(සුජිත් හේවාජුලිගේ )
කොරෝනා අවදානම හේතුවෙන් ලබන සතියේ පාර්ලිමේන්තු රැස්වීම් දිනකට හෝ දෙකකට සීමා කිරීම කෙරෙහි එහි ප්රධානීන්ගේ අවධානය යොමු වී ඇතැයි පාර්ලිමේන්තු ආරංචි මාර්ගවලින් පැවසේ .
කෙසේ වෙතත් මේ පිළිබඳ අවසාන තීරණය පාර්ලිමේන්තු සංකීර්ණයේ දී හෙට පෙරවරු 9.30ට රැස්වීමට නියමිත පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේ දී ගන්නා බව එහි ප්රකාශකයෙක් ලංකාදීපයට පැවැසීය .
මීළඟ පාර්ලිමේන්තු රැස්වීම් ලබන මස 4 වෙනිදා සිට 7 වෙනිදා දක්වා පැවැත්වීමට මුලින් තීරණය කර තිබිණ

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔය ගව මඩුව පටවන එක රටට විශාල පාඩුවක් කරුණාකරලා ගව මඩුව වහලා ගාල ගවයන්ට තමන්ගේ පළාත් වලම තණකොළ කන්න අවස්ථාව උදා කරලා දෙන්න.
ලොකු දෙයක්. මේකෙන් මහා භාණ්ඩාගාරයට කොච්චරක්නම් මහජනතාවගේ මුදල් සම්භාරයක් ඉතුරු වෙනවද. ඔය කිසිම වැඩකට නැති "නුගතුන්ගේ, කසිප්පු කාරයින්ගේ, දුෂිතයින්ගේ, කප්පම් කාරයින්ගේ, කුඩු මුදලාලිලාගේ, මිනී මරුවන්ගේ, මිරිස් කුඩ්ඩන්ගේ තිප්පලක් වෙලා" කියල චෝදනා නැගෙන මලහත්ඉලව්ව හැමදාම වහල දාන්න පුලුවන්නම් වඩාත් සුදුසුයි.
රටටම කොඩිවිනයක් වෙලා තියෙන කාපාලුවෝ ටික රැස්වෙන හරක් ගාලක් විතරයි. හැම උවදුරකටම ලැබුණු විදේශ ආධාර ඔක්කොම පිල්ලි ගහලා ඡන්දෙ දවසට පගාව දීලා ඡන්ද ටික ගන්නවා. කොහොම දියුණු වෙන්න පුළුවන් රටක්ද මේ විනාශ කරන්නේ.. බුරන්න විතරයි මෙතනට එන්නේ..
රට වහන්නෙත් නැති එකේ පාර්ලිමේන්තුව විතරක් ඇයි සීමා කරන්නේ? මොකද එයාලාට රටේ මිනිස්සුන්ගේ ජීවිත වටින්නේ නැති වුණාට එයාලට එයාලගේ ජීවිත වටිනවනේ...