දැනට හුදෙකලා කර ඇති හිඟුරක්ගොඩ සිරිකෙත ජනපදයෙන් කොරෝනා ආසාදිතයන් තවත් 32ක් හඳුනාගෙන ඇතැයි සෞඛ්‍ය අංශ අද අනාවරණය කරයි.
පුද්ගලයන් 300 දෙනකු අතර සිදු කළ පී.සී.ආර්.පරීක්‍ෂණ වලින් මෙම පිරිස හඳුනාගෙන ඇත.
කොරෝනා ආසාදනයවීමෙන් එම ගම්මානයේ පදිංචි 60 හැවිරිදි අයෙකු මරුමුවට පත්වීමෙන් පසුව සිදුකල පරීක්‍ෂණවලදී ඔහුගේ ආශ‍්‍රිතයින් අතුරින් 17 දෙනකු කොරෝනා වැළඳී ඇති බවට හඳුනාගනු ලැබීය.
හුදෙකලා කර ඇති එම ගම්මානයෙන් මේවනවිට හඳුනාගෙන ඇති මුලූ කොරෝනා රෝගීන් ගණන 49කි.
ඔව්හු සියලූම දෙනා මේවනවිට ප‍්‍රතිකාර මධ්‍යස්ථාන වෙත යොමුකර ඇතැයි පොලොන්නරුව ප‍්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ,විශේෂඥ වෛද්‍ය ඩබ්ලිව්.කේ.ඩබ්ලිව්.එස්.කුමාරවංශ මහතා ප‍්‍රකාශ කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd