(ගම්පහ තිලකරත්න දිසානායක)
ගම්පහ, මිරිස්වත්ත ප්‍රදේශයේ තාවකාලික නවාතැන් පොලක සිටි සිවු දෙනකුට කොරෝනා වයිරසය ආසාදනය වී ඇති බවට තහවුරුවීමත් සමග එම සිවු දෙනා නවාතැන් පොලෙන් එළියට දැමීමේ පුවතක් ගම්පහ ප්‍රදේශයෙන් වාර්තා වෙයි.
මහපාරට වැටුණු එම සිවු දෙනාගෙන් දෙදෙනකු යාමට තැනක් නොමැතිව ඔවුන්ගේ වාහන දෙකකට නැගී ගම්පහ තානායම අසලට ගොස් රැඳී සිටීයදී ගම්පහ පුරපති එරංග සේනානායක මහතාට දැනගන්නට ලැබීමෙන් අනතුරුව මහජන සෞඛ්‍ය පරීක්ෂක සුසන්ත බණ්ඩාර මහතාගේ මැදිහත්වීමෙන් දෙදෙනා ප්‍රතිකාර පිනිස රෝහල්ගත කිරීමට පියවර ගෙන ඇත.
ප්‍රධාන පෙළේ මූල්‍ය ආයතනයක සේවය කරන මෙම සිව් දෙනා ආසාදිතයින් වීම හේතුවෙන් නවැතැන් පොළෙන් එළියට දැමීම නිසා මෙලෙස යන එනමං නොමැතිවීම පිටව ගොස් ඇත.

COMMENTS
නව නීති ක්‍රියාත්මක වීමෙන් මහජන ආරක්ෂාව වැඩි වන බව ඉතා පැහැදිලිව පෙන්වන ලිපියක්.
තවත් අදහස් හා දත්ත සමඟ මෙම විශ්ලේෂණය යාවත්කාලීන කරලා නම් හොඳයි.