(යොහාන් භාසුර)
සතොස අළෙවි කරන ආහාර ද්‍රව්‍යවල මිල ඉදිරි සතිය වන විට ඉහළ යා හැකි යැයි සතොස සභාපති ආනන්ද පීරිස් මහතා පවසයි.
සතොස භාණ්ඩ සැපයුම්කරුවන්ගේ මාස තුනක ගිවිසුම් කාලය පසුගිය 30 වැනිදා අවසන් වූ බවත් මේ මස සිට ඉදිරි මාස තුන සඳහා නව ගිවිසුමකට එළඹ්මේදී ඇතැම් විට ආහාර ද්‍රව්‍යවල මිල ඉහළ යා හැකි බවත් සභාපතිවරයා පැවසීය.
වෙළෙඳපොලේ ආහාර ද්‍රව්‍ය රැසක තොග මිල ඉහළ ගොස් ඇති බව වෙළෙඳපොල ආරංචි මාර්ග සඳහන් කරයි. පරිප්පු කිලෝවක සිල්ලර මිල රුපියල් 165 ක් ලෙස සතියකට පෙර පැවැති බවත් මේ වන විට පරිප්පු කිලෝවක තොග මිල රුපියල් 198 ක් දක්වා ඉහළ ගොස් ඇති බවත් වෙළෙදපොල ආරංචි මාර්ග සඳහන් කරයි.
සියලුම හාල් වර්ගවල තොග මිල ද මේ වන විට ඉහළ ගොස් ඇති බවත් හාල් මිල තව දුරටත් ඉහළ යනු ඇතයි ද පැවසේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සුපිරියි...! කරපු මෝඩකම් තමයි.
ඒ වුණාට බන්දුල ගුණවර්ධන ඇමැතිතුමා වෙන වෙන දේවල්නේ සතොස ගැන කියවන්නේ... එතකොට කොයි දේද ඇත්ත...?
අපේ බන්දුල සර් මිල වැඩිවෙන කොට නිශ්ශබ්දයිනේ... අඩුවුණා නම් මීඩියාඑකේ වැඩකාරයා වෙනවා.
කොහොමත් රට ගැන හිතන්නේ නැ... නුඹලා මැදමුලනේ බත් බැලයන්...
මේ විදිහට ආණ්ඩුවක් අවශ්‍ය නෑ නේද?