන් අද දිනට ආසාදිතයන් 609 ක් ගත වූ පැය 24 ක කාලය ඇතුළත ගම්පහ දිස්ත්‍රික්කය තුළන් කොරෝනා ආසාදිත බවට තහවුරු වූ රෝගීන් 797 ක් වාර්තා වී ඇති බවත් එය දිස්ත්‍රික්කය තුළින් වාර්තා වූ වඩාත් ඉහළ අගයක් බවත් ගම්පහ දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්යක්ෂ වෛද්‍ය මිගාර ඈපා මහතා පැවසීය. 23 October 2020
පානදුර වෙළඳසැල් 4 ක් වහයි කොළඹ ප්‍රදේශයේ පෞද්ගලික බැංකුවක කොරෝනා ආසාදිත කාන්තාවක් පානදුර නගරය ආශ්රිත වෙළඳසැල් හතරකට ආ ගිය බවට අනාවරණය වීමෙන් අනතුරුව එම වෙළඳසැල් 4 වසා දැමීමට පියවර ගත් බව පානදුර නගර සභාවේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු පවසති. 23 October 2020
කරාපිටිය පිළිකා ඒකකයේදී වෛද්‍යවරු ගැටෙති රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ නියෝජිතයන් කිහිප දෙනකු අද (23) කරාපිටිය පිළිකා ශල්‍ය ඒකකයේ රාජකාරීයට බාධාවන අයුරින් හැසිරෙමින් තමන් ඇතුළු කාර්ය මණ්ඩලයට ද බැණ වැදුණු බව පිළිකා රෝග පිළිබඳ විශේෂඥ ශල්‍ය වෛද්‍ය ක්‍රිෂාන්ත පෙරේරා මහතා පොලිසියට සහ රෝහල් අධ්යක්ෂවරයාට පැමිණිලි කර ඇත. 23 October 2020
පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ සියලු සේවා තාවකාලිකව නවත්වයි පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව එක් දින සේවා ඇතුළුව සියලුම සේවාවන් නැවත දැනුම් දෙනතුරු හෙට (24) සිට තාවකාලිකව නවතා දැමීමට තීරණය කර ඇත. 23 October 2020
මාදම්පේ සියලුම වෙළදසැල් වහයි කහවත්ත, මාදම්පේ මාළු වෙළෙද මද්යස්ථානයට සම්බන්ධ ව්‍යාපාරිකයෙකු කොරෝනා ආසාදිත බවට තහවුරුවීමෙන් මාදම්පේ නගරයේ සියලුම වෙළෙද සැල් වසාදැමීමට ගොඩකවෙල ප්‍රාදේශීය සභාව අද (23) පස්වරුවේ කටයුතු කරනු ලැබිය. 23 October 2020
දිවුලපිටිය දිසා රෝහල කොරෝනා රෝගීන්ගෙන් පිරෙයි දිවුලපිටිය දිසා රෝහල කොවිඩි-19 ආසාදිතයන්ට ප්‍රතිකාර කරන රෝහලක් බවට නම් කර දින 04 ක් වූ අද දිනය (23) වන විට ප්‍රතිකාර සදහා ආසාදිතයන් 100 දෙනෙකු ඇතුළත් කර ඇතැයි රෝහල් ආරංචි මාර්ග පවසයි. 23 October 2020
සමගි ජනබලවේගයේ මන්ත්‍රීවරු හකීම්ට - රිෂාඩ්ට එරෙහිවෙති විසිවැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට එරෙහිව ඡන්දය ප්‍රකාශ කරන බවට සමගි ජන බලවේගය ඒකමතිකව තීන්දුවක් ගෙන තිබියදීත් එම තීන්දුව නොසලකා කටයුතු කළ රිෂාඩ් බදියුදීන්ගේ සමස්ත ලංකා මහජන කොංග්‍රසය සහ රවුෆ් හකීම්ගේ ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය නියෝජනය කරන මන්ත්‍රීවරුන් එම පක්ෂ වලින් ඉවත් කරන ලෙසට සමගි ජනබලවේගයේ තරුණ මන්ත්‍රීවරුන් එම පක්ෂ නායකයන්ගෙන් ඉල්ලීමක් කරයි. 23 October 2020
හෝමාගම පොදු වෙළඳ සංකීර්ණය වසාදමයි හෝමාගම ප්‍රාදේශීය සභාවට අයත් පොදු වෙළඳ සංකීර්ණයේ පිහිටි මාළු වෙළඳසලෙහි හිමිකරු කොවිඩි-19 ආසාදිතයකු අනාවරණය වීම හේතුවෙන් පොදු වෙළඳ සංකීර්ණයම වසා දැමීමට කටයුතු කළ බව හෝමාගම ප්‍රාදේශීය සභාවේ සභාපති සම්පත් ජයසිංහ මහතා පවසයි. 23 October 2020
‘‘ Goy pay ‘‘ හරහා තවත් වංචාවක් රජයේ ඩිජිටල් ආයතනය මගින් හඳුන්වා දී ඇති රථවාහන වැරදි සඳහා එම ස්ථානයේදීම අන්තර්ජාලය හරහා දඩ ගෙවීමේ goy pay ක්‍රමවේදය( link) සැබදිය ව්‍යාජ අයුරින් අයුරින් සකස්කර මෙරට පුද්ගලයන්ට එවා මුදල් බැර කර ගැ.. 28 May 2026