(සුජිත් හේවාජුලිගේ )
කොවිඩ් ව්‍යාප්තිය හමුවේ රට තිබෙන්නේ තීරණාත්මක සන්ධිස්ථානයක යයි කොවිඩ් 19 වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානී යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පැවසීය.
ආසාදිතයන් වාර්තාවීම 1500 දක්වා මට්ටමට පැමිණ ඇති බවත් ඉදිරි සතිය දෙක වන විට මීට වැඩි අගයක් ගැනීමට ඉඩ ඇති බවත් යුද හමුදාපතිවරයා කීය.
ප්‍රභේදයේ තත්වය අනුව රට සැලකිය යුතු මට්ටමක පවතින්නේ යැයි කී සිල්වා මහතා මෙය තිබිය යුතු තත්ත්වයක් නොවේ යැයි ද ප්‍රකාශ කළේය.
කොවිඩ් පැතිරී ඇති ප්‍රදේශ පිළිබඳව සෞඛ්‍ය අංශ දැනුම් දුන් වහාම එම ප්‍රදේශ හුදකලා කරන බවත් මේ වතාවේදී එසේ හුදකලා කරන ප්‍රදේශ කල්තියා දැනුම් දීමට හැකියාවක් නැති බවත් ඔහු පැවසුවේය .
යම්කිසි ප්‍රදේශයක් හුදකලා කිරීමට අවශ්‍ය වුවහොත් එය වහාම කරන බවත් රටම වසා දැමීමට කිසිසේත් ම බලාපොරොත්තුවක් නැති බවත් යුද හමුදාපතිවරයා අවධාරණය කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දොස්තර කෙනෙක් සිටියදී අට පාස් කෙනෙක් ඉහළට පත්කරලා සේරම හමුදාවෙන් කරගන්න පුළුවන් කියන මානසිකත්වයෙන් වැඩ කරන්න ගියාම ඔහොම වෙනවා. යුක්රේනයෙන් සංචාරකයින් ගෙන්වන එක දැන් ඉවරද? ඒ දවස්වල කීවේ කිසිම දේකට බයවෙන්න එපා. කෝවිඩ් වසංගතය අවසන් කරපු ලෝකයේ පළවෙනි රට ලංකාව කියලනේ. කෝ දැන් ඒ කතා? උත්සව සමයේ මිනිස්සුන්ට ඕනෑපදන් රැස්වෙන්න ඉඩ දෙනවා. ගමට ගිහින් දහස් ගණනක් එක ගුලියට ගාල් කරගෙන දුක කියනවා. හොර ආචාර්යවරුන්ට වගකීම් බාරදෙනවා. දැන් කරකියාගන්න දෙයක් නැතුව හතර අතේ දුව ඇවිදිනවා. හොරුන්ගේ අම්මලාගෙන් පේන අහනවා. මාර වැඩක් ලංකාවට වුනේ...
මහත්තයෝ මේක යුද්ධයක් නොවෙයි. කරුණාකරල වෛද්‍යවරුන්ට සවන්දෙන්න. මේක වෛද්‍යවරුන්ගේ දැනුවත් කළ යුතු දෙයක්. අනිවාර්යයෙන් රට සති හතරක් වත් වැසිය යුතුමයි.
ආණ්ඩුවේ නිරුවත එහෙම වහන්න අදහසක් නැද්ද?