(කාංචන කුමාර ආරියදාස)
දඹුල්ල නගර සභා සහ දඹුල්ල ප්‍රාදේශීය සභා බල ප්‍රදේශයේවල කොවිඩ් වයිරසය ආසාදිත වූ පුද්ගලයන් තිස්හත් දෙනකු ප්‍රතිකාර මධ්‍යස්ථාන රැගෙන යාම සදහා ප්‍රවාහන පහසුකම් නොමැති කමින් නිවෙස්වලට වි සිටින බව දඹුල්ල නගරාධිපති ජාලිය ඕපාත මහතා පවසයි.
දඹුල්ල හින්මොරගොල්ල, දඹුලුගම, නවපාදෙණිය,ආදී ප්‍රදේශවල මෙන්ම නගර සභා බල ප්‍රදේශයෙන් පිට පුද්ගලයන් දෙදෙනකුද මෙයාකාරයෙන් දින දෙකක පමණ කාලයක සිට ප්‍රවාහන අපහසුතා නිසා ප්‍රතිකාර මධ්‍යස්ථානවලට රැගෙන යෑමට සිටින බව නගරාධිපතිවරයා කියයි.
දඹුල්ල නාගරික මහජන සෞඛ්‍ය පරීක්ෂක ප්‍රියන්ත ද සිල්වා මහතා කියා සිටියේ මෙම වයිරසය ආසාදිත වූ පුද්ගලයන් කඩිනමින් ප්‍රවාහනය කිරීම සඳහා දැඩි උත්සාහයක නිරතව සිටියද ගිලන්රථ නොමැතිවීම නිසා මේ තත්ත්වය උදා වී ඇති බවයි .
නිවෙස් වල සිටින එම පුද්ගලයින් දඹුල්ල සති පොල භූමියට සීගිරිය රෝහලේ ගිලන් රථයෙන් රැගෙන විත් කෙසේ බස් රථයකින් එම කණ්ඩායම් ප්‍රතිකාර මධ්‍යස්ථානවලට යැවීම සඳහා අවශ්‍ය පියවර ගන්නා බව සඳහන් කළේය .

COMMENTS
නව නීති ක්‍රියාත්මක වීමෙන් මහජන ආරක්ෂාව වැඩි වන බව ඉතා පැහැදිලිව පෙන්වන ලිපියක්.
තවත් අදහස් හා දත්ත සමඟ මෙම විශ්ලේෂණය යාවත්කාලීන කරලා නම් හොඳයි.