ලක්ෂ තුන හමාරක රන් මාලය ගිල දමයි කාන්තාවකගේ ගෙල බැඳ තිබූ රුපියල් ලක්ෂ තුන හමාරක් පමණ වටිනා රන්මාලය කඩා ගෙන දිවගිය පුද්ගලයෙක් පොලිසියට අසුවූ අවස්ථාවේදී එම රන් මාලය ගිලදමා තිබේ. 08 August 2020
සෂිකලාගේ ආධාරකරුවන්ගේ සත්‍යග්‍රහයක් යාපනය තෙන්මරච්චි ප්‍රාදේශිය ලේකම් කාර්යාලය ඉදිරිපිට ඇති හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රිවරයෙකු වන නඩරාජා රවිරාජ් මහතාගේ පිළිරුව ඉදිරිපිට පිරිසක් අද (08) සත්‍යග්‍රහයක නිරත විය. 08 August 2020
අභිෂේක් බච්චන් කොරෝනාවෙන් සුවය ලබයි කොරෝනා වයිරසය අසාදනය වීම නිසා දින 20 කට වැඩි කාලයක් රෝහල් ගතවී සිටි බොලිවුඩ් නළු අභිෂේක් බච්චන් මුහුණ දුන් අවසන් පී.සී.ආර්. පරීක්ෂණයෙන් සමත් වී තිබේ. එහි ප්‍රතිඵල අනුව අභිෂේක් කොරෝනා රෝගී තත්වයෙන් සුවය ලබා සිටී. 08 August 2020
මම එළියට ආවේ කොහොමද කියලාවත් මම දන්නේ නෑ... ඉන්දියන් එක්ස්ප්‍රස් ගුවන් යානයේ සිටි මගියකු වූ 34 හැවිරිදි රංජිත් පැනන්ගාඩ් යානය ගොඩබානා අවස්ථාවේදී තමන් මුහුණදුන් අත්දැකීම් සිහිපත් කළ ආකාරයට එක අවස්ථාවකදී සියල්ල හිස්ව ගියේය. රෝහල්ගතව සිටි ඔහු ඒ.එෆ්.පී පුවත් සේවයට තමන් මුහුණ දුන් අත්දැකීම විස්තර කළේ මෙලෙසිනි. 08 August 2020
කේරළයේ ගුවන් යානයක් කඩාවැටී 18 ක් මරුට දරුණු වැසි සහ සුළං හේතුවෙන් දකුණු ඉන්දියාවේ ගුවන්තොටුපළකදී යානයක් කඩා වැටීමෙන් අවම වශයෙන් පුද්ගලයින් 18 දෙනෙකු මිය ගොස් තිබේ. මෙම ගුවන් යානයේ මගීන් 190 ක් පමණ දෙනා ගමන් කර ඇති අතර මියගිය අය අතර ගුවන් යානයේ නියමුවාද වෙයි. 08 August 2020
කොරෝනා රෝගීන් සංඛ්‍යාව 252 ට බහී කොරෝනා වයිරසය ආසාදනය වී සුවය ලැබු පුද්ගලයින් 12 දෙනකු අද (8) පිටව ගිය බව වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කරයි. ඒ අනුව පසුගිය දින 12 ක කාලයේදී කොරෝනා ආසාදිත රෝගීන් 421 දෙනෙක් සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් තිබේ. 08 August 2020
මුහුදු වැලි පිරීයාමෙන් ගමනාගමනයට බාධා ගාල්ල කොළඹ ප්‍රධාන මාර්ගයේ කහව, තෙල්වත්ත අතර මුහුදු රළ ගොඩබිමට ගලා ඒමත් සමග අද (08) පෙරවරුවේ මාර්ගය මුහුදු වැලිවලින් පිරීයාම නිසා ගමනා ගමනයට බාධා පැමිණ තිබිණි. 08 August 2020
ඉන්දියාවෙන් කොරෝනා වයිරස ආසාදිතයන් 62,000ක් අසල්වැසි ඉන්දියාවෙන් අද (7) පස්වරුවෙන් වාර්තා වූ නව කොරෝනා වයිරස ආසාදිතයන්ගේ ගණන 62,000 ඉක්මවා ගියේය. 07 August 2020
