(සුජිත් හේවාජුලිගේ )
අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව සඳහා විමර්ශන නිලධාරීන් තවත් විසි දෙනකු බදවා ගත් බව එහි විමර්ශන අධ්‍යක්ෂ ජේෂ්ඨ පොලිස් අධිකාරි පද්මිණී වීරසූරිය මහත්මිය පැවසුවාය .
මෙසේ බඳවා ගෙන ඇත්තේ පොලිස් පරීක්ෂකවරුන් හා උප පොලිස් පරීක්ෂකවරුන් විසි දෙනෙකි .
කෙසේ වෙතත් විමර්ශන නිලධාරීන් තවත් විසි දෙනකුගේ පමණ හිඟයක් කොමිසමේ පවතින බවද ඇය කීවාය.
මේ අතර අල්ලස් කොමිසමේ විමර්ශන කටයුතු සඳහා අවශ්‍ය කෙරෙන තාක්ෂණික උපකරණ කිහිපයක් ලඟදී මිලදීගෙන ඇතැයි එම කොමිෂන් සභා ආරංචිමාර්ග සඳහන් කරයි .

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එතකොට විභාගයෙන් තෝරාගත් විමර්ශන නිලධාරීන් 200 දෙනාට මොකද වෙන්නේ?