
(රන්ජන් කස්තුරි සහ ඡායාරූප රොමේෂ් ධනුෂ්ක සිල්වා)
බස්නාහිර පළාතෙන් පිටවන සහ එම පළාතට ඇතුළුවන්නන් ස්ථාන 12කදී අහඹු ලෙස ඇන්ටිජන් පරීක්ෂාවනට ලක් කරන බවට ප්‍රකාශ වුව ද අද ස්ථන කීපයක එම කටයුතු සිදු නොවූ බව වාර්තා වෙයි.
මීගමුව කොච්චිකඩේ තෝප්පුව පාලම අසල නිට්ටඹුව හැලගල හන්දිය සහ හංවැල්ල වනහගොඩ පාලම අසල එවැනි අහඹු පරීක්ෂණ සිදු කිරීමට අද පෙරවරුවේ සිටම ආරක්ෂක අංශ සූදානමින් සිටියද සෞඛ්‍ය අංශ නිලධාරීන් ඊට එකඟ නොවීම නිසා අහඹු පරීක්ෂණ සිදු නොවු බව වාර්තා විය.
මේ සම්බන්ධයෙන් ප්‍රාදේශීය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීයෙක් සඳහන් කළේ එවැනි අහඹු පරීක්ෂණ කරන ලෙස සෞඛ්‍ය අමාත්‍යංශය දැනුම් දී නොමැති බවයි. එවැනි පරික්ෂාවකදී ආසාදිතයකු හමුවුවහොත් ඔහු සම්බන්ධයෙන් කුමන වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කළ යුතු ද යන්න නොදන්නා බව ද සෞඛ්‍ය වෛද්‍ය නිලධාරියා පැවැසීය.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කියන්න කණගාටුයි... මේ ගැන කියලා මම කලින්ම... කමෙන්ට් එකක් දැම්මා. ඔය විදියට කොහොමද කොරෝනා පාලනය කරන්නේ? බොරුවට මීඩියා ඉස්සරහට ඇවිත් පම්පෝරි ගැහුවට වැඩක් නෑ. ප්‍රායෝගිකව වැඩක් වෙන්නෙ නැතුව...
අම්මපා... කෝවිඩ් මර්දන වැඩපිළිවෙලේ ප්‍රගතිය හා ඒවා පාලනය කෙරෙනා මොළගෙඩි ගැන කියලා වැඩක් නෑ.. උත්කෘෂ්ඨයි, විශිෂ්ඨයි, උදාරයි. මේ මොල මේ දක්ෂතා, මේ වැඩපිළිවෙලවල් ඉන්දියාවටත් දුන්නා නම් මාර මාර වටිනාකමක් තමයි අපේ රටට එන්නේ... හුරේ...
ඕකට තමයි කියන්නේ මොකක් කරන්න ගියත් මෙයාලා ෆේල් කියලා..
මේ වගේ පොඩි දෙයක් වත් මෙයාලට සංවිධානය කරගන්න මෙයාලට බැහැනේ..
මොනවා නැතත් සජිත් කිව්ව ගොඩක් දේවල් හරි... එයාට හිනාවෙන රටේ අය නම් හරක්ම තමයි.
සම්පූර්ණයෙන්ම අසාර්ථක රජයක්. රටේ කිසිම පාලනයක් නැහැ. පාලනය කරලා කරන්නේ බලය ගන්න ඒවයි, නඩුවලින් නිදහස් කරගන්න ඒවයි විතරයි. තවදුරටත් මෝඩ වෙන්න එපා. මේ කාලකණ්ණින්ගෙන් අපේ රට බේරා ගනිමු.