අගමැති මහින්දට රාජ්‍ය නායකයන්ගෙන් සුබපැතුම් පාර්ලිමේන්තු මහ මැතිවරණයෙන් විශිෂ්ට ජයක් ලැබූ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ප්රමුඛ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට රාජ්‍ය නායකයෝ කිහිපදෙනෙක්ම අද (7) සුබපැතුම් එක් කළහ. 07 August 2020
පොහොට්ටුවේ ජාතික ලැයිස්තු මන්ත්‍රීවරුන්ගේ නම් මැතිවරණ කොමිසමට මෙවර පාර්ලිමේන්තු මැතිවරණයෙන් ලැබුණු ප්‍රතිඵලය අනුව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට ජාතික ලැයිස්තු මන්ත්‍රීධූර 17ක් හිමිව ඇති අතර එම මන්ත්‍රීධූර සඳහා පත්කරන අපේක්ෂකයන්ගේ නාම ලේඛනය එම පක්ෂය විසින් මැතිවරණ කොමිසන් සභාව වෙත භාර දී ඇත. 07 August 2020
ශානි අබේසේකර තවදුරටත් රිමාන්ඩ් හිටපු නියෝජ්‍ය පොලිස්පති වාස් ගුණවර්ධනට එරෙහිව අසත්‍ය සාක්ෂි නිර්මාණය කර අධිකරණය නොමග හැරීම ඇතුළු තවත් චෝදනා සම්බන්ධයෙන් අධිකරණ නියමයෙන් රක්ෂිත බන්ධනාගාර ගතකර සිටින අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂක ශානි අබේසේකර සහ උප පොලිස් පරීක්ෂකවරයාව ලබන 20 වෙනිදා දක්වා තවදුරටත් බන්ධනාගාර ගතකරන ලෙස ගම්පහ මහේස්ත්‍රාත් මංජුල කරුණාරත්න මහතා අද (07)නියම කළේය. 07 August 2020
ලෙබනන ශ්‍රී ලංකා තානාපති කාර්යාලය දිනපතා විවෘතයි ලෙබනනයේ බීරූට් හි පිපිරීම්වලින් එහි පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලයට සහ නිලධාරීන්ගේ නිල නිවාසවලට සිදුව ඇති හානි ප්‍රතිසංස්කරණය කරමින් පැවතියද, පිපිරුමෙන් පීඩාවට පත් ලාංකිකයින්ට සහන සැලසීම සඳහා, තානාපති කාර්යාලය දිනපතා විවෘතව පවතින බව ලෙබනනයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය කියා සිටී. 07 August 2020
එජාප සාමාජිකයෝ සදුදා රැස්වෙති එක්සත් ජාතික පක්ෂය නැවත ප්රතිසංවිධායනය හා ප්‍රතිව්‍යුහගත කිරිම සම්බන්ධයෙන් සාකච්ඡා කිරිමට සඳුදා (10) රැස්වන බව එක්සත් ජාතික පක්ෂ ජ්‍යෙෂ්ඨ සාමාජිකයෝ පවසති. 07 August 2020
කුරුණෑගල නගරාධිපති ඇතුළු 5කට වරෙන්තු කුරුණෑගල රාජධානියේ ඉපැරැණි රාජසභා මණ්ඩපය බව කියන ගොඩනැගිල්ලට හානි කිරීමේ චෝදනාව සම්බන්ධයෙන් කුරුණෑගල නගරාධිපතිවරයා ඇතුළු පස්දෙනෙකු අත්අඩංගුවට ගැනීම සඳහා කුරුණෑගල ප්‍රධාන මහේස්ත්‍රාත් සම්පත් හේවාවසම් මහතා අද (07) පස්වරුවේ වරෙන්තු නිකුත් කළේය. 07 August 2020
