(යොහාන් භාසුර)
ශ්‍රී ලංකාවේ දැන් පවතින ‘කොවිඩ් 19’ වයිරස අවදානම මුහුණදීමට අවශ්‍ය අමතර ඔක්සිජන් සිලින්ඩර් 500 ක් සැපයුම්කරුවන් සතුව ඇති බව රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව නිවේදනයක් නිකුත් කරමින් පවසයි.
ඔක්සිජන් සිලින්ඩර් 7500 ක් මේ වන විට සමස්ත රට පුරා භාවිතයට ගනිමින් තිබෙන බවත් හදිසි අවස්ථාවක භාවිතයට කාර්මික ඔක්සිජන් සිලින්ඩර් 500 ක් සැපයුම්කරුවන් සතුව ඇති බවත් රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ සාමාන්‍යාධිකාරී දිනූෂ දසනායක මහතාගේ අස්සනින් නිකුත් කර ඇති නිවේදනයේ සඳහන් වේ.
ඇනවුම්කර ඇති අතිරේක ඔක්සිජන් සිලින්ඩර් 395 ක් ලබන සතියේ ලැබෙන බවත් තවත් සිලින්ඩර් 1000 ක් ආනයනය කිරීමට කටයුතු කර ඇති බවත් එම නිවේදනයේ සඳහන් වේ.
සෞඛ්‍ය අමාත්‍යංශය ද තවත් ඔක්සිජන් සිලින්ඩර් ගෙන ඒමට කටයුතු කර ඇති බවත් රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව නිකුත් කළ නිවේදනයේ වැඩි දුරටත් සඳහන් වෙයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඒ වුණාට අර සනත් නිශාන්ත, නිමල් ලාන්සාගෙන් උපදෙස් ගත්තා නම් හොඳයි. ඔවුන් කියාවි ඔක්සිජන් නැතුව කොහොමද ජීවත් වෙන්නේ කියලා.
දැනට භාවිතා වන්නේ 7500ක් නම් තව 2000කින් පමණ වැඩිවීම සැලකිය යුතු වැඩිවීමක් නොවෙයිනේ..?
ඔක්සිජන් සිලින්ඩර් වගේම අමතර වායුව ලොකු ටැංකි වලත් තියා ගන්න. හදිසි අවස්ථාවක් ආවොත් ඉක්මණට පුරවන්න පුලුවන් එතකොට....
පටු වාසි බලාගෙන අපේ පුංචි දේවල් ගැන නිකන් පුරාජේරු කතා කියා ජනතාව නොමඟ යවන්න එපා. යථා තත්ත්වය ගැන සිතා කතාකරන්න. අර තරම් බලවත්ව සිටි ඉන්දියාවේ තත්ත්වය දැන් කොහොමද? ඒ විදිහට බලන විට, අපට මොන කජ්ජක් කරන්න පුළුවන්ද? කූඹියා මුත්‍රා කොට ළමයින්ට කීවාලු "මෙන්න පුතේ ගංවතුර ගලලා" කියා. අාන්න ඒ වගේ කතාවක් තමයි මේ කියා තියෙන්නේ. තරහ වෙන්න එපා ඔන්න ඕක තමයි ඇත්ත.
රටතුළ තිබුණාට වැඩක් නෑ. ඔක්සිජන් ටැංකිවල නෑනේ. එ්කයි අවුල. අපි දැක්කා කොරෝනා වාට්ටුවක් බාර දොස්තර මහත්තයෙකුගේ සහෝදරයෙකුත් ඔක්සිජන් නැතුව මියගියා කියලා. කයිවාරුව නම් ඇතිවෙන්න තියෙනවා. ඒ වුණාට වැඩ බැරි ටාසන්ලට තමයි වැඩ බාර දීලා තියෙන්නේ. බෝම්බ ගහපු අයට දඬුවම් දෙනවා කියලා බලයට පත්වෙලා දැන් දඬුවම් කරන්නේ මහපාරේ නලා ගහපු අයට. 69 ලක්ෂයක නොවැම්බර් වරුන්ට පව්...!
ඔක්සිජන් කන්නද?
මේ බලන්න මෙයාලා ගාව හොද අදහස් තියනවා නේ
ICU ඇඳවල් එහෙම තියෙනවා කියලා නේද? කළින් කිව්වේ දැන් ICU තියා රෝහල් ඇඳක්වත් නෑනේද?
අවශ්‍ය ප්‍රවාහන පහසුකම් තියෙනවද?