
(රොමේෂ් මධුෂංඛ)
යාපනය මාදගල් ප්‍රදේශයේ මුහුදු වෙරලේ තිබූ බෝට්ටුවක සඟවා තිබූ රුපියල් කෝටි පහකට ආසන්න වටිනාකමින් යුතු කේරල ගංජා කිලෝ 240 ග්‍රෑම් 950 ක ප්‍රමාණයක් සොයාගත් බව නාවික හමුදාව පවසයි.
උතුරු නාවික විධානයට අයත් නිලධාරීන් පිරිසක් මාදගල් ප්‍රදේශයේ මුරසංචාරයක නිරත වූ අවස්ථාවේදී වෙරලේ නවතා තිබූ සැකකටයුතු ඩිංගි යාත්‍රාවක් පරික්ෂා කිරීමේදී මෙම කේරල ගංජා තොගය සොයාගෙන ඇත.
අදාල කේරලගංජා තොගය රැගෙන ආ පුද්ගලයින් කව්රුන්දැයි යන්න මෙතෙක් අනාවරනය වී නොමැති අතර ඉන්දියාවේ සිට මුහුදු මාර්ගයෙන් රැගෙනවිත් මෙලෙස සඟවන්නට ඇති බවට නාවික හමුදාව සැක පල කරසිටියි.
ඉන්දියාවේ පවතින දැඩි කොවීඩ් අවධානම නිසා එම කේරල ගංජා තොගය අධිකරණ නියෝගයක් ගෙන මාදගල් මුහුදු වෙරලේදීම ගිනිතබා විනාශ කිරීමට පියවර ගත් බවට නාවික හමුදාව කියයි.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මීට පෙර අත්අඩංගුවට ගත්තු මත්ද්‍රව්‍ය විශාල ප්‍රමාණයක් විනාශ කරනවා අපි දැක්කේ නැහැ. ඒවත් ප්‍රසිද්ධියේ විනාශ කරනවා දකින්න කැමැතියි.
අල්ලන කුඩුවලට නම් මොකුත් කරන්නේ නැහැනේ... ඇයි ඒ..?