
(රන්ජන් කස්තුරි සහ ඡායාරූප රොමේෂ් ධනුෂ්ක සිල්වා)
බස්නාහිර පළාතෙන් පිටවන සහ එම පළාතට ඇතුළුවන්නන් ස්ථාන 12කදී අහඹු ලෙස ඇන්ටිජන් පරීක්ෂාවනට ලක් කරන බවට ප්‍රකාශ වුව ද අද ස්ථන කීපයක එම කටයුතු සිදු නොවූ බව වාර්තා වෙයි.
මීගමුව කොච්චිකඩේ තෝප්පුව පාලම අසල නිට්ටඹුව හැලගල හන්දිය සහ හංවැල්ල වනහගොඩ පාලම අසල එවැනි අහඹු පරීක්ෂණ සිදු කිරීමට අද පෙරවරුවේ සිටම ආරක්ෂක අංශ සූදානමින් සිටියද සෞඛ්‍ය අංශ නිලධාරීන් ඊට එකඟ නොවීම නිසා අහඹු පරීක්ෂණ සිදු නොවු බව වාර්තා විය.
මේ සම්බන්ධයෙන් ප්‍රාදේශීය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීයෙක් සඳහන් කළේ එවැනි අහඹු පරීක්ෂණ කරන ලෙස සෞඛ්‍ය අමාත්‍යංශය දැනුම් දී නොමැති බවයි. එවැනි පරික්ෂාවකදී ආසාදිතයකු හමුවුවහොත් ඔහු සම්බන්ධයෙන් කුමන වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කළ යුතු ද යන්න නොදන්නා බව ද සෞඛ්‍ය වෛද්‍ය නිලධාරියා පැවැසීය.



COMMENTS
නව නීති ක්‍රියාත්මක වීමෙන් මහජන ආරක්ෂාව වැඩි වන බව ඉතා පැහැදිලිව පෙන්වන ලිපියක්.
තවත් අදහස් හා දත්ත සමඟ මෙම විශ්ලේෂණය යාවත්කාලීන කරලා නම් හොඳයි.