ඉහළ කොත්මලේ ජලාශයේ වාන් දොරටු තුනක් අරී මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවල පිහිටි ජල පෝෂක ප්‍රදේශවලට තවදුරටත් ඇදහැලෙන අධික වර්ෂාව හේතුවෙන් ඉහළ කොත්මලේ ජලාශයේ වාන් දොරටු තුනක් විවෘත කර ඇත. 07 August 2020
වැලිකඩ බන්ධනාගාර තාප්පයට උඩින් දැල් වැටක් වැලිකඩ බන්ධනාගාරයේ කාන්තා අංශයට යාබද, ආරක්ෂක තාප්පයෙන් වරින්වර මත්කුඩු, ජංගම දුරකථන ඇතුළු තහනම් භාණ්ඩ දැමීම වැළැක්වීම සඳහා ඊට උඩින් දැල් වැටක් ඉදිකිරිමට බන්ධනාගාර මුලස්ථානය තීරණය කර ඇත. 07 August 2020
සුවය ලැබූ 23ක් පිටව යති කොරෝනා වයිරසය ආසාදනය වීම හේතුවෙන් රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටි 23දෙනෙකු සුවය ලබා අද(07) පිටව ගිය බව වසංගත රෝග විද්‍යා අංශය පවසයි. 07 August 2020
කොළඹින් සරත් වීරසේකර මුල් තැනට මෙවර මහ මැතිවරණය සඳහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් තරග කළ සරත් වීරසේකර මහතා මනාප 328,092 ක් ලබාගනිමින් කොළඹ දිස්ත්‍රික්කයෙන් ප්‍රථම ස්ථානයට පත්විය. 07 August 2020
බදියුදීන්ගේ පෙත්සම විභාගයට නොගෙනම ඉවතට හිටපු ඇමැති රිෂාඞ් බදියුදීන් මහතා ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සම විභාගයට නොගෙනම ඉවත දැමීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද (7) තීන්දු කළේය. 07 August 2020
කොළඹ ඡන්ද මධ්‍යස්ථාන ඇතුළු පාසල් 97 ක් ජීවානුහරණයට පාර්ලිමේන්තු මැතිවරණ කටයුතු අවසන් වීමත් සමඟ කොළඹ ඡන්ද මධ්‍යස්ථාන 4 ඇතුළුව පාසල් 97 ක් හා ඡන්ද පොලවල් 293 ක් ජිවානුහරණය කිරිම අද (7) ආරම්භ කළ බව කොළඹ ප්‍රධාන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී වෛද්‍ය රුවන් විජයමුනි මහතා අද (7) පැවසීය. 07 August 2020
හිටපු මන්ත්‍රීවරු 70කට වඩා ඡන්දෙන් පරාදයි මෙවර පාර්ලිමේන්තු මැතිවරණයේ මනාප ප්‍රතිඵල අනුව පසුගිය පාර්ලිමේන්තුව නියෝජනය කළ මන්ත්‍රීවරුන් සහ මන්ත්‍රීවරියන් 70කට අධික පිරිසක් පරාජයට පත්ව තිබේ. ඒ අතරින් බහුතරය එක්සත් ජාතික පක්ෂය නියෝජනය කළ අය වේ. 07 August 2020
උතුරේ හිටපු ප්‍රබලයෝ 6 ක් හැලෙති මෙවර පාර්ලිමේන්තු මහ මැතිවරණයේ දී ගියවර පාර්ලිමේන්තුව නියෝජනය කළ වන්නි හා යාපනය මැතිවරණ දිස්ත්‍රික්වල මන්ත්‍රීවරුන් හා මන්ත්‍රීවරියන් රැසකට පාර්ලිමේන්තුව නියෝජනය කිරීමේ අවස්ථාව ගිලිහී ගොස් තිබේ. 07 August 2020
මහනුවරින් වැඩිම මනාප දිලුම්ට මහමැතිවරණය සඳහා මහනුවර දිස්ත්‍රික්කයෙන් මනාප 1,71,758 ක් ලබාගනිමින් ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණින් තරග කළ දිලුම් අමුණුගම මහතා පළමු තැනට තේරී පත්වී සිටී. 07 August 2020
මඩකලපුවේ වැඩිම මනාප සිවනේසතුරෙයි චන්ද්‍රකාන්තන්ට මෙවර මහ මැතිවරණය සඳහා තමිල් මක්කල් විඩුතලයි පුලිකල් පක්ෂයෙන් තරග කළ සිවනේසතුරෙයි චන්ද්‍රකාන්තන් මහතා මනාප 54,198ක් ලබාගනිමින් මඩකලපුව දිස්ත්‍රික්කයෙන් ප්‍රථම ස්ථානයට පත්ව තිබේ. 07 August 2020
යාපනයේ වැඩිම මනාප අංගජන් රාමනාදන්ට මෙවර මහ මැතිවරණය සඳහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් තරග කළ අංගජන් රාමනාදන් මහතා මනාප 36,365ක් ලබාගනිමින් යාපනය දිස්ත්‍රික්කයෙන් ප්‍රථම ස්ථානයට පත්ව තිබේ. 07 August 2020
ජනතා තීන්දුවට ගරු කරමු මෙරට නව වැනි පාර්ලිමේන්තුව සඳහා සභිකයන් තෝරා ගැනීමේ මහ මැතිවරණයේ ප්‍රතිඵල තවමත් නිකුත් වෙමින් තිබේ. ඉදිරි පස් වසර රට පාලනය කිරීමට සුදුස්සන් කවුරුන්දැයි සාහිතශය බහුතරයක් ජනයා තීන්දු කළ කඳවුර ජයග්‍රහකයා බවට පත්වනු ඇත. ඒ ජයග්‍රාහී කඳවුරට අපගේ ශුභාශිංෂණ පළමුව පිරිනමමු. 07 August 2020
නාලක ගොඩහේවා ගම්පහින් මුල් තැනට මෙවර මහ මැතිවරණය සඳහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් තරග කළ නාලක ගොඩහේවා මහතා මනාප 325,479 ක් ලබාගනිමින් ගම්පහ දිස්ත්‍රික්කයේ මුල් තැනට පත් විය. 07 August 2020
යාපනයේ පක්ෂ ආධාරකරුවෝ ගුටිබැට හුවමාරුවක යාපනය මැතිවරණ කොට්ඨාසයේ අපේක්ෂකයින්ගේ මනාප ප්‍රතිඵල නිකුත් කරන අවස්ථාවේ යාපනය දිස්ත්‍රික් ලේකම් කාර්යාලය තුළ අද (7) අලුයම පක්ෂ ආධාරකරුවන් දෙපිරිසක් අතර උණුසුම් තත්වයක් හට ගැණිනි. 07 August 2020
වන්නියේ වැඩිම මනාප බදියුදීන්ට පාර්ලිමේන්තු මහමැතිවරණයේදී සමගි ජනබලවේගයෙන් තරඟ කළ රිෂාඩ් බදියුදීන් මහතා මනාප 28,203ක් ලබාගනිමින් වන්නි දිස්ත්‍රික්කයෙන් මුල් තැනට තේරී පත්විය. 07 August 2020
මෙවර පාර්ලිමේන්තුවට පිය පුතු යුවළ තුනක් මෙවර මහ මැතිවරණයේ දී පිය පුතු යුවළ තුනක් පාර්ලිමේන්තුවට තේරී පත්ව තිබේ. 07 August 2020
නිලාවේලි මුහුදේ නාද්දී ගසාන ගිය හතක් බේරා ගැනෙති ත්‍රිකුණාමලයේ සංචාරයකට පැමිණි වන්දනා නඩයක පිරිසක් අද පස්වරුවේ නිලාවේලි මුහුදේ දිය නාද්දී දිය වැලකට අසුව ගසා හත් දෙනකුගේ දිවි බේරා ගැනීමට එහි රාජකාරියේ නියුතු පොලිස් ජීවිතාරක්ෂක ඒකකයේ හ.. 04 February 